යහපාලන තුන්වෙනි සංවත්සරයේ කෙස් කෙලින් වෙන කතාව මෙන්න..

January 8, 2018 at 2:10 pm | lanka C news
යහපාලන තුන්වෙනි සංවත්සරයේ කෙස් කෙලින් වෙන කතාව මෙන්න..

2018 ජනවාරි 9 වෙනිදා, ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් ලංකාවේ සෑම ක්‍ෂේත්‍රයක් පුරාම දිවයන දැවැන්ත අර්බුද ගණනාවක්ම නිර්මාණය කර ඇත. මේ මොහොතේ සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකාව වන්නේ මහ බැංකු මංකොල්ලය හා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළි දක්වන තුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටට කර ඇති තවත්  භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මේ ආණ්ඩුව බලය හොබවා ඇති මාස 36 ක කෙටි කාලය  ඇතුළත ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය, ගත වූ අවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 7.2 ක මුදල,  2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ් වලින් ලබාගත්  ඇ.ඩො.බිලියන 3.6 ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 1.7 ක සින්ඩිකේටඩ් ලෝන් මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො.බිලියන 2.2 ක කරන්සි ස්වප් ණය, හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016 දී ලබාගත් ඇ.ඩො.බිලියන 1.5 ක ණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක. මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමය ණය ප්‍රමාණයක් ලබාගෙන නැත.

ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් වැනි මුදල් කණ්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්‍ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදි කිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත. මා ඉහත සඳහන් කලේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් ණය බිලියන 5,706 ක්ද  ලබාගෙන ඇත.

මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව  මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තන වැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්, ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.

යහපාලකයන් බලයට පැමිණියේ, මගේ ආණ්ඩුව විසින් ඉඳි කරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද ණය නිසා රටේ ණය අර්බුදයක් පවතින බව කියමිනි. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුලු මුදල වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණයද සඳහා – ඇ.ඩො. මිලියන 1,300; කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 292; හා මත්තල ගුවන් තොටුපොල සඳහා – ඇ.ඩො මිලියන 209 වශයෙනි.

ඉහත සඳහන් සියලුම මහාපරිමාන ව්‍යාපෘති සදහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900 කටත් අඩුය. මගේ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6 න්, මම ඉහත නම් කරන ලද සියලුම ව්‍යාපෘති සඳහා ගිය මුලු වියදම සිවු වතාවක් ගෙවා නිම කල හැක. යහපාලන ආණ්ඩුව ගන්නා ණය වලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරියේ සිට, රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පාවිච්චි කිරීම නිසා  කිසිඳු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩිවිය. මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වානිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.

විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුලු වෙනසකින්වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහබැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478 ක් එකතු  වී ඇත. බැඳුම්කර මඟඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොළී අනුපාතය 50% කින් පමණ වැඩිවීම නිසාද ආණ්ඩුවේ ණයබර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව විදෙස්  ණය ලබා ගත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මුදල් අමාත්‍යංශයේ වාර්ථා වලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.

  • 2008 – ඇ.ඩො. මිලියන  881
  • 2009 – ඇ.ඩො. මිලියන 1,041
  • 2010 – ඇ.ඩො. මිලියන 826
  • 2011 – ඇ.ඩො. මිලියන 971
  • 2012 – ඇ.ඩො. මිලියන 1,620
  • 2013 – ඇ.ඩො. මිලියන 1,160
  • 2014 – ඇ.ඩො. මිලියන 1,306

මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිඳු ප්‍රශ්ණයක් මගේ ආණ්ඩුවට තිබුණේ නැත. වර්ථමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි. 2015 සිට ඉදිරියට අපට ගෙවීමට සිදුවන විදෙස් ණය හා පොළිය පහත දැක්වෙන ආකාරයට වෙයි.

  • 2015 –  ඇ.ඩො. මිලියන 1,828
  • 2016 – ඇ.ඩො.මිලියන 1,604
  • 2017 –  ඇ.ඩො.මිලියන 2,132
  • 2018 –  ඇ.ඩො.මිලියන 2,891
  • 2019 –  ඇ.ඩො.මිලියන 4,217
  • 2020 –  ඇ.ඩො.මිලියන 3,699
  • 2021 –  ඇ.ඩො.මිලියන 3,344
  • 2022 –  ඇ.ඩො.මිලියන 3,743
  • 2023 –  ඇ.ඩො.මිලියන 2,120
  • 2024 –  ඇ.ඩො.මිලියන 2,067
  • 2025 – ඇ.ඩො.මිලියන 4,155
  • 2026 – ඇ.ඩො.මිලියන 2,758
  • 2027 – ඇ.ඩො.මිලියන 3,448

ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්වයත් ඊට පසුව ඇති වූ තත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩිවන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටි කාලීන විදෙස් විනිමය වානිජ ණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.

2015 දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි. මහ බැංකුවේ නිල වාර්තා වලින් පෙන්වා දෙන පිරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම් වලින්ද 2010 – 2014 යන කාලපරිච්ඡේදය ඇතුලත වසරකට ඩොලර් මිලියන 350 ක් වත් මගේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව  තිබියදී බවත් මතක තබා ගත යුතුය.

නමුත් 2015 වසරේදී කිසිඳු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9 කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016 දී 6 වතාවකදීද 2017 දී සිව් වතාවකදී ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත.   තත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද වත්මන් ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 5,000 ක විදෙස් විනිමය වානිජ ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන  ඇත. පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව  ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු, වාහන බදු, භාණ්ඩ ආනයන බදු, දඩ මුදල්, රජයේ මුද්දර ගාස්තු යනාදිය වැඩි කර තිබෙන අතර, 2018 අප්‍රේල් මාසයේ සිට, මුලු ජනගහනයම ආදායම් බදු දැළ තුළට ගැනීමටද සැලසුම් කර ඇත.

රටේ ජනතාව මත බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘති වල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුලු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාල ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමු කර තිබීමෙන් ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායි පොළියට දිගුකාලීන ණය නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදු හදිස්සියක් නැත.

නමුත් වත්මන් ආණ්ඩුව ගිනි පොළියට ගත් කෙටි කාලීන වානිජ  ණය ජනතා දේපොල විකුණා ලබාගන්නා මුදල් වලින් හෝ ගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළඳපොලේ දොර වැසී යාමයි.   අන්ත දූෂිත, වැඩබැරි ආණ්ඩුව රටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

32,415 Viewers

14 Comments to “යහපාලන තුන්වෙනි සංවත්සරයේ කෙස් කෙලින් වෙන කතාව මෙන්න..”

  1. Dev says:

    Ko naya aran karapuwa

    me horu elawanne nadda.

  2. Jonaa'S Brother says:

    යමුද? වඳයෝ නැවතත් තිරුපති යැද්දේ
    එනපොට දරුණුවී අහසේ හෙණ ශබ්දේ
    නාමය කුජීතයි , ඇරඹී “බොන්ඩ්” යුද්දේ,
    සැත්කම ලඟයි! වඳයා හට මළ බද්දේ .

  3. NARAYANA says:

    Well said Sir, Mr. Been has inform at one of the meeting held at Temple Trees that he is not worried about future generation getting in to debt trap as raised what ever money can get from foreign countries for consumption purpose as that is the place where he and his robber gang get money out. He further said within two years time rice and all main commodities must be imported and local production some how stopped which he did starting from Rice store at MATTALA airport. He said President and his gang are with full of fools and PALMODAYAS who can give little to robbed and do their job

  4. Sanidu Sooriarachchi says:

    ආණ්ඩුවේ කළමනාකරණ වැරදි වහ ගන්නයි හැම වෙලාවේම අනුන්ට දොස් කියන්නේ. ගමේ ඉන්න පහලම අධ්‍යාපන මට්ටමේ කෙනාටත් තේරෙන විදියට මේ කරුණු ටික පෙළගැස්විය යුතුයි. රටේ අනෙක් අංශවල කඩා වැටීමත් පැහැදිලිව කිව යුතුයි.

  5. Notthischange says:

    Thama unP haththa hondai kiyana bath balayo innawane…

  6. Saradiel says:

    අපේ රටේ දශක තුනක යුද්ධයක් තිබුණා. අපේ ජනතාව දැඩි පීඩාවට ලක්වුණා. ඔවුන් ජීවත්වුණේ බයෙන් සහ සැකෙන්. උදේට ගෙදරින් එළියට යන අම්මා, තාත්තා, දුව, පුතා, ආපහු ගෙදර එනකං විශ්වාසයක් තිබුනෙ නෑ . මේ තත්වය නැතිකලේ අපේ රණවිරුවෝ. සේනාධි නායකයා විදියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය ඊට නායකත්වය දුන්නා. මේ ආණ්ඩුව බොරුවෙන් සහ පෝ‍්‍රඩාවෙන් ඒ ඇත්ත වහන්න හදනවා. කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් වෙනකොට රණවිරුවන් සිරගත කරනවා. බොරු චෝදනා දාලා යුද්ධයට නායකත්වය දුන්නු අයව හිර කරන්න හදනවා. මේ සියල්ල කරන්නේ ජනවාරි 08 වෙනිදාට කලින් බලයට පත්වීම සදහා මේ ආණ්ඩුව කොටි හිතවාදීන් සමග ඇතිකර ගත්ත එකගත්වය අනුවයි. අද අපේ රටේ තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුක් නෙමේ. පරගැති රූකඩ ආණ්ඩුවක්. බටහිරට කඬේ යන දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවල් ඉෂ්ඨ කරන රූකඩ ආණ්ඩුවක්. මේ රූකඩ ආණ්ඩුව තව දුරටත් තිබුනොත් අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක් නැතුව යනවා.

  7. Mamath UNP says:

    Well said sir, my hats off, Your Excellencyl sir!

  8. BARCARDI says:

    ALosius is just one robber of UNP. There are many many other ‘ALOSIUS’

  9. Sanda says:

    moo dementic,ganangannadeyak ne

  10. kadiya says:

    මේ කාලකන්නි යහපලකයෝ රට ගෙවාගන්න බැරි නය උගුලක හිරකරන්නේ මේ රට ආර්ථික වශයෙන් බිඳදැමීමටයි. එවිට බටහිර ඊළාම්වාදීන්ට ඕනෑ විධියට ශ්‍රී ලංකාව පාලනය කල හැකියි. මහින්ද මැතිතුමාගේ රජය පෙරලීමට බටහිරට, ඉන්දියාවට, බෙදුම් වාදීන්ට හදිසි උනේ අපේ රට වේගයෙන් දියුණු උන නිසයි. ඒ නිසයි රටට උසුලාගත නොහැකි පරිදි වැටුප් වැඩිකළේ. එය වසරකට USD මිලියන් 1200 කට වැඩියි. මහා බැංකු වන්චාවෙන් රුපියල කඩා වට්ටලා පොලී අනුපාත වැඩිකරලා රටේ මුල්‍ය වෙළඳපොළ විනාශ කලෙත් මේ රට ආර්ථික වශයෙන් බිඳදැමීමටයි. මේ විදිහට රට මුල්‍ය අගාධයකට යනකොට රුපියල් 10,000.00 වැටුප් වැඩිඋන රාජ්‍ය සේවකයන්ටත් කිසිම පලක් නැහැ. අපේ රට විනාශයට යන එක බලා සතුටුවෙන්න පුළුවන් රනිල් වගේ අනාගතයක් නැති නපුන්සකයන්ට විතරමයි.

  11. Karu says:

    ප්‍රශ්නය අගමැතිගෙයි ජනාධිපතිගෙයි කලිසම් වල (ඉන්නවානම්) කක්ක දැම්මෙ රාජපක්ෂලා.
    මං කියන්නෙ බොරු නං අහන්න ප්‍රා-ජිතගෙන්.

  12. Nimali says:

    Menna me wage oppukarala pennanna puluwan nayakayo pathkaraganna ona. Hitanla hutanla langa mona warthada monawa kiyannada monawa penwannada?

Leave a Comment

Main News