දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරඟය අතර දී දඹුල්ල පිටිය අසල නවතා තිබූ බස් රියක් ගිනි ගනී… මුළුමනින්ම විනාසයි…

August 2, 2018 at 4:40 pm | lanka C news
දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරඟය අතර දී දඹුල්ල පිටිය අසල නවතා තිබූ බස් රියක් ගිනි ගනී… මුළුමනින්ම විනාසයි…

 දිනපතාම  දඹුල්ල ජාත්‍යංතර ක්‍රිකට් ක්‍රිඩාංගනය අසල  රාත්‍රි නවත්වා තියන පාසල් දරුවන් ප්‍රවාහනය කරණ බස් රථයක් ඊයේ  ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන ජාත්‍යංතර එක්දින ක්‍රිකට් තරගය පැවැති දින රාත්‍රියේ හිටි හැටියේ  ගිණිගෙන ඇතිබව වාර්තාවේ.

වෙනත් දිනවලදි බස්රථය නවත්වන ස්ථානයේ මෙදින බස් රථය නවත්වා නැති අතර එසේ කර ඇත්තේ ඊයේ පැවැති ක්‍රිකට් තරගය වෙනුවෙන්  එම ස්ථානයේ ප්‍රද්ගලික වහන නැවැතුම් පොලක් පවත්වාගෙන ගිය නිසා   මෙම බස් රථය වෙනත් ස්ථානයක නවතා ඇති බව බස් රථයේ හිමිකරු පොලිසිය‍ට  පවසා ඇත.

බස් රථයේ හිමිකරුට  මධ්‍යම රාත්‍රි 12.30 ට පමණ ප්‍රදේශවාසීන් බස් රථය ගිණි ගත්බව  දැනුම්දීම කර ඇත.

ඒඅනුව  එම ස්ථානයට පැමිණ බස් රථය ගිණිගෙන විනාශවි ඇතිබව දුටුබව , බස් රථයේ හිමිකරු පවසයි.

කෙසේ වෙතත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ එකවරම බස් රථය තුළින් විශාල ගින්නක් ඇති වූ බවත්  ප්‍රදේශ වාසින් ගේ දැනුම් දිම අනුව දමුල්ල .

පොලීසිය සහ ප්‍රදේශවාසීන් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ද සහාය ඇතිව පැතිර ගිය ගින්න මැඩ පැවැත්වීමට උත්සහ ගත්තද බස්රථය සම්පුර්ණයෙන් ගිණිගෙන විනාශ වි ඇත.

මෙම බස් රථය ගිනිගෙන විනාශවීම   කිසියම්අ පුද්පගලයකු සිදුකල අපරාධයක් ද එසේත් නැත්නම් කාර්මික දෝෂයක් නිසා සිදු වූවක් ද යන්න  අනාවරණය කර ගැන්ම සදහා   දඹුල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

– මහින්ද උදයසිරි රත්නායක

5,608 Viewers
Main News