තිස්දාහේ අක්‍ෂි කාච අටදාහට.. ඇමති නියමයෙන් ගැසට් පත‍්‍රය මුද්‍රණයට..

February 14, 2017 at 2:14 am | lanka C news
තිස්දාහේ අක්‍ෂි කාච අටදාහට.. ඇමති නියමයෙන් ගැසට් පත‍්‍රය මුද්‍රණයට..

ලබන සතියේ සිට අක්ෂි කාච මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඊට අදාල ගැසට් නිවෙිදනය සකස් කර මුද්‍රණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

රුපියල් 30,000 කට පමණ දැනට අලෙවි වන අක්ෂි කාචයක් මිල නියාමනය කිරීමෙන් පසු රුපියල් 8,000 කට මිලදි ගැනීමට රෝගීන්ට අවස්ථාව උදාවනු ඇති.

“හම්බන්තොට දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නව පරිපාලන ගොඩනැගිල්ලේ දී පැවැත්විනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
අක්ෂි කාච මිල නියාමනය කිරීමෙන් ආනයනික සමාගම් වලට අසාධාරණයක් සිදුවන්නේ නැහැ. ඖෂධ මිල තවත් පාලනය කරනවා. පෞද්ගලික රෝහල්, නර්සිං හෝම්, රසායනාගාර සේවා ගාස්තු ද මිල ඉදිරියේ දී නියාමනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. බෝනොවන රෝග පාලනය කිරීම සදහා සීනි, ලුණු, මෙිදය සහිත ආහාරවලට වැඩි බදු පැනවීමෙි ක්‍රමයක් සාකචිඡා කර තිඛෙනවා. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දුන්නා. ඉන් පසු එම පැණිබ්ම භාවිත කරන තරුණ පරම්පරාව ඉතාම අවදියෙන් කටයුතු කරනවා. ඊට එරෙහිව බහුජාතික සමාගම් බලපෑම් එල්ල කළා. බොනොවන රෝග ගෝලීය ප්‍රශ්ණයක්. පරිවර්ථනයන් සිදු කිරීමෙි දී අර්බුද ඇති වෙනවා. ප්‍රශ්ණ ඇති වෙනවා. දෝෂාරෝපණ එල්ල වෙනවා. ඒවාට මම බියවන්නේ නැහැ.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

1,828 Viewers

One Comment to “තිස්දාහේ අක්‍ෂි කාච අටදාහට.. ඇමති නියමයෙන් ගැසට් පත‍්‍රය මුද්‍රණයට..”

  1. ගොවිපුතා says:

    අපේ දේශපාලක තුමාලා අපිට හිත ඇති දෙයක් කවදාවක් වත් නොකරපු නිසා අහන්නේ ..
    ඔය අක්ෂි කාච කොහේ හදන ඒවාද, ? ප්‍රමිතියට තියෙනවද ?කවුද ප්‍රමිතිය බලන්නේ ? ආනයනය නොකර ලංකාවේ ඕවා හදන්න බැරිද ? ආනයනය කරන සමාගම් 30,000 දෙන්න පුළුවන් දේ 8000 ට ලංකාවේ ආණ්ඩුවට දෙන්නේ අපිට ආදරේටද? නැත්තන් මේ සමාගම් වලට සහනාදාර දෙනවද ?කව්රු හරි අතර මැද සන්තෝසම් ගන්නවද ?

Main News