දක්‍ෂිණ අධිවේගී ව්‍යාපෘතියේ සැප වාහනයක් කිසිම ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නෑ.. හැකිනම් ඔප්පු කරන්න..- කිරිඇල්ල

September 5, 2017 at 5:30 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගී ව්‍යාපෘතියේ සැප වාහනයක් කිසිම ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නෑ.. හැකිනම් ඔප්පු කරන්න..- කිරිඇල්ල

‘දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ සුඛෝපභෝගී වාහනයක් කිසිඳු ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නැහැ. හැකිනම් තොරතුරු නම්ගම් සහිතව ඔප්පු කරන්න’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

‘දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය පිලිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කරුණු කිහිපයක් ප‍්‍රකාශ කර තිබෙනවා. එහිදී දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියට අයත් සුඛෝපභෝගී වාහනයක් අමාත්‍යවරයෙකු පරිහරණය කරන බව මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. සාක්‍ෂි සහිතව එ් පිලිබඳව ප‍්‍රකාශ නිකුත් කරන්නේ නම් එම තොරතුරු නම් ගම් සහිතව හෙලිදරව් කරන ලෙස මා සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීතුමාට අභියෝග කරනවා. එ් අවස්ථාවේදී ඔහු මතුකල අනෙකුත් කරුණු පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා විසින් නිළ ප‍්‍රකාශයක් නිකුත් කරමින් එහි තාක්‍ෂණික අංශය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබෙනවා’

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ ‘මගනැගුම මහමැඳුර’ පරිශ‍්‍රයේදී පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගේ හමුවකට එක්වෙමිනි.

– රජිත සමරසූරිය

6,028 Viewers

5 Comments to “දක්‍ෂිණ අධිවේගී ව්‍යාපෘතියේ සැප වාහනයක් කිසිම ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නෑ.. හැකිනම් ඔප්පු කරන්න..- කිරිඇල්ල”

  1. love nature says:

    මේ කියන්න යන්නේ හකුරු කතාවකි. රජ කාලයේ රජුට හකුරු නිපදවන පිරිසක්‌ සිටියහ. දිනක්‌ රජුට හකුරු හදන ක්‍රමය දැනුවත් කළේ එක්‌තරා ගැමියෙකි. උඩට උඩු වියන් බැඳ පයට පාවාඩ දමා හරි අපුරුවට හකුරු හදන බව පැවසුවද හකුරු හදන සැබෑ ක්‍රමය රජුට ඇත්තටම අවබෝධ වූයේ හකුරු නිපදවන ආකාරය සියෑසින්ම දැකීමෙන් පසුවය. දහඩිය පෙර පෙරා මහ ගිනි ජාලාවක්‌ මැද කිසිදු ආරක්‍ෂාවක්‌ පිරිසිදු කමක්‌ නොමැතිව හකුරු හදන ක්‍රමය රජතුමා අකුරටම දැන ගත්තේ හකුරු හදන කාර්මිකයාගේ නිවසට ගිය විටය. ඒ අනුව කියන කොට එහෙමයි. කරන කොට මෙහෙමයි කියන්නේ එම කතාන්දරයටය. අද හරි අපූරුවට අපේ කාලයේ දේශපාඥයින් කියන කරන කතාන්දර ද මෙසේය.

  2. Yaha Pala says:

    Car eka Lamborginiyak , genawe helivoptorayen, dan thiyenne lankawe buckingham maligawe. Padinne foot note kalliya.

  3. Sandaruwan says:

    Car eka Lamborginiyak, padinne footnote kalliya, genawe helicopter eken, dan thiyenne buckingham maligawe.

  4. China Visa says:

    දුකට කරුණ, නම් ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා මේ කියමන් ඔප්පු කිරීමට දගලන අයද බොහෝ සිටීමය

Main News