තෙල් මිල වැඩි කිරීමෙන් වටේම රත්වෙයි.. බස් ගාස්තුත් 15%කින් වැඩි කරන්න යයි…

May 11, 2018 at 6:48 pm | lanka C news
තෙල් මිල වැඩි කිරීමෙන් වටේම රත්වෙයි.. බස් ගාස්තුත් 15%කින් වැඩි කරන්න යයි…

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීම නිසා බස් ගාස්තුවද වහා ඉහල නැංවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.

ඒ අනුව 15%කින් බස් ගාස්තුව නැංවීම සදහා රජය විසින් අවසර දිය යුතු යයිද සංගමයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

එම ඉල්ලීමට රජය ඉඩ නොදුනහොත් රට පුරා අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා සදහන් කරයි.

මේ තරම් ගණනකින් මිල ඉහල දැමීම ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයට තදින් බලපාන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ එන සතියේ සිට 10%ක බස් ගාස්තු වැඩිවීමක් උවමනා බවයි.

5,624 Viewers

5 Comments to “තෙල් මිල වැඩි කිරීමෙන් වටේම රත්වෙයි.. බස් ගාස්තුත් 15%කින් වැඩි කරන්න යයි…”

  1. Goviya says:

    බූමිතෙල් වලින් දුවපු අයට අමාරැ අැති හරියට.

    • Gamarala says:

      බස් ගැමුණුද NTC සභාපති හෝ පුවාහන අැමති.

  2. shantha kuru says:

    me hiwallu nikamma wedikarana – munta janatawa penne be makda – feb10 munwa paradapu nisa – me anduwata henama wediyan

  3. Gamarala says:

    බුමිෙතෙලෙන් දුවන බස් කාරයෝ.

  4. Kambas says:

    Yako %50 Wedikaranna Ona ….Moko Bhumithel %50 Udagihilla

Main News