තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවක් දිය ඇල්ලකින් ඇද වැටි මිය යයි…

October 11, 2018 at 2:08 am | lanka C news
තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවක් දිය ඇල්ලකින් ඇද වැටි මිය යයි…

තේ දළු නෙලිමට යමින් සිටි වතු කම්කරු කාන්තාවක් තේ වත්තේ කදු මුදුණේ සිට අඩි 200 පමණ පහලට ඇද වැටි  ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

10 උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතු යායේදිය.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම වතු යායේම පදිංචි කරුපයියා තෙවානෙයි නැමති 56 හැවිරිදි තිදරු මවකි.

තේ දළු නෙලිමට දිය ඇල්ල අසලින් කදු මුදුනේ  වු තේ වතු යායට යන අවස්ථාවේ මවුස්සාකැලේ ජලාශයට එම වතු යායේ සිට ජලය ගලා බසිනා ගල්කන්ද දිය ඇල්ලෙන් පහලට අඩි 200 පමණ වු ප්‍රපාතයට ඇද වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

මිය ගිය කාන්තාවගේ සිරුර මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත  යොමු කරන බව මස්කෙලියි පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,741 Viewers

Leave a Comment

Main News