තෙවරප්පෙරුම බලෙන් මගුලකට පනී.. ගුටි බැට ඇන මනාල නිවස වටා තගාලා දමති..[Video]

August 20, 2017 at 10:38 pm | lanka C news
තෙවරප්පෙරුම බලෙන් මගුලකට පනී.. ගුටි බැට ඇන මනාල නිවස වටා තගාලා දමති..[Video]

අද දහවල් මතුගම ප‍්‍රදේශයේ හෝටලයක පැවති මංගල සාදයකට අනාරාධිතව පැමිණ ඇති නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා මහා ගාලගොට්ටියක් ඇති කරගෙන තිබේ.

සාදයේදී මත්පැනින්ද සප්පායම් වී ඇති නියෝජ්‍ය ඇමතිවරයා විවිධ දේශපාලන විවාදවල යෙදී ඇති අතර උණුසුම් වූ අවස්ථාවක එහි සිටි කාන්තාවකට පහර දෙන්නට පැන ඇත.

එහිදී එහි සිටි අනෙක් පිරිස නියෝජ්‍ය ඇමතිවරයා සමග බහින් බස් වී ඇති අතර ඇතැමෙක් ඇමතිවරයාට පහර දී ඇත.

පසුව එතැනින් ඔහු ඉවත්ව ගියද ඔහුගේ ආධාකරුවන් මනාලයා හා මනාලියගේ නිවස වටකර කෑකෝගසමින් තර්ජනය කරමින් බොහෝ වේලාවක් ගැවසුනු පසු පොලීසිය පැමිණ පිරිස විසරුවා හැර ඇත.

47,769 Viewers

12 Comments to “තෙවරප්පෙරුම බලෙන් මගුලකට පනී.. ගුටි බැට ඇන මනාල නිවස වටා තගාලා දමති..[Video]”

  1. Bakaladasa says:

    These are total lies by Bayyas against this saintly minister!

    • Amda says:

      මේ වගේ උන් මඟුල් නෙවෙයි මල ගෙදරකවත් වැද්ද ගන්න එපා. ඉන්වයිට් කරපු උන්ට මරු පාඩම.

  2. janaka says:

    යහ පාලනේ බොල යහපාලානේ .මේ සිද්දිය අර ඉරාකේ සදාම් හුසේන් ගේ පුතාල මගුල් ගෙවල් වලට බලෙන් පැනලා කරපු අපරාද වලට සමානයි . කෝ මේවට උද්ගෝෂණ නැද්ද ?දැන් මහින්දගේ කාලේ මේවගේ දෙයක් සිදුවුනානම් කොහොමට තියේවිද ? .
    මනුස්සයෙකුගේ වටිනාම දවසේ ඒ මගුල් ගෙදරට බලෙන් පැනලා ඒ ගෙදර මිනිසුට ගහලා ගෙවල් වල මිනිසුන්ට හෙන්චයියෝ ලවුවා බලපෑම් කරන්න යහපාලානේ අංගයක් වෙන්න ඕනා .දැන් කෝ මිස්ටර් ක්ලින් ලා කෝ අපි බලාගෙන ඉන්නේ මුට පස්සට පයින් ගහලා පක්ෂෙන් පන්නනකම් .දැන් මහින්දට බැන්නනේ අර මදාවි මර්වියා එලෙව්වේ නෑ කියල .දැන් පුලුවන්නම් මේ තෙවරක් පෙරුම එලවල පෙන්වන්න.
    අන්න එහෙම උනොත් යහපාලානේ ටිකක් හරි තියෙනව කියල පිලිගන්නවා හැබැයි අර හොර තක්කඩියා ඇමතිකමෙන් එලෙව්වා වගේ සේප්පඩ විජ්ජා බෑ .පක්ෂයෙන් ඉවත් කරන්න ඕනා මන්ත්‍රී ධුරය අහෝසි කරන්න ඕනා

  3. janaka says:

    හැමෝම මේක බලන්න .මිනිහෙකුගේ ජිවිතේ වැදගත්ම දවසක මේවගේ ජඩ වැඩක් කරලා ඒ ලස්සන අවස්ථාව මුසල දවසක් බවට පත්කරලා කාලකන්නි දවසක් බවට පත්කරන්න මු මොනහරම් අවලමෙක්ද මොනතරම් නීච පුද්ගලයෙක්ද මොන තරම් බලයෙන් උමතු වෙච්ච නරුමයෙක්ද කියල බලන්න .අපේ උත්සවයක් නොවුනත් මේක දකින විට පුදුම තරහක් ඇතිවෙන්නේ පවු ඒ මිනිස්සු .

    මෙන්න මුන්ගේ යහපාලනය .මේක තමයි unp ක්‍රමය unp බලහත්කාරය ,තාම මේක පටන් ගත්ත විතරයි ඊළඟට තනි unp ආණ්ඩුවක් ආවොත් නියම සෙල්ලන් බලාගන්න පුළුවන්

  4. gamarala says:

    දීපල්ලා මේ රස්තියාදු කාරයන්ට චන්දෙ මුන් ක‍රන්නේ ඔක්කොම බොරුව

  5. sira says:

    අපි කිව්ව ඕකට තුන් පාරක් පෙරපුව බොන්න එපා කියල​.

  6. Binoj says:

    Where Ranil’s leadership? Actually Ranil is totally failed leader in all aspects. He will sell whole country if Sri Lankans come to street and temove him. But thug Rajapaksha and his robber clan are not at all alternative to him.

    • සුරාජ් says:

      හරියට හරි .

      කයිවාරු ගැහුවට
      යහපාලනය කිව්වට
      රනිල් වික්කම සිංහ FAILED LEADER
      රනිල් අසමත් නායකයෙක්

      රනිල් FAILED LEADER
      රනිල් FAILED LEADER
      රනිල් FAILED LEADER

  7. ගවහල says:

    “හරක් පාලනය“ කරන්න.

  8. David Milli-Banda says:

    යහ පාලනේ බොල යහපාලානේ …………. Aney moota bonda deela ara datha ge gedara yawaganna puluwannam
    hondayi kiyala warakata hithenawa.

  9. ගිරවා says:

    දියවන්නාවේ මීහරක් දැන් මගුල් දේවල් වලටත් පනි …රටම අගදයේ ..අහෝ අපේ රටට ආප්ප විප්ලවයෙන් සිදුවූ විනාශය
    සිහලුනේ බලා සිටියා ඇති ..මේ හරක් රැල පන්නා රට ජාතිය රැකගනිව්

  10. සම්මාන ලාභී ඇමතිවරු says:

    මොකද වරද? අල්ලස් ගත්තද? ගෙවල් ඉල්ලුවාද? මනමාලි විතරනේ ඉල්ලුවේ. යහපාලනය වෙනුවෙන් තොපිට බැරිද ඒකැ දෙන්න. ඔන්න ඔහොම කෙලින් ඇවිල්ලා කේලා ගනින් ඇමතියෝ.

Main News