තිදරු පියෙකගේ මළ සිරුර වැවක පාවෙයි….

July 18, 2018 at 5:30 pm | lanka C news
තිදරු පියෙකගේ මළ සිරුර වැවක පාවෙයි….

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් කල්මඩු වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් අද (18) උදෑසන තිබී හමු වූ බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියේය.

යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ සිට ඊයේ (18) කල්මුඩු වැවේ මසුන් ඇල්ලීමට පැමිණි 63 හැවිරිදි සුන්දරම් පුලේන්ද්‍රන් නැමත්තා නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඥාතීන් විසින් යාපනය පොලීසියට හා කිලිනොච්චිය පොලීසිය වෙතට දැනුම් ධී ඇති අතර පසුව අද උදෑසන කල්මඩු වැවට පැමිණි ප්‍රදේශවාසියෙකු විසින් මළ සිරුරක් වැවේ පාවෙනු දැක ඒ බව ධර්මපුරම් පොලීසයට දැනුම් දී ඇත.

ධර්මපුරම් පොලීසිය අදාල ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන පරික්ෂා කිරීමේදී අනාවරනය වී ඇත්තේ ඊයේ දින අතුරුදහන් වූ සුන්දරම් පුලේනද්‍රන් නැමත්තා බවටයි.

මිය පුද්ගලයා තිදරු පියෙකු වන අතරම මිය යාමට හේතුව නිශ්චිතවම අනාවරණය වී නොමැති බවට පිරික්ෂණ සිදු කරන ධර්මපුරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,908 Viewers

One Comment to “තිදරු පියෙකගේ මළ සිරුර වැවක පාවෙයි….”

  1. KP says:

    විජය අකලා: දැක්කද පුලි හිටයනං ඔහොම වෙන්නේ නෑ නේ!

Main News