තෙල්දෙණියේ කලහයට ලොහාන්-දිළුම් පටලා රහස් පොලීසිය බොරු සාක්‍ෂි හදයි..

March 8, 2018 at 12:04 am | lanka C news
තෙල්දෙණියේ කලහයට ලොහාන්-දිළුම් පටලා රහස් පොලීසිය බොරු සාක්‍ෂි හදයි..

‘මේ රටේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ යන මිථ්‍යාව සනාථ කර දෙන උපකරණ ජනතාවගේ වියදමින් සකසා දීම මේ ආණ්ඩුවේ කාර්යභාරය වී ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අපි අද සාකච්ඡාවට ගන්නා ‘බලහත්කකාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම්පත’ පිළිබඳ මගේ අදහස් දැක්වීමට පෙර මම කැමතියි මේ වන විට රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳව කරුණු කිහිප කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට උද්ගතව ඇති අවාසනාවන්ත තත්ත්වය පාලනය කිරීමට ප්‍රමාණවත් පියවර ගැනීමට මෙතෙක් මේ ආණ්ඩුව පොහොසත් වී ඇතැයි මා සිතන්නේ නැහැ. ආණ්ඩුවේ සිටින ඇතැම් කල්ලි උත්සාහ ගනිමින් සිටිනවා මේ තත්ත්වය අනෙක් ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට.

මුස්ලිම් ජනතාව පිළිබඳව පසුගිය කාලයේ සිංහල ජන සමාජය තුළ යම් තැතිගැන්මක් ඇති වී තිබුණා වෙන්න පුළුවන්. පසුගිය කාලයේ ඔවුන් අඳින පලඳින විදියද වෙනස් වෙනවා, අරාබි අනන්‍යතාව ගෙන එන්න හදනවා, අනෙකුත් ජන කොටස් කිපෙන සුළු ප්‍රකාශ සිදු කරනවා. ඒ නිසා සිංහල ජන සමාජය තුළ ආතතියක් හට ගැනීමට පුළුවන්. සිංහල දෙදරු පියකු මුස්ලිම් තරුණයන් දෙතුන් දෙනෙකු අතින් මිය යාම ඒ ආතතිය මුදා හැරීමට හේතු වෙන්න ඇති.

‘ජිනීවා කොන්ත්‍රාත්තුවේ කොටසක්’

මේ ආණ්ඩුව තමන් ආරක්ෂා කරන්නේ නැහැ කියන මතය සිංහල ජන සමාජය තුළ තිබෙනවා. එම මතයම මුස්ලිම් ජන සමාජය තුළත් ඇතිව තිබෙනවා. මේ ආණ්ඩුව මේ ජන සමාජයේ මතුව ඇති ප්‍රශ්න විසඳනවා වෙනුවට අද සිදු කරමින් සිටින්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියෙහි සඳහන්ව ඇති වගන්ති ක්‍රියාවට නැගීමයි. තමන්ගේ රටට විරුද්ධව වෙනත් රටක් විසින් යෝජනාවලියක් ගෙන ආවම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට තුළ එම යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟ වූ ලොව එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි.පනත් කටුම්පතක් ඒ ඉහත කී ජිනීවා කොන්ත්‍රාත්තුවට අනුව ගෙන එන ලද්දක්. අපි මේ සමස්ත සංදර්භය තේරුම්ගත යුතුයි.

‘ලොහාන් – දිලුම්’

දැන් බලන්න, මහනුවර මතුව ඇති ගිනි නිවනවා වෙනුවට මේ ආණ්ඩුව කරන දේශපාලන කුපාඩිකම. සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර දැන් මහනුවරට එවා තිබෙනවා, ‘මෙම සිදුවීම් වලට වගකිව යුත්තේ ලොහොන් රත්වත්තේ සහ දිලුම් අමුණුගම’ යනුවෙන් වාර්තාවක් සැකසීමට. ඒකත් තමන්ගේ දේශපාලනවිරුද්ධවාදියකු පිට පටවා ඇඟ බේරා ගැනීමටයි මේ ආණ්ඩුව සූදානම් වන්නේ. මේ කලබලකාරී තත්වය නිසා මේ පනත් කෙටුම්පතෙහි විසකුරු බව රට හමුවේ සංවාදයට භාජනය වූයේ නැහැ.

‘සී අයි ඩිය බොරු සාක්ෂි හදනවා’

මෙය පනත් කෙටුම්පත් ඕපපාතිකව එන එකක් නොවෙයි. මංගල සමරවීර එවකට විදේශ අමාත්‍යවරයා ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී එකඟ වූ ඇමරිකා එක්සත් ජනපදය යෝජනාවලිය අනුව සැකසූ රණවිරුවන් යුද අපරාධ දංගෙඩියට දැක්වීමේ න්‍යාය පත්‍රයේ එක් පියවරක් වශයෙන් මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන්නේ. දැන් බලන්න රණවිරුවන් දඩයම් කරන විදිය. අද සීඅයිඩිය රණවිරුවන්ට විරුද්ධව බොරු සාක්ෂි හදනවා. නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ.පී. දසනායක රණවිරුවාට ඇප ලැබුණේ, ඔහුට විරුද්ධව සාක්ෂි දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අධිකරණය හමුවේ සිදු කළ පාපෝච්රණයක් නිසයි. ‘මම සීඅයිඩියේ බලපෑමට ලබාදුන් සාක්‍ෂිය වැරදියි. ඇතතෙන්ම සිදු වුණේ මේකයි’ කියා ඒ පුද්ගලයා අධිකරණයටය හමුවේ පැවසූ නිසයි කොමදෝරු දසනායකට ඇප ලැබුණේ. ඒ වගේම අද සීඅයිඩිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව බොරු සාක්ෂි හදමින් සිටිනවා. අපි මේ පනත් කෙටුම්පතේ වගන්ති කියවා ගත් යුත්තේ මේ සමස්ත සන්දර්භය සමඟයි

දැන් බලන්න, රණවිරුවන්ට එරෙහිව බොරු සාක්ෂි හදන ෆැක්ටේරිය ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ නමින් පිහිටුවා තිබෙනවා. ඒකට වියදම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්. නමුත් ඒකට කොමසාරිස්වරුන් පත් කළේ මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ලැයිස්තුවකට අනුව. ඒ ලැයිස්තුව ව්‍යවස්ථා සභාවේ සිටින සිංහල බෞද්ධ, බෙදුම්වාදයට විරුද්ධ පාඨලී රණවක මහතා ඇතුළු පිරිස තම නිර්දේශ ලෙස ජනාධිපතිවරයාට යවනව. ඒ අනුව නිමල්කා ප්‍රනාන්දු ඇතුළු කොටි හිතවාදීන් පිරිසක් මේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස පත් වෙනවා. අවම වශයෙන් මෙයට මධ්‍යස්ථ පිරිසක් හෝ කළයුතුව තිබෙනවා. ඒ අනුව පෙනෙනවා ජිනිවා න්‍යාය පත්‍රයට අනුව සියල්ල තිතට දිගේලි වන ආකාරය.

දැන් අපේ රණවිරුවන් ‘පුද්ගලයන් අතුරුදහන් කළා’ කියා බොරු සාක්ෂි හදන කාර්යාලය අපේ බදු මුදලින් ආරම්භ කර අවසන්. දැන් ඉතිරි ටික කරගන්න මේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත් සම්මත කරගන්න හදනවා. මේ ආණ්ඩුව ඔලූව උඩ තියාගෙන ඉන්න ඇමරිකා එක්සත් ජනපදයවත් මේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කර නැහැ. ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කර ඇතත් එය නීතියක් ලෙස තම රට තුළ බලාත්මක කර නැහැ.

මේ සිදුවන්නේ වෙන කිසිවක් නොවෙයි, ‘මේ රටේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ කියන මිථ්‍යාව සනාථ කරන උපකරන ටික අපේ වියදමින් අපම සකස් කොට දිමී. මෙහෙම රූකඩ පාලනයක් නම් මෙතෙක් මේ රට තුළ බිහිව නැහැ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහත්තයාට අපි ගරු කරනවා. ඔහු සැබෑ මහත්මයෙකු ලෙස ‘මේ පණ ගතියට බලපාන්නේ නැහැ. කිසිවෙකු මේ පනත නිසා විශේෂ අධිකරණයක් හමුවට පමුණුවන්න බැහැ’ කියා කීවාට අපට පිළිගන්න බැහැ. එම සංශෝධන විධිමත් ලෙස ඉදිරිපත් කළ යුතුයි. අද මේ රට තුළ ක්‍රියාත්මකවන්නේ සිංගප්පූරුවේදී 2013 වසරේදි දෙමළ ඩයස්පෝරාවට එකඟ වූ ‘රාජපක්‍ෂ රේජීමය ගෙදර යැවීමේ කොන්දේසි 10යි’

ඒ අනුව තමයි ‘ෆෙඩරල් ක්‍රමයට එහා ගිය ස්වයං පාලනයක් ලැබෙන ව්‍යවස්ථා කෙටුම්පත’ හැදෙන්නේ. මහ බැංකුව වැඩිම ලංසුව ඉදිරිපත් කළ හිරු මාධ්‍ය ජාලයට නොදී දෙමළ ඩයස්පෝරාවට හිතවත් සමාගමකට ඊඒපී මාධ්‍ය ජාලය විකුණන්නේ, මේ රණවිරුවන් දඩයමට අදාළ උපකරණ ටික හැදෙන්නේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

41,777 Viewers

16 Comments to “තෙල්දෙණියේ කලහයට ලොහාන්-දිළුම් පටලා රහස් පොලීසිය බොරු සාක්‍ෂි හදයි..”

  1. Samarapala says:

    ආණ්ඩුව මෙම ගැටුම තුලින් බලාපොරොත්තු වන්නේ වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හා ආණ්ඩුවේ පැවැත්මට ඇති අභියෝග ජාතිවාදී ප්‍රශ්නයක් තුල යට ගැසීමටය. මෙම ගැටුමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුවේ ආණ්ඩුවේ පාලනය යටතේ ඇති පොලීසිය හා පචයාගේ පාලනය යටතේ ඇති බොදුබලය මගිනි. එදා JR මාමා කල දෙය අද බෑනා කිරීමට ගොස් හත් පොලේ ගාගෙන ඇත. මන්ද එතරම් ප්‍රබල JR ටත් පාලනය කරගත නොහැකි වූ දේ දියුණු සන්නිවේදනයක් පවතින වර්තමානයේ ඉතා දුර්වල දෙමුහුම් පාලනයකට කිසිසේත් පහසු නොවේ. පචයාගේ උපදෙස් පිට එක ගින්නකින් තව ගින්නක් මැඩපැවැත්වීමට යාමෙන් වන්නේ රටම ගිනි ගැනීමය. දැන් ආණ්ඩුවේ ප්‍රගති වාර්තාවට බැදුම්කරය, ජිවන බර, රණවිරු දඩයම, මැතිවරණ පරාජයන්, ආර්ථික බිදවැටීම් වලට අමතරව ජාතිවාදී ගැටුම්ද එකතුවී ඇත.

  2. sayumi says:

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි. මේක තමයි ඇත්ත කතාව. සිංහල මුස්ලිම් කලබල කියන වැලි අපේ ඇස් වලට ගහලා රණවිරුවන් පාවදෙන පනත ගෙනාවා. තව හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්න වෙයි මොකා එක්ක හරි එකතු වෙලා හොරා පැන්නුවෙ නැත්ත්නම්.

  3. Amal says:

    සමහර වෙලාවට මේක කරේ ලොහාන් කියලා පටලවයි. මිනිස්සු දන්නවා ලොහාන්ට මද්යම පළාතේ වැඩිම චන්ද තියෙන්නේ කියලා. ඉතින් බොරුවට ලොහාන් පසුගිය කාලේ හිටියේ නවලෝකේ නැවතිලා ගොඩක් ලෙඩවෙලා. හැබැයි ඔය කෙහෙළියලා මහින්දනන්දලට වගේ නෙමෙයි ලොහාන්ට නුවර තැනක් තියෙනවා. ලොහාන් හොරකම් කරලා නැහැ. සැහෙන්න මද්යම පලාතට වැඩකරලා තියෙනවා අනුරුද්ද රත්වත්ත වගේ. ලොහාන්ව අත්අඩංගුවට ගත්ත දවසට තමයි සිංහල මුස්ලිම් දෙමල මිනිස්සු ඔක්කොම පාරට බැහැලා ආණ්ඩුවට ගෙදර යන්න වෙන්නේ. ආණ්ඩුව කරගන්නෙම ගොන් තකතීරු වැඩ. මදැයි රනිලයා පොලිසිය භාර අමෙති වුනා විතරයි වෙච්ච වැඩේ. ඕක සාගල නම් පොලිස් කාරයන්ගේ දුක සැප හරි බැලුවා.

  4. Wijebahu says:

    Lohan is thug and quite possible involving in this kind of things. During chandrika regime he scared away people from voting and his gang killed many people. He should have been in the jail now.

    • MP says:

      Mr Wijebahu, If you have any evidences, why do’nt you go to the nearest police station and make your complain, rather than report in the social media.

      • Kepuwathkola says:

        Don’t talk about Wijebahu: he is a thick skinned pig. .

        He is the result of some genetic disorder!

      • Brown Noser says:

        Don’t comment on Wijebahu; he is a thick skinned, half witted spychologically distorted/injured person. .

    • sayumi says:

      මේ ඉන්නේ මේ වගේ හරක් තමයි හොරාට උදව් දෙන්නේ රටේ කලබල ඇති කරලා කොටියාට දුන් පොරොන්දු ඉටු කරලන්න.
      ගල් කැටයක් විසි කලාම බල්ලෝ ගොරව ගොරවා ඒක හපා කනවා . සිංහයා ගල ආව දිහා බලනවා. උඹලත් බැංකු හොරා විසි කල ජාති වාදී ගල් කැට වලට ගොරව ගොරවා හිටපල්ලා. කොටියාට අපේ රණ විරුවෝ පාවලා දෙනකල්. දැන්වත් සිංහලය දුරදිග බලා වැඩ නොකලොත් අනාගතේ සුබ වීම කෙසේ වෙතත් අනාගන්න තමයි වෙන්නේ. ඒ නිසයි මොකා එක්ක හරි එකතු වෙලා හොරා පන්නන්න කියලා නලින් සිල්වා මැතිතුමා මේ තරම් කියන්නේ.

      • සමන් says:

        සයුමි
        ඔබ හරියටම හරි. පහුගිය චන්දෙන් මේ රටේ ඉන්නේ හරක් කියලා හරක් විසින්ම ඔප්පු කළා. ඔබ වගේ සුළු ලාබ ප්‍රයෝජන තකා දේශප්‍රේමය විකුණමින් මුදලට කමෙන්ට්ස් දාන උන්ටත් හරක් දක්කන්න පුළුවන් කියල ඔප්පු වුනානේ. ශ්‍රී ලංකා මාතාවගේ දේහය උරා බොමින් ඒ සාරය මත ජිවත් වන එම්. ආර් ල රනිල්ලා ජිවත් වෙන්නේ උබල වගේ මැටි හරක් නිසා.

        • sayumi says:

          මේ රටේ ඉන්නෙ හරක් නම් , තමුන් අවජාතක වෙච්ච එවුන් ඉන්න රටකට තොල්න්ජි වෙලා යනවා.තමුන් කම්බ හොරුන්ට කුලියට ලිව්වා කියලා අනිත් අය ඒ මිම්මෙන් මනින්න එන්න එපා. යමක් හරියට කියවල තේරුම් නොගෙන අගක් මුලක් නැති කමෙන්ට් දාන්න කලින් ඔලුව අත ගාලා බලනවා අං ඇවිල්ලද කියලා.

        • Mage rata says:

          මැටි හරකා කවුද කියලා හෙලි වෙනවා කියන ගොන් කතාවෙන්. රට විකුණපු බැන්කු කඩපු හොරාවයි රට විපතින් මුදා ගත් මහින්ද මැතිතුමාවයි එක ගානට දාලා කතා කරන්නෙ නෑ මොලේ තියන හරකෙක් වත්.

  5. HarrySL says:

    මෙම සිදුවීමත් තව ටික කලකින් අතීතයට එකතුවෙ‍යි. දෙපැත්තට බෙදිල බල තන්හාවට කුලල් කාගන්නකන් මේ ගැටලු කිසිවක් විසදෙන්නේ නැත. උනුත් එක‍යි මුනුත් එක‍යි.

    අපේ රටේ නීතිය අඩාලය, දේශපාලනය අස්තාවරය. මොකා බලයට පත් උනත් එය එසේමය. ජනතා චන්දෙන් පත් වී ජනතාවට ඉහලින් තීරන ගන්නා කල් මෙවන් ගැටලු ඇති වේවි.

  6. HarrySL says:

    අපේ රටේ බහුතරයක් වර්තමානයේ වෙසෙන්නේ අතීතය අමතක කරය. දෙශපාලකයින් කතා කරන්නේ අතීතය අමතක කරය. මහජනතාව අසාසිටින්නේ මතකයක් නැති ලෙසය. අප රටේ ලොකුම වඳ පෙත්ත දේශපාලනය බව මෙම සිදුවීමෙන් පැහැදිලිවම පෙනේ. මෙහිදී අසරන වන්නේ සාමාන්‍ය ජනයා පමනි. පටු අරමුනු ඇත්තන්ගේ අරමුනු සාර්තක වී අවසානයි.මහජනතාව තේරුම් ගන්න ඕනෙ අපේ රටේ තියෙන්නේ තනිකරම විකෘති වෙච්ච ආර්ත්මාර්ත්තකාමී දේශපාලනයක් කියල. මිලියන 21.2ක් පාට පාට වලට බෙදිල උන් උන්ම් ඇරගන්න රටක ඒවට වග කියන්න ඕන උන් බෙන්ස් වලින් බැහැල එකට පාටි දානව. මිලියන 21.2කින් බහුතර චන්ද බලය තියෙන මී හරක් තේරුම් ගන්න ඕනේ මහ එවුන් එලි පිට කෙල ගත්තට උන් ඇත්තටම කෙලවල තියෙන්නේ අපිට කියල.

  7. weerasooriya says:

    Ehenam Daapiya CID yata Wiruddawa Nadu..

  8. hitan says:

    හොරා කලින්ම වැට පැනලා වගේ !!!

  9. Ruwan says:

    Mekata kala heki hodama de thamai muslim minisun samaga parata bahina eka

Main News