තිස් හත් කෝටියක මත්ද්‍ර්‍ය අත්අඩංගුවට..

January 5, 2018 at 12:40 pm | lanka C news
තිස් හත් කෝටියක මත්ද්‍ර්‍ය අත්අඩංගුවට..

අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රවය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

“2017 ජනවාරි 01 වැනිදා ඉඳන් 2017 දෙසැම්බර් 27 දක්වා කාලය තුළ රුපියල් තිස්හත් කෝටි පනස්පන් ලක්ෂ හයදහස් අටසිය හැට හතරයි ශත තිස්හතක් ( 375,506,864,37 ) වටිනා හෙරොයින් ,නීතිවිරෝධී දුම්වැටි, මත්පැන්, ගංජා කියන මත්ද්‍රව්‍යය පොලීස් විශේෂ කාර්ය බලකායත් මත්ද්‍රව්‍යය සහ බරපතල අපරාධ මර්ධන දිසාවත් පමණක් අත්අඩංගුවට අරන් තියෙනවා.

ඒ අත්අඩංගුවට ගත්තු හෙරොයින්වල වටිනාකම රුපියල් දහතුන් කෝටි හැට එක් ලක්ෂ දහ නව දහස් දෛසිය පනහක් (136,119,250.00) වෙනවා.රුපියල් තුන් කෝටි පනස්තුන් ලක්ෂ තිස්දහස් අටසියක් (35,330,800.00) වටිනා නීතිවිරෝධී දුම්වැටි, රුපියල් නව කෝටි දහනව ලක්ෂ නවදහස් හත්සිය තිස් දෙකයි ශත හැට පහක් (90,199,732.65 ) වටිනා මත්පැන් වගේම රුපියල් එකොලොස්කෝටි තිස් අට ලක්ෂ පනස්හත් දහස් අසූ එකයි ශත හැත්තෑ දෙකක් (113,857,081.72 ) වටිනා ගංජා අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.

කෙසේ වෙතත් අපි මේ වසරේ දී වැටලීම් තවත් වැඩි කරලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරලා දැමීමේ කටයුතු තවත් ඉක්මන් කරන්න කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා කීය.

– දිලංක ගුණතිලක

4,164 Viewers

5 Comments to “තිස් හත් කෝටියක මත්ද්‍ර්‍ය අත්අඩංගුවට..”

  1. Karu says:

    ආන් එහෙම කරන්න.
    ඒකයි රස්සාව. ඒකටයි අපි පඩි දෙන්නෙ. කන්න දෙන්නෙ. පවුල නඩත්තු කරන්නෙ. වාහන දෙන්නෙ. අපි හිතා හිටියේ ඔබ (…?) මහත්මයෙක් කියල. කටට බ්‍රේක් දමාගෙන මහින්ද කවුද කියල හිතාගෙන කතා කරන්න.
    වනචර නපුංසකයෙක් විදිහට කතා කරන්න එපා. ලස්සණ නෑ.කැතයි.
    එස්.බී.ල. රාජිතල ගානට වැටෙන්න එපා.

    • ජනක says:

      අනිවාර්යෙන්ම ඔහු මහත්මයෙක් හැටියට හිටිය අපි මහින්දට චන්දය දුන්නු අය පවා සිරිසේනගේ තක්කඩි නුගතුන්ට වඩා ඔහුට මනාප උනා නමුත් හිටි හැටියේම ඔහුත් අර හැරිසන් වගේ කියවන්න ගත්ත .ඔබ ඔබේ උගත්කමට ඔබේ වැදගත් සමාජ පසුබිමට අනුව කටයුතු කරන්න ජන්මනම කුණු දේශපාලකයන්ගේ ගොඩට නොවැටෙන්න

    • aniwa says:

      aniwa macho, when our king MR appachchi was in power we never heard of kudu. please bring him back, we love you sir.

  2. "චතුර" says:

    අනේ එපා මත්කුඩු නම් වනසන්න
    බෙහෙතක් හැටියටම අපට දෙන්න
    රාජිතගෙ සේවයට අනෙ හිත දෙන්න
    දීල මත්කුඩ්ඩං චන්දෙනුත් දිනා ගන්න

  3. lion says:

    විශාලම මත්ද්‍රවය ගෙන්වනු ලැබුවේ මේ යමපාලන රජය සමයේ

Main News