තෙල් හිඳින කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශයි ලක්ෂ ගාණක පාඩුවක්…

June 5, 2018 at 12:40 pm | lanka C news
තෙල් හිඳින කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශයි ලක්ෂ ගාණක පාඩුවක්…

වව්නියාව වෛරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි විවිධ වර්ගයේ තෙල් හිඳින කර්මාන්ත ශාලාවක් ඊයේ (04) රාත්‍රියේ ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශ වූ බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

කර්මාන්ත ශාලාව තුල ගින්න ඇතිවීමට හේතුව නිශ්චිතවම හඳුනාගෙන නොමැති අතර කර්මාන්ත ශාලාවේ විදුලි කාන්දුවකින් ගින්න ඇතිවන්නට ඇති බවට වව්නියාව පොලීසිය සැක පල කර සිටියේය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රී 11ට පමණ කර්මාන්ත ශාලව තුල ඇති වූ ගින්න ප්‍රදේශවාසීන් එක්ව නිවා දැමීමට දැඩි උත්සයහක නිරත වුවද ගින්න මැඩපැවත්වීමට නොහැකි වූ අවස්ථාවේදී ඒ බව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව වව්නියාව පොලීසිය හා වව්නියාව නගරසභාවේ ගිනි නිවීමේ ඒකකය ඒකාබද්දව ගින්න නිවා දැමීට කටයුතු කරනු ලැබීය.

ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ පිහිටි යන්ත්‍ර වලටට හා භාණ්ඩ සියල්ලක්ම විනාශ වී ඇති අතර ගින්නෙන් සිදු වූ අලාබය මෙතෙක් නිශ්චිතවම නිගනයකට එලඹ නොමැති වුවද රුපියල් ලක්ෂ ගාණක පාඩුවක් සිදු වී ඇති බවට වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,742 Viewers

2 Comments to “තෙල් හිඳින කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශයි ලක්ෂ ගාණක පාඩුවක්…”

  1. SUNIMAL says:

    2016 චන්ද හිමි නාමලේඛණයට අනුව වව්නියාව දිස්තිරික්කයේ සමස්ත සිංහල ඡුන්ද සංඛ්යාව 30000ක් පමණ වන අතර දැන් ඉන්නේ 1800කට පමණය

    වෙනස සැපද?

  2. LION says:

    උතුරේ දමිළ ජනතාවගේ දුක පමණක් දකින ජනාධිපති සහ අගමැති රනිල් ප්‍රමුඛ යහපාලන රජය උතුරේ අන්ත අසරණවූ සිංහල ජනතාවට පිටුපාමින් තමන් මෙම රටේ පුරවැසියන් පිරිසක් ලෙස සලකමින් ක්‍රියාකරන්නේ ඇයිදැයි වව්නියාවේ සිංහල ජනතාව විමසනවා.

Main News