තෙවන විවාහය කරගන්නට සැරසුනු ගුරුවරයාට දෙවන විවාහයේ බිරිඳගෙන් ප්‍රහාරයක්…

September 14, 2018 at 8:40 am | lanka C news
තෙවන විවාහය කරගන්නට සැරසුනු ගුරුවරයාට දෙවන විවාහයේ බිරිඳගෙන් ප්‍රහාරයක්…

කලින් විවාහ දෙකක් සිදුකරගත් ගුරුවරයෙකු සිය තෙවැනි විවාහය වවුනියාව කන්දසාමි කෝවි‍ලේ සිදුකරමින් සිටියදී දෙවැනි විවාහයේ බිරිඳ හා ඇයගේ ඥාතීන් මනමාලයා වෙත පහරදීමේ සිදුවීමක් වවුනියාව ප්‍රදේශයේදී වාර්තා විය.

පළමුව යාපනය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි දරුවන් දෙදෙනකු සිටින තැනැත්තෙකු අදාළ පළමු විවාහයේ බිරිඳ අතහැර පැමිණ අනතුරුව කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි ඇති අතර, අදාළ විවාහක කාන්තාවද අතහැර තෙවැනි වරට වව්නියාව කූමාන්කුලම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ (12) විවාහ වීම සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.

අදාළ අවස්ථාවේදී දෙවැනි විවාහයේ කාන්තාව හා ඇයගේ ඥාතීන් පැමිණ අදාළ තරුණයා වෙත පහරදීම හේතුවෙන් තෙවැනි විවාහය නැවැත්වීමට සිදුවිණි.

එහිදී දෙවැනි විවාහයේ කාන්තාව කියා ඇත්තේ

“මේ ඉන්නේ මගේ මහත්තයා.මෙයා මීට පෙර යාපනය ප්‍රදේශයේ කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියා. ඒ විවාහයේ කාන්තාව එක්ක අවුරුදු හතරක් ඉදලා ළමයි දෙන්නෙක් එක්ක ඒ කාන්තාව තනි කරලා ඇවිත් මාව කසාද බැද ගත්තා මාව කසාද බැදලා අවුරුදු දෙකක් විතර ඉදලා දැන් මාවත් අතහැරලා ඇවිල්ලා තවත් කාන්තාවක් එක්ක විවාහ වෙන්න සුදානම් වෙනවා මම විවාහ වුණාට පස්සේ මගෙන් දෑවද්දකුත් අරගත්තා දැන් මාව අතහැරලා ඇවිල්ලා වෙන කාන්තාවගෙන් දෑවැද්ද අරගෙන මගුල් කන්න සුදානම මේ ගැන මමත් පළමු විවාහයේ බිරිඳත් පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ,

එම කාන්තාවගේ ප්‍රකාශයත් සමග තෙවැනි විවාහය තෙවැනි විවාහ චාරිත්‍ර නවතා එම ගුරුවරයා විවාහ ශාලාවෙන් එළියට පැමිණි අතර, එහිදි අදාළ පුද්ගලයා වෙත දෙවැනි විවාහයේ බිරිද හා ඇයගේ ඥාතීන් පහරදීම සිදුකළහ.

මේ හේතුවෙන් ගුරුවරයාට තෙවැනි විවාහය සිදු කරගැනීමට නොහැකි විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,408 Viewers

5 Comments to “තෙවන විවාහය කරගන්නට සැරසුනු ගුරුවරයාට දෙවන විවාහයේ බිරිඳගෙන් ප්‍රහාරයක්…”

  1. Selvam says:

    It happens all the time there. Tamil families have to find money for girls’ dowries. So the boys marry to get a dowry. The more sisters the more marriages. Sad but true

  2. Love nature says:

    හින්දු ආගම් වල සඳහන් වන “දසරද රජු” බහු භාර්යාවන් හා විවාහවී සිටි බව හින්දු ඉතිහාස ග්‍රන්ථ සදහන් කරයි. එමෙන්ම “ක්‍රිෂ්ණා” නම් රජු භාර්යාවන් කිහිප දෙනෙක් සමඟ සිටි බව ද වාර්තා වේ.

  3. Love nature says:

    හින්දු ආගමට අනුව කාන්තාව මැවීම පිළිබඳව මෙවැනි අදහසක් දක්වා ඇත. හින්දු පුරාවෘත්තවලට අනුව විශ්වකර්ම දිව්‍යපුත‍්‍රයා ගැහැණිය මැවීමේ අවස්ථාවට පැමිණිවිට ඇය මැවීමට ඝණ ද්‍රව්‍ය කිසිවක් නොපැවතුණ හෙයින් සුන්බුන් එක්කර ගැහැණිය මවා ඇත.
    චන්ද්‍රයාගේ ගෝලාකාරයද
    ලතාවන්ගේ නැමිද
    පදුරුවල ඇලෙන ස්වභාවයද
    තණපතෙහි වෙව්ලීමද
    බටලීයේ කම්පනයද පුෂ්පයන්ගේ පුබුදුවද
    කොළවල සැහැල්ලූවද
    හො`ඩවැලේ ක‍්‍රමයෙන් සිහින් වීමද
    මුවන්ගේ බැලූම්ද
    හිරු රැුස්වල කෙළිමත් ප‍්‍රීතියද
    සුළගේ චපල බවද
    හාවාගේ බියසුළු බවද
    ව්‍යාඝ‍්‍රයාගේ නපුරද
    ගින්නෙන් උණුසුම් බවද
    හිමෙහි සීතලද
    ආදී වශයෙන් විවිධ ද්‍රව්‍ය එක්කොට ස්ත‍්‍රීය මවා ඇත.

Leave a Comment

Main News