තෙල් අර්බුදය හැදුවේ කරු ජයසූරියද.. ෆව්සිද.. සුසිල්ද.. අනුර යාපාද.. පාව රණවකද, චන්දිම වීරක්කොඩිද..

November 16, 2017 at 6:26 am | lanka C news
තෙල් අර්බුදය හැදුවේ කරු ජයසූරියද.. ෆව්සිද.. සුසිල්ද.. අනුර යාපාද.. පාව රණවකද, චන්දිම වීරක්කොඩිද..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

පසුගිය දා ඇති වුණු තෙල් හිඟයට හිටපු තෙල් ඇමතිවරු දෙදෙනෙකු වගකිව යුතු බවට ඛණිජතෙල් සම්පත් ඇමති අර්ජුන රණතුංග මැතිතුමා පවසා තිබුණා.  හිටපු ඛණිජතෙල් ඇමතිවරු හය දෙනෙක් ආණ්ඩුවේ ඉන්නවා.  නම් වලින් කිව්වොත් කරු ජයසූරිය මැතිතුමා, ඒ එච් එම් ෆව්සි මැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, අනුර යාපා මැතිතුමා, පා ච රණවක මැතිතුමා සහ චන්දිම වීරක්කොඩි මැතිතුමා.  නම් නොකිව්වොත් මේ හයදෙනාටම අසාධාරණයක් වෙනවා.

ඒ නිසා මෙම ඇමතිවරු දෙදෙනා වහාම රටට හෙලි කරන්න කියලා අර්ජුන ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

මෙගා ඩීල් ගැන ඡන්ද කාලයේ කතා කළත් අද වෙන තුරු සිඟිති ඩීල් එකකටවත් දඬුවම් කරලා නෑ.  ඩීසල් මාෆියා ගැන වීර කතා කිව්වත් අද වෙන තුරු එක නමක් හෙලි කරලා නෑ.

ඒ නිසා මෙවර වත් වැරදිකරුවන් නම් කරලා එතැනින් නතර නොවී ඒ අයට දඬුවම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.  නැවත මෙවැනි අර්බූද නොවන්නේ එහෙම කලොත් විතරයි.

– අරවින්ද අතුකෝරල

8,541 Viewers

2 Comments to “තෙල් අර්බුදය හැදුවේ කරු ජයසූරියද.. ෆව්සිද.. සුසිල්ද.. අනුර යාපාද.. පාව රණවකද, චන්දිම වීරක්කොඩිද..”

  1. Karu says:

    ආපෝ එච්චර දෙයක් තේරෙන්නෙ නැද්ද?
    එකෙක් කියල තිබුනෙ මහින්ද රාජපක්ෂ කියල.
    අවුරුදු තුනකුත් වුනා.
    තවත් මහින්ද මහින්ද.
    ඔච්චරම කාල දාපු රට පැනල ඇවිල්ල බාර ගත්තෙ මොටද?

  2. Nana says:

    Itha Honda Katahwak. Arjunata konda pana thibe nam kavuda kiya heli kala yuthuya.

Main News