දයාගේ ඉල්ලීමෙන් චීනයෙන් කාලගුණ උපාධි ශිෂ්‍යත්ව…

September 5, 2017 at 2:21 am | lanka C news
දයාගේ ඉල්ලීමෙන් චීනයෙන් කාලගුණ උපාධි ශිෂ්‍යත්ව…

ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා දයාසරණ සංවර්ධන පදනමේ නිර්මාතෘවරයා ලෙසින් කළ ඉල්ලීමකට අනුව, කාලගුණ විද්‍යා උපාධිය හැදෑරීම සඳහා ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් 20 දෙනෙකුට සිව් අවුරුදු ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමට චීනය ඉදිරිපත්ව සිටී.

ඉන් ශිෂ්‍යත්ව 10ක් චීන රජයෙන් ද අනෙක් ශිෂ්‍යත්ව 10 නැන්ජින් තොරතුරු, විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය ද පිරි නමනු ඇත.

නැන්ජින් තොරතුරු, විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේදී එම තරුණ තරුණියන් පිරිස උපාධිය හැදෑරීම සිදු කිරීමට නියමිතයි.

සැප්තැම්බර් 18 වැනිදා චීනය බලා යෑමට නියමිත එම පිරිස සමස්ත දිවයිනම ආවරණය වන පරිදි තෝරාගෙන තිබේ.

ඔවුන් ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේදී දයා ගමගේ ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ හමු වී ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී ඔවුන් ඇමතූ ගමගේ මහතා කියා සිටියේ, කාලගුණ විපර්යාස යනු ලෝකයට ඉතා වැදගත් සහ නොපෙනෙන වටිනාකමක් ඇති විෂයයක් බවයි.

එම නිසා තමන්ට ලැබුණු මෙම අගනා අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නැයි ඔහු එම තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියේය.

– ජෝර්ජ සිල්වා

3,019 Viewers
Main News