තෙල් මිල සූත්‍රය ඉතා සංකීර්ණයි කියා සතියකින් පසු හදිසියේ සරල වූ හේතු මෙන්න..

October 20, 2018 at 3:27 am | lanka C news
තෙල් මිල සූත්‍රය ඉතා සංකීර්ණයි කියා සතියකින් පසු හදිසියේ සරල වූ හේතු මෙන්න..

මුදල් ඇමති ගරු මංගල සමරවීර මහතා සරල සමීකරණයක් ලිවූ පූවරුවක් මිල සූත්‍රය යැයි කියා ඔසවා මාධ්‍යයට පෙන්වන අවස්ථාවේ ඔහුගේ හා ඒ අසල වාඩි වී සිටි ගරු එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මුහුනුවල තිබූ උපහාසාත්මක සිනහව තුල ගැබ්ව තිබුන පනිවිඩය ” අනේ මුන් වගේ සෙට් එකක් ඉන්න නිසා අපි යන්තම් ගොඩ” කියන්නාක් වැන්නකි.

ඔයාල මිල සූත්‍රයනේ ඉල්ලුවේ ඔන්න අපි දුන්නා” කියා මුදල් ඇමතිතුමා මේ සමීකරණය රටට පෙන්වූයේ මේ රටේ බහුතර ජනතාවට ගණිතය නොතේරෙන ප්‍රශ්ණයක් නැති බව නොදැන විය යුතුය.

රටේ ජනතාව, මහජන නියෝජිතයින් දිගින් දිගටම මිල සූත්‍රය ඉල්ලුවේ ඇයි? ඒ රජය සමීකරණ හදන්නට දන්නවාද කියා සොයාගන්නට නොවේ. මිල සූත්‍රයෙන් මිල ගනනය කරනා ආකාරය සාධාරණද කියා සොයා ගන්නටය. නමුත් මිලසුත්‍රය කියා පෙන්වූ තිබුන විවිධ දර්ෂකවල කොටස් වල නියම අගයන් ඇමති තුමා නොකී නිසා අදටත් එතුමා දින කිහිපයකට පෙර ” මිල සූත්‍ර කල්ලිය ‘ කියා උපහාසයෙන් හැදින්වූ යම් පිරිසට මිස වෙන කිසිවෙකුට ලබන 10 දාට එන අලුත් තෙල් මිල සිංගප්පුරුවේ ප්ලැට්ස් ( තෙල්) මිල හා එදින විදේශ විනිමය අනුපාතය බලා ගනනය කල නොහැක.

එයට හේතුව මේ මිල සූත්‍රය තුල හෙලි කල මෙන්ම හෙලි නොකල විවිධ වියදම් තිබෙන ආ බැවිනි.

උදාහරණයක් ලෙස මෙම සමීකරණය තුල දෙතුන් පලකම නාස්තිය නැමති වචනය ඇත. මේ කුමන ආකාරයේ නාස්තියක්ද . වැලැක්විය හැකි නාස්තියක්ද, අවම කල හැකි නාස්තියක්ද, කාගේ නාස්තියක් වෙනුවෙන් තමුන් ගෙවිය යුත්තේ මන්ද කියා දැනගන්නට මේ රටේ ජනතාවට අයිතියක් ඇත.

රුපියලේ අගය අවප්‍රමානය වීමද සමීකරණය තුල ඇත. එය පිලිගත හැකි වුනත් රුපියල අවප්‍රමාණය වීමට කෙතරම් දුරට රජයේ මුල්‍ය කලමණාකරන නොහැකියාව බල පා ඇත්ද යන්න අද රට තුල විවාදයට ලක්වී ඇති කරුණකි.

සමීකරණයේ තුන්වන දර්ෂකය ආයතනික වියදම්ය. සේවක වැටුප් , පරිපාලන වියදම් වැනි සමහරක් වියදම් නම් කොට තිබුනද වෙනත් වියදම් ලෙස හෙලිදරව් නොකරන වියදම් කොටසකුත් මිල සූත්‍රය තුල අන්තර්ගත වේ. මේ අනෙක් වියදම් මොනවාද ? පෞද්ගලික අංශයට සාපෙක්ෂව අදාල රාජ්‍ය ආයතනය තුල කොහොමටත් වියදම් ඉතා අධික බවත් නාස්තිය වැඩි බවත් නොදන්නෙක් සිටීද ? උදාහරණ ලෙස රජයේ මැති ඇමතිවරු වාහන ගන්නා විට, රජයේ මුදලින් පිටරට සවාරි ගසනා විට, ඥාති සංග්‍රහයේ යෙදෙන විට, ආයතනය තුල දේශපාලන පත්වීම දෙන විට සහ තවත් බොහෝ කරුණු නිසා ආයතනික වියදම් ඉහල යයි. මේ සඳහා තෙල් මිලදී ගන්නා මහජනතාව මුදල් ගෙවිය යුත්තේ ඇයි.

බදු වර්ග ගනනාවක් මිල සූත්‍රය තුල අඩංගු වේ. වත්මන් රජය බලයට ආ පසු සමස්ථයක් වශයෙන් රටේ රාජ්‍ය බදු 100% කින් වැඩි වී ඇතිබව මහ බැංකු වාර්ථා පෙන්වා දෙයි. මිල සූත්‍රය තුල ඇති බදු පසුගිය කාලයට සාපේක්ෂව කොපමනකින් වැඩි වී ඇත්ද කියා දැනගැනීමටද මහජනතාවට අයිතියක් ඇත.

අපට පෙනෙන ආකාරයටනම් මිලසූත්‍රය තුල ඇති ලංකාවේ රජයට පාලනය කල නොහැකි මූලිකම වියදම වන්නේ සිංගපූරුවේ ප්ලැට්ස් මිලය. අන් සියල්ලම යම් තාක් දුරකට හෝ පාලනය කිරීමේ හැකියාව ඇත්තේ රජයේ දක්ෂතාව හා ප්‍රතිපත්තින් මතය. එසේ පාලනය කල හැකි වියදම් වල එකතුව සමස්ථ මිලෙන් කොපමන ප්‍රතිශතයක්ද කියා දැන ගැනීමේ අයිතිය ජනතාව සතුය.

තවත් වැදගත් දෙයක් කිව යුතුය. මිලදී ගන්නා තෙල් ප්‍රමාණය අනුව මෙහි අඩංගු විවිධ දර්ශකවල ලීටරයකට බල පානා අගය විච්ල්‍ය විය යුතු නිසා ඇත්ත සූත්‍රය ඇමතිතිමාට දුන් සූත්‍රය තරම් සරල විය නොහැකි බව ගණිතය අ.පො.ස සමත් අයකුට වුවත් තේරුම් යා යුතුය. කොටින්ම කියනවානම් මෙහි එකතු කිරීම අඩුකිරීමට අමතරව බෙදීම වැඩි කිරීමවත් තිබිය යුතුය. තමුන්ටවත් තේරෙන්නේ නැහැ කියා සති කිහිපයකට පමන පෙර ඇමති තුමා කී මිල සූත්‍රය එකවරම එතුමාට පවා තේරෙන ආකාරයට සරල කර දුන්නේ කවුද, කෙසේද, මන්ද ?

මේ ප්‍රශ්ණ වලට අනාගතයේ පැවැත්වෙන ප්‍රවෘතී සාකාච්ඡාවලදී අපේ මාධ්‍යවේදී සහෝදර සහෝදරියන් උත්තර ඉල්ලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු

– Nalaka Godshewa FB

8,292 Viewers

3 Comments to “තෙල් මිල සූත්‍රය ඉතා සංකීර්ණයි කියා සතියකින් පසු හදිසියේ සරල වූ හේතු මෙන්න..”

  1. අපි ගොන්නු says:

    සැබෑ තෙල් මිල සූත්‍රය

    MRP=V1+V2+V3+V4
    M=මෛත්රී
    R=රනිල්
    P= පොNන හවුල
    V1= බැඳුම්කර වංචාව පියවීමේ වියදම
    V2= විද්යාත්මක් ඇමැති මණ්ඩල පවුල් නඩත්තු වියදම
    V3= කොමිස් ගත් ඩොලර් මලු රටින් පිට කිරීම නිසා වූ විනිමය වංචාව
    V4= සැබෑ තෙල් මිල

  2. chandapala says:

    ඔහෙ තිබුන මිල සුත්‍රයක් නැහැ . හැමහැමදාම අහන හින්ද ඕන ඔය මොකක් හරි පෙන්නමු කියල ඉංග්‍රීසි අකුරු ටිකක් උස්සල පෙන්නනවා. ඔය තුන් දෙනා ඔලොක්කුවට හිනා වෙන්නේ දැන් තොපිට ටෙරෙනවද කියල නේද.????? ඔව් අපිට එක තේරෙනවා . නමුත් නුබලට තේරෙන්නේ ලබන මතිවරනයෙදෙයි

  3. Karu says:

    එතන හිටි එරාන් ඇතුළු අනෙක් එවුන්ගේ මුහුණු වල තිබුණ පඩත්තල හිනාව නින්දිතයි. පාපතරයින් හිනැහෙන්නේ ජනතාවටයි.

Main News