දඹුළු ලොකු ළුණු ගොවියන්ට උන්හිටි තැන් නැතිවෙයි.. මිල පහත වැටී කබලෙන් ලිපට..

October 5, 2017 at 5:30 pm | lanka C news
දඹුළු ලොකු ළුණු ගොවියන්ට උන්හිටි තැන් නැතිවෙයි.. මිල පහත වැටී කබලෙන් ලිපට..

ලංකාවේ ළුණු අවශ්‍යතාවය පිණිස ඉන්දියාවෙන්, චීනයෙන්, පකිස්තානයෙන් ලොකු ළුණු ගෙන්විම කාලයක සිට කරති. එසේ හෙයින්ම ඉන්දියායේ බොම්බේන් ගෙන්වු ලොකුළුණු ජනතාව අතර බොමිබයි ළුණු ලෙසින් නම්විය. රටින් ගෙන්වන ළුණු සදහා අසිමිත මුදලක් මෙරටින් විදේශ රටවලට යෑවිමේ ක‍්‍රමය නැවැත්විමට පියවරක් ලෙසින් මෙරට කෘෂිකර්ම දෙපාර්ථමෙන්තුව දඹුල්ල කේ්න්ද්‍රකරගෙන  ලොකුළුණු වගා කිරිමේ නියමු ව්‍යාපෘතිය දඹුල්ලෙන් ආරම්භකල නිසාවෙන් මෙරට ලොකුළුණු වලට දඹුල්ල නමද සම්බන්ධ විය. මෙරට ගොවින් වගා කිරිමට වසර කන්න දෙකකට යොදා ගන්නේ යලකන්න  සහා මහකන්නය  වශයෙන් බේදාගෙනය.ඉන් ලොකු ළුණු වගා කරන්නේ එක් කන්නයක් පමණයි ඒ යල කන්නයේය.

මෙවර යල කන්නය ආරම්භයත් සමගම දඹුල්ල හා අනුරාධපුර පොලොන්නරුව දිස්ත‍්‍රික්වල  ගොවින් ලොකු ළුණු වගාවට යොමුවන්නේ හැමදාම එක තැන ඉන්නවාට වඩා ගේදොර හදාගන්න, පසුගිය අවුරුදුවල වු ණය ගෙවන්න , දුවගේ මංගල්‍යය මහ ඉහලින් ගන්න ආදි ලෙසින් දහසක් දේ ප‍්‍රාර්ථනාවන් සිත්හි දරාගෙනය. එහෙත් මෙම බලා පොරොත්තු මෙම වසරේ මාර්තු මුල් සතිකීපයේ ළුණු තවාන් දැමු අතර එවායින් බහුතරයද වැස්ස හා තද අවුකාස්ඨය හේතුවෙන් විණාශවිය.අපේ‍්‍රල් මැයි මාස වලද මෙම ගොවින්ට තවාන් නඩත්තු කරන්න සිදු විය. අණතුරුව මහා නියගය නිසාවෙන් ළුණු වගාවට ජලය යොදන්න අපමණ වේහේසක් ගන්න සිදුවුයේය. සැමදාම වගාවට සිත් ඇති ගොවියන් මෙම මාස 6ක් පමණවු  කාලය තම ජිවිතයේ සියලූ දේ වගාවට කැප කිරමින් තම වගාවෙන් ඉහල අස්වැන්නක් ලබා ගැනිමට අසිමිත වේහේසක් ගත්තද මෙමවරද එම සිහිනය සැබැ කරගැනිමට නොහැකිව ලතවෙමින් සිටිති.  සමහරගොවින් තම ගේ දොර වතුපිටි කණකර හරකබාන ආදියද බැංකුවලට හෝ ගිණිපොළි මුදලාලිට උකස්කර ඇති පසුබිමකය.

අක්කරයක භුමියක ලොකුළුණු වගා කිරිමට  රුපියල් ලක්ෂ තුනක් තුනහමාරක් පමණ වැයවේ. ඒ බිජ වලසිට අස්වැන්න නිවසටගැනිම දක්වා වු ක‍්‍රියා වලිය සදහාය. මෙම මුදලට ගොවියාගේ හා නිවැසියන්ගේ ශ‍්‍රමය ඇතුලත් කලද එය මිල කර නොමැති අතර එයද මිල කිරිමෙන් මෙම මුදලය වඩා වැඩි මුදලක් වැය කරිමට සිදුවන බව බව ගොවින් පවසති. මේසේ වැය කරණ මුදල එක් ලොකුළුණු කිලොවක් නිෂ්පාදනය කිරිමට ආසන්න වශයෙන් රුපියල් 50ත් 65ත් අතර මුදලක්  වැයවේ. එම මුදලත් සමගින් යම් ලාභයක් ලබා ගන්න හිතා වින්ද දුක අගෝස්තු මස මුලදි දඹුල්ල හා අවට ප‍්‍රදේශවලට ඇද හැළුණ මහ වරුෂාවෙන් එක ඇසිල්ලකින් සොදා දැමිමට සමත් විය.

සාමාන්‍යයෙන් ලොකුළුණු  සදහා රුපියල් 80 ක මිලක් ලැබුනේනම් ගොවින්ගෙ සිහින යම් මට්ටමකට සැබැවනු ඇත. එහෙත් මෙරට කරවන බලධාරින් ලොකුළුණ අස්වැන්න ලබෙන බව දැන දැනම පසුගිය වසරවලදි මෙන් මෙවරද පිටරට වලින් ලොකුළුණු ගෙන්වන ව්‍යාපාරිකයින්ට ඒ සදහා අවස්ථාව කිසිදු බාදාවකින් තොරව අවස්ථාව ලබා දි තිබුණි. එහි ප‍්‍රථිපලය වුයේ දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය වටා සියලූ ගබඩා ලොකුළුණු වලින් පිරි යෑමයි.

එම ආනයනික ලොකුළුණු මෙරටට ගෙන්වා විවෘත වෙළපොලේ රුපියල් 80ක්ට සිල්ලරට විකිණිමේ නිරතව සිටින විට මෙරට ගොවියා තම අස්වැන්න වෙළපොළට නිකුත් කල අතර එහි ආරම්භක මිල රුපියල් 100 120ත් අතර විය. ඒ මෙරට ලොකුළුණු සදහා වෙළදපොලේ පවතින ඉල්ලූම හේතුවෙනි. එහේත් වැසි වැටිමත් සමගම බොහෝ වගාබිම්වලට දිලිර අසාධන ඇතිවිමෙන් ළුණුවගාව කුණුවි විනාශවි ගියේය. වැස්ස දිගටම පවතිවියැයි ඇතිවු බියෙන් ගොවින් ළුණු අස්වැන්න කලින් නෙලිම නිසාවෙන් දඹුල්ල ආර්ථිකයේ ලොකුළුණු වලින් පිරි ඉතිරි ගියද ඒ සදහා හොද මිලක් නොවු බැවින් ගොව්න් උදේ සිට රාත‍්‍රි වනතුරුම තම අස්වැන්න විකිණිම සදහා වෙහෙස වි හිස් අතින් නිවෙස් වලට යන්න සිදුවුයේ වහන කුලිය ගෙවිමටද නැවැත ණය වෙන්න සිදුවිමෙනි.

1999 අපේ‍්‍රල් 1 දින එවක පලනය කල රජය දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය ආරම්භකරනුයේ දඹුල්ල කෙන්ද්‍රකරගෙන වගා කරණ ගොවින්ගේ අස්වැන්න පහසුවෙන් විකිණිමේ අවස්ථාව ලබාදිම පිණිසය. එහෙත් අද වන විට ආනයනික ලොකුළුණු හා අර්තාපල් අල  සැමන්  කරොල පමණක්  විකුණන වෙළද සැල් 42ක් ඇති අතර දේශිය ලොකුළුණු අල සමග විදේශිය අලළුණු විකුනන වෙළදසැල් කිපයක්ද ඇති ආකාරය දැක ගත හැකිය. ආරම්භක අවස්ථාවේ  ආර්ථික මධ්‍යෂ්ථානයේ වෙළද සැල් 144ක් පමණක් තිබුණු අතර පසුගිය පාලන කාලයේදි ගොවින්ගේ අස්වැන්න තේරිම සදහා ඉදිකර තිබු ස්ථානයේ ආරම්භකල ව්‍යාපාරික ස්ථාන දෙදක් සමග අද වන විට 146ක් වෙළද සැල් තිබුණද දේශිය ගොවි අයිතින් වෙනුවෙන් ඉන් නැගෙන හඩක් අද දක්නට නොපුළුවන.

 

දඹුල්ලේ හා රටේ ගොවින් වෙනුවෙන් ආරම්භකල  දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය අද වන විට ව්‍යාපාරික හා නාඩිවෙළදුන් විසින් ගොව්න්ගේ අස්වැන්න ගසාකන ස්ථානයක් බවට පවත්ව ඇති ආකාරයක් දැකගැනිමට පුළුවන ඒ හේතුවෙන් දඹුල්ල ආර්ථිකයට ලොකුළුණු ගෙනඑන ගොවියා අසරණව තම අස්වැන්න විකුණාදමන්නේ කුණුකොල්ලයට බව ගොවින් දන්නා කරුණකි එහෙත් එයට විරුද්ධව නැගි සිටිය යුතු ආර්ථික මධ්‍යෂ්ථන පාලනය කරණ කලමනාකරණ භාරය නිහව සිටිනුයේ අද ව්‍යාපාරික ආධිපත්‍ය එහි ඇති නිසාවෙනි.

බත සරි කරණ ගොවියො මෙන්ම දඹුල්ලේ ලොකුළුණු ගොවින්ද රටේ ආර්ථිකය සරි කරන්න දැඩි වෙහෙසක් ගන්නා පිරිසකි.  කලක් මෙම ගොවන් හැදින් වුයේ මඩ සෝදාගැනිමෙන් අණතුරුව රජකමට හෝ සුදුසුය යනුවෙනි. එහෙත් වසරකට එක් කන්නයක් පමණක් වගා කරණ ලොකුළුණු වගා කල ලොකුළුණු  ගොවියෝ අද රජකම කෙසේ වෙතත් මඩ සොදිමෙන් යාචකයෙකු වේයැයි බියෙන් පසුවන තත්වයට පත්ව ඇති ආකරය දැක ගත හැකිය. එක් පසකින් විදේශිය ලොකුළුණු ලංකාවට ගෙන්වා දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානය මුල් කරගෙන විකිණිම ජයමට කරගෙන යන අතරතුර මෙරට ලොකුළුණු සදහා හොද මිලක් දක්නට නැත.

අයහපත් කාල ගුණ  තත්වය හේතුවෙන් වැස්සට තෙමුණ ලොකුළුණු බව පවසමින්  මේවන විට ගොවින්ගේ අස්වැන්න සදහා හොද මිලක් නොලැබෙන තත්වයක් ඇති වි ඇති බවද ඒ හිදි ආනනයනික ලොකුළුණු වලට සාපෙක්ෂව දේශිය ලොකුළුණු වල මිල හා තත්වය තිර්ණය කිරිමෙන් දේශිය ලොකුළුණු මිල පහත වැටි ඇති බව දඹුල්ල මාතලේ එකාබද්ධ  ගොවිසංවිධානයේ සබාපති සුනිල් රණවිර මහතා පවසයි . මෙම ගැටලූව පිලිබදව රජය දැනුවත් කිරිමට තම සංවිධානය කටයුතු කල බවද රජය මේවන තුරු සාධාරණ විසදුමක් ලබාදි නොමැති බව සුනිල් රණවීර මහතා පවසයි. ආනයනික ලොකු ළුණු සදහා බදු වැඩිකිරිම අස්වයා පැනගියපසු ඉස්තාලය වැසිමට සමාන බවපවසයි. ලොකුළුණු ගොවි ගැටලූව විසදිම් සදහා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයද තමන් සම අත්වැල් බැදගෙන සිටින බව ද පැවසිය. ඒ අතර ලොකුළුණු වගා කිරිමට කණකර දේපල උකස්කල ගොවින් අසරණ වි ඇති බවත් ඔවුන් නගා සිටුවිමට කටයුතු කරන ලෙස රජයෙන්  ඉල්ලා සිටි.

ලෙකුළුණු අස්වැන්න වෙළදපොලට නිකුත් වෙන්න ආරම්භ වීමත් සමගම ස්වාභාවික ව්‍යසනයක් වු වැස්ස නිසා වගා බිම අහිමිවු හබරණ ඉහලගම ප‍්‍රදේශයේ ගොවියෙක්  අගොස්තු 12 දින වසපානය කිරිමෙන් පසු දඹුල්ලෙදි  මියගියේ තම ගොවිබිම ජලයෙන් යටවිමෙන් අස්වැන්න නෙලිමට ආසන්නව තිබියදි ඇතිවු ව්‍යයසනය දරාගත නොහැකිවයි. මේ අන්දමින් රටේම ගොවින් සිය දිවි හානිකරගැනිම සිදුවීමත් සිදුවිය හැකි තත්වයකි.

මෙම තත්වය පිලිබදව දඹුල්ල එකාබද්ධ ගොවිසංවිධානයේ  ආර් බි හේරත් මහතා    පවසා සිටියේ  දඹුල්ල කෙන්ද්‍රකරගෙන  සිගිරිය , කිබිස්ස, කණ්ඩලම, කළුන්දැව, වෑවල ගලේවෙල  ආදි ප‍්‍රදේශවල ගොවිමහතුන් ගෙන් සියයට 90ක්ම මෙවර ලොකුළුණු වගා කල බවද ඒ සියලූ දෙනාම සිදුකල වියදම් මුදල් පියවිමට නොහැකි තත්වයට අද පත්ව ඇතිබව පැවසිය. පසුගිය වසරවලට සාපෙක්ෂව කම්කරු ශ‍්‍රමයට ගෙවන මුදල වැඩිවිම 350ට තිබුණ පොහොර මිටිය 3500කට මිලදි ගැනිමට සිදුවිම , තෙල් මිල මෙන්ම ආහාර සදහා වු මිල ගනනං ඉහල යෑම නිසාවෙන් ලොකුළුණු කිලොවක් නිෂ්පාදනය කිරිමට රුපියල් 55ත් 65ත් අතර මුදලක් මෙවර ගොවියා විසින් දරා ඇති පසුබිමක මෙසේ මිල පහල වැටිම ගොවියාට දරාගැනිම අපහසු වි ඇති බව පැවසිය. ඒ සමගම ගොවින් වෙනුවෙන් පෙනිසිටින්න බිහිවන සංවිධාන තම දේශපාලන අරමුණු වෙනුවෙන් ගොවින් මෙහේවිම පණක් සිදු කරණ බවද , උද්ගොෂණ සිදුකරමින් හා තණතුරු වලට පමණක් ගොවි සංවිධාන ඇති බවත් තම සංවිධානය පසුගිය වර්ෂ වලදි ගොවි ගැටලූ රජයේ ඉහල බලධාරින්ට යොමු කිරිම කලද මේ වන විට පවතින දේශපාලන උවමනාම මත තම සංවිධානයට ලබා නොදෙන බවද ඒ මහතා පැවසිය. ඒ නිසාවෙන් ගොවින් දිනේන දින ගොවිතැනින් ඇත්වන බව ඒමහතා පැවසිය.

ඒ සමගම පසුගිය රජයන් යටතේ ගොවින් අසරණ වුවිට රජය මැදිහත්ව ළුණු මිලදිගැනිම වැනි සහන සැපයිම කලද අද එවැනි තත්යක් දක්නට නොමැති විමද ගැටලූක් බව පැවසිය. වෙනදා තම සංවිධානය රජය දැන්වත් කලද අද වන විට එවැනි තත්යක් දැක ගැනිමට නොහැකිවිම ගොවින්හට ගැටලූ ඇතිවිමට හේතු වි ඇති බවද පැවසිය.

දඹුල්ල කලොගහඇල ප‍්‍රදේශයේ අක්කර දෙදකක වගා බිමක් පවත්වාගෙන යන ජයන්ත මහත්මා පැවසුයේ මෙවර ලොකුළුණු වලින් රුපියල් ලක්ෂ 5ක් පමණ වතුරේ ගිය බවත් එය වැස්ස නිසා සිදුවු දෙයක් මිස ලොකුළුණු වලින් පාඩු සිදුවිමක් නොවන බව පැවසිය. ඒ එහෙත් මෙවර  සිදුවු පාඩුව පියවා ගැනිමට කාලයක් ගතවන පව පැවසිය. තමා ආයොජනය කල රුපියල් ලක්ෂ 5 තුලින් ලොකු ළුණු සදහා හොද මිලක් පැතියේනම් රුපියල් ලක්ෂ 12ක් 13ක් ලබා ගැනිමට හැකියාව තිබුණ බවද එතුලින් තමන්ට මෙන්ම ගොවියාටද ලාබයක් අත්වෙන බව පැවසිය. එහෙත් ළුණු මිල අඩු විමත් වර්ෂාවත් හේතුවෙන් තමන්ගේ ඉදිරි ගොවිතැන් කටයුතු සිදුකරගෙන යෑමට යම් අපසුතාවයක් සිදුවන බවද ඔහු පැවසිය.

මේ අන්දමට දඹුල්ල කේන්ද්‍රකරගෙන ලොකුළුණු වගාවේ යෙදුන ගොවින් ගේ වගා බිම් පාළුවිමත් වර්ෂාව හේතුවෙන් සියළු ළුණු සදහා වැසිළුණු ලෙබල ගසා මිල පහල දැමිමේ කුමන්ත‍්‍රණයක් දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථනයේ වෙළද මාපියාවක් පවතින බව ද උදැසන ළුණු ගෙන එන විට මිල රුපියල් 80ක්  90 අතර පැවතිය ද  දහවල් වන විට එහි මිල රුපියල් 25ත් 40 අතර මිලකට පහල වැටෙන බවත් තමන්ගෙන් අඩුවට ගන්නා ළුණු තමන් ඉදිරියේදිම වැඩි මිලට වෙළෙන්දන්ට විකුණන බවද  නම සදහන් නොකරණ ලෙස ඉල්ලූ ගොවියෙකු අප හා පැවසිය.

මෙසේ ලොකුළුණු මිල පහල වැටිමෙන් දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථානයේ ව්‍යාපාරිකයින්ටද පාඩු සිදුවිම සිදුවි ඇති ආකරය දැක ගත හැකිය ඒ කිලොවකට රුපියල් 5ත් 8ත් අතර කොමිස් මුදලක් ලබා ගැනිමට තිබු අවස්ථාව දැන් රුපියල් 2ක දක්වා පහල වැටි ඇති බවද  වෙළනේදෙන්් අප හා පැවසිය. ඒ අතර රුපියල් ලක්ෂ 50ත්  60ත්  අතර මුදලක් ගොවින්ට ණයට දුන් වෙලෙන්දෝ ගොවින්ගෙන් ණය මුදල් ලබා ගැනිමට නොහැකිව සිටින අයුරුද අපට දැකගත හැකිවිය. මේ අන්දමට පසුගිය වසර වලදි ණය ගත් ගොවීන් මෙම වසරේදි ණය ගෙවිමට සිටියද වෙරද නිසි මිලක් නොමැති වීමෙන් පාඩු ලබන බව ව්‍යාපාරිකයන් කිපදෙනකුම අප හා පැවසිය.

වෑවලවැව ගම්මානයේ ගෙවිලියක් වන කුසුමාවති මහත්මිය අප සමග මේසේ පැවසිය. අපි එක පැත්තකින් අලි නිසා දුක් විදිනවා අනේක් පැත්තෙන් ගොවිතැන් පාළුවිමෙන් දුක් විදිනවා අපෙන් ඡුන්දය ගන්න එන මහත්වරු ලොකු ලොකු වහන වලින් යනවා අපේ ළුණු ඔළවළු මිලදි ගන්න වෙළෙන්දෝ යහන වහන තියාන ඉන්න කොට අපි හැමදාම අව්වට කරවෙමින් වේලෙමින් ජිවිතය ගෙන යන්න වෙලා තියෙන්නේ ක‍්‍රමවේදයක් නැති හින්දා මෙවා පිලිබදව අවධානය යොමු කිරිම බලධාරින්ගේ යුතුකමක් නොවන්නේද යනුවෙනි.

සිගිරියේ ගොවිතැනින් ජිවත් වෙන තිලකරත්න මහතා ප‍්‍රකාශකලේ වෙනත් අදහසක් සිගිරිය ප‍්‍රදේශයේ මේවන විට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉදිවන හොටල් ජලමාර්ග ආසන්නයේ ඉදිකිරිමත් හොටල් වලට නිදහස්කරණ රජයේ කැලැඉඩම් බිම් අගලක්වත් ගොවිතැන් වෙනුවෙන් නිදහස්කිරිමක් මෑත කාලයේ සිදු නොවන බවත් මෙම වකවානුවේ බලධාරන් මෙරට ජනයා ගොවිතැනින් ඇත්කරණ බවද මෙම සිදුවිම් ඒ වෙනුවෙන් පෙලගැසුන ක‍්‍රමවේදයක් බව පවසයි. ලොකුළුණු මිල අඩුවිම නිසා සිගිරියේ ජනයාද ගොවිතැන අතහැරදැමිම වැඩි ඈතක නොවන බවද තිලකරත්න මහතා පවසයි.

මෙම පිලිබදව අදහස් දක්වන දඹුල්ල  ආර්ථික මධ්‍යෂ්ථානයේ ව්‍යාපාරිකයන් පැවසුවේ විදේශ රටවලින් ලොකු ළුණු ගෙන්විමත් දේශිය ලොකුළුණු මිල පහල වැටිමට යම් හේතුවක් විමත් එකවැර ලොකුළුණු තොග වෙළද පොළට පැමිණිම මිල අඩුවිමට ප‍්‍රධානම හේතුවක් වි ඇති බව පැවසිය.එය ආර්ථික විද්‍යාවේ සරල රිතියක් වන ඉල්ලූමට සැපයුම  මත පිහිටා සිදුවන බව පැවසිය. එබවින් ලොකුළුණු ගබඩා කර ක‍්‍රමයෙන් වෙළද පොළට අස්වැන්න නිකුත් කරන්නේනම් මෙසේ අසිමාන්තික මිල පහල වැටිම සිදුනොවන බව පැවසිය.

දඹුල්ලේ ලොකුළුණු ගොවියා මෙසේ මිල පහල යෑමෙන් අසරණ විම වැලක්විමට  මීට වසර කීපයකට ප‍්‍රථම හෙලන් මීගහමුල්ල  මාතලේ දිස්ති‍්‍රක් ලේකම් තුමිය විසින් ලොකුළුණු ගොවින් ඉලක්ක කරගෙන ළුණු ගබඩා 500ක් ඉදිකිරිම ආරම්භ කලද එය සාර්ථක වි ඇති බවත් දක්නට නැත. එය සාර්ථක වුයෙනම් මෙසේ එකවැර ළුණු තොග ලැබිම නිසා වන පාඩුවත් වර්ෂා නිසා වන පාඩුවත් යම් තරමකට අවම කරගැනිමමේ හැකියා ලැබෙනු ඇත.

එසේම ගොවිතැන රක්ෂණය කිරිමද වගා පාළුව අස්වැන්න හානි විම අව්ව වැස්ස ආදි අවස්ථාවල රජයෙන් එවා පුර්ණය කිරිමට හොද පිලියමකි එහෙත් රජය තම දේශපාලන න්‍යායපත‍්‍ර අනුව මහබණ්ඩාගාරයෙන්  මුදල් නිකුත් කිරිම මෙකල මෙන්ම පසුගිය වකවානවේ ද නිතරම සිදුවිය. ගොවියාද පුරුද්දට මෙන් එසේ ඉල්ලා ලැබෙන සොච්චමින් අත පිසදා ගන්නවා හැර වෙනත්  ක‍්‍රවේදයන් අනුගමනය කිරිම දක්නට නොලැබේ.  වගා බිම රක්ෂණය කිරිම කර ඇද්දයි අප ගොවින් කීපදෙනකුගෙන විමසා සිටියද එසේ කිරිම පිලිබදව ගොවින් තුල ඇත්තේ පසුගාමි මානසිකත්වයකි . මේ පිලිබදව ගොවිසංවිධාන නියොජිතයින් පවසන්නේ තමන්ද මෙවැනි ක‍්‍රමවේදයන් පිලිබදව තවම අවධානය යොමුකර නොමැති බවයි.

විදෙස් රටවලින් අරන් එන ලොකුළුණ සදහා ඒ රටට මුදල් ගෙවා නැව්ගාස්තු බදුමුදල් ගෙවිමෙන් අණතුරව මෙරට සිල්ලර මුදල රුපියල් 70 80 අතර මුදලක් විමත් අපේ රටේ නිෂ්පාන වියදම 65ක් විමත් අතර මෙරට ගොවින්ට විශාල මුදලක් නිශ්පාදනයට වැයවිමද සැලකිල්ලට යොමුකල යුතුනොවන්නේද

මෙම ගැටලූවට විසදුම් සෙවිය යුත්තේ එදිනදා නොවන අතර මෙරටට මේ  අන්දමින්ම චිනය ඉන්දියාව  පකිස්ථානයෙන් ගෙන්වන ලොකුළුණු දේශිය ලොකුළුණු  අස්වැන්න නෙලිමට ආසන්න වකවානුවල සිමා කිරිමත් සිදු කිරිමට බලධාරින් කටයුතුකල යුතුය . එසේම සුළුතරයක් වු ගොවින් රකිනවා මෙන්ම රටේ බහුතරයක් වු පාරිබෝගිකයින් ආරක්ෂා වන පිලිවෙලක්ද අනුගමනය නොකරන්නේනම් පාලක පැලැන්තිය වෙත ගොවින්ගේ මෙන්ම  පාරිබෝගික අප‍්‍රසාදය ඇතිවිය හැකිය. එපමනක් නෙව විවගාවෙන් මෙන් අනෙකුත් වගා වන්ගෙන් මෙරට ජනයා ඈත්විම වැලක්වීමට බලධාරින් අවධානය යොමුකලයුතු නොවන්නේද

– දඹුල්ල  මහින්ද උදයසිරි රත්නායක

5,352 Viewers
Main News