දයාසරණ මෙවරත්..

June 10, 2017 at 2:45 am | lanka C news
දයාසරණ මෙවරත්..

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ ඵෙතිහාසික දීඝවාපි පුද බිමේදී දයාසරණ සංවර්ධන පදනම සිදු කරන ආගමික සත්කාරක වැඩසටහන මෙවරත් සිදු කෙරිණ.

කථානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ, හිටපු ඇමති පී. දයාරත්න හා මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම ඇතුළු පිරිසක් ඊට සම්බන්ධ වූහ.

දීඝවාපි විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිල් සමාදන් වූ උවසු උවැසියන් වෙනුවෙන් ධර්ම දේශණයක් පවත්වනු ලැබූයේ ටැම්පිටිය රජ මහා විහාරාධිපති පූජ්‍ය ටැම්පිටියේ ඥානානන්ද හිමියන් විසිනි.

සිල් සමාදන් වූ උවසු උවැසියන් වෙනුවෙන් උදෑසන සහ දහවල් දානය පිරිනැමීම සිදු වූ අතර, වන්දනාකරුවන් වෙනුවෙන් පාන් දන්සලක් පැවැත්වින.

එමෙන්ම, දීඝවාපී වැසියන්ගේ ආර්ථිකය නඟාසිටුවීමේ අරමුණින් කිරි ගවයින් ප්‍රදානයක් ද එම අවස්ථාවේදී සිදු විය.

– ජෝර්ජ් පෙරේරා

2,217 Viewers
Main News