දඹුල්ලේ තරුණ​යා මැරු ඝාතකයා​ ආර්ථිකයෙන් මතුවි පොලිසියට හමුවේ..

September 10, 2017 at 8:02 am | lanka C news
දඹුල්ලේ තරුණ​යා මැරු ඝාතකයා​ ආර්ථිකයෙන් මතුවි පොලිසියට හමුවේ..

දඹුල්ල නගරයේදී පසුගිය​ පසලොස්වක පොහොදා ට එළිය වැටෙන පාන්දර ජමේ පොල්ලකින් ඹළුවට හා ශරිරයට පහරදී ඝාතනය කර තිබූ තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය කියයි.

අත්අඩංගුට ​ගත් පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සේවය ක​රමින් සිටි කම්කරුවෙක් බවද පොලිසිය කියයි. ​තරුණයා ඝාතනය සිදුවූ ස්ථානයේදී සොයාගත් අත් ඔරලෝසුව සහ ජංගම දුරකථනය ඔස්සේ කළ පරීක්ෂණයකදී ඝාතකයාගේ තොරතුරු අ​නාවරණය කරගෙන තිබේ​න බවද පොලිසිය කියයි.

ඔහු අවුරුදු 37 ක් පමණ වයස පුද්ගලයකු බව වාර්තාවේ. ​මියගිය තරුණයා හා මෙම සැකකාර තරුණයා ඉතාමත් කුළුපගව සිටි පුද්ගලයෙකු බව පැවසේ ​.

දින ගණනාවකට පෙර ඔහු සතුව තිබූ රුපියල් 35,000 ක මුදලක් සොරාගැනීම නිසා සිත් වේදනාවෙන් සිටි බවතට තොරතුරු ​ අනාවරණය කරගත් බව වූ බව පොලිසිය කියයි.
​ ​
පසුගි​ය පොහෝදාට​ පෙරදින දඹුල්ල නගරයේදී රාත්‍රී කාලයේ මියගිය පුද්ගලයා හමුවි ඇති අතර එහිදි පහරදීම කළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

​​මිය ගිය පුද්ගලයා දඹුල්ල වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර . ලිංගික සංක්‍රාන්ති පුද්ගලයකු ලෙසින් සිය ඇති බව වාර්තාවේ.

ගැහැණු ඇදුම් ඇදිම හා ගැහැණු හඩින් කතා කිරිමට ප්‍රිය තාවයක් දක්වා ඇති බවද මමට හා සහොදරයින්ට මිත්‍රව සිටි පුද්ගලයකු බවද පැවසේ.

එසේම මෙම තරුණයා ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී නොසිටි නමුත් මිය ගිය තැනැත්තා එච්අයිවී (HIV) ආසාදනය පිළිබඳව සංක්‍රාන්ති ලිංගිකයන් දැනුවත් කිරීම උදෙසා ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළ ​පුද්ගලයකු බව වාර්තාවේ.

– මහින්ද උදයසිරි

7,088 Viewers

2 Comments to “දඹුල්ලේ තරුණ​යා මැරු ඝාතකයා​ ආර්ථිකයෙන් මතුවි පොලිසියට හමුවේ..”

  1. SL 2000 says:

    so sad to hear this news. Every people should have right to live peacefully. Still our peple are in stone age…..

  2. Man gala says:

    He is a cordination secretly to Hon Mangala Samara

Leave a Comment

Main News