දඩ මස් කන්න වන සතුන්ට දමා තිබූ විදුලි රැහැනේ පැටලුනු පියා සහ පුතු මිය යයි..

May 16, 2018 at 5:30 pm | lanka C news
දඩ මස් කන්න වන සතුන්ට දමා තිබූ විදුලි රැහැනේ පැටලුනු පියා සහ පුතු මිය යයි..

වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ආසන්නයේ වනසතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහනක පැටලීමෙන් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (16) උදැසන හමු වූ බවට වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එස්.මුස්තාපා නමැති පියෙකුගේ හා වයස අවුරුදු 15 ක් වු එම්.සයාස් නමැති පුතුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.

සූඩවෙන්දපිලව් වැව ආසන්නයේ කිසියම් පුද්ගලයෙකු විසින් අදාල විදුලි රැහැන් ඇද ඇත්තේ වනසතුන් මැරීමට වන අතර එම විදුලි රැහැන් පිළිබඳව නොදත් පියෙකු හා පුතෙකු එම ස්ථානයෙන් අද අළුයම ගමන් කිරීමට ගත් උත්සහයකදී මෙම විදුලි රැහැන්වල පැටලී මෙම මරණයන් සිදුව ඇති බවට පෙරිය උළුක්කුලම් පොලීසිය සැක පල කොට සිටියේය.

කෙසේ වෙතත් අදාල විදුලි රැහැන් ඇත ඇති පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටද පෙරිය උළුක්කුලම් පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,804 Viewers

3 Comments to “දඩ මස් කන්න වන සතුන්ට දමා තිබූ විදුලි රැහැනේ පැටලුනු පියා සහ පුතු මිය යයි..”

  1. aniwa says:

    so sad, like we are still living in the 19th century.

  2. arschfikaa says:

    nonbi patan gaththu palamudaama mehemavuna eka,ithaamath sangvedaneeya puwathaki,nisekayenma piyaa
    saha puthaa gihin thiyenne nonbi upavaasaya sandahaa ovunge nivasata wennethi,oka koraapu suruttuwaata
    ho thalathel demalaata,niyama danduwamak diya yuthui.

Main News