දයාසිරි අන්දකයිප්පු කාලා.. දයාසිරි චන්ඩියාට සුසන්තිකා දෙරණේදී බඩ පුරා නෙලයි..[Video]

June 11, 2017 at 10:05 pm | lanka C news
දයාසිරි අන්දකයිප්පු කාලා.. දයාසිරි චන්ඩියාට සුසන්තිකා දෙරණේදී බඩ පුරා නෙලයි..[Video]

තමනට මෙතෙක් ක්‍රිඩා අමාත්‍යාංශය හරහා ගෙවූ මාසික දීමනාව නොයෙකුත් හේතු කියමින් වර්තමාන ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් නවතා දැමීම නිසා ඇයට හිමිව තිබු ශ්‍රී ලංකාවට ඉතා වටිනා රිදි පදක්කම් වෙන්දේසි කොට ජිවත් වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට තීරණය කල බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි කෙටි දුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය.

මේ ගැටලුව සම්බන්ධව ඇය විසින් වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචන කරනු ලැබුවේ මේ සතියේදී දෙරණ රූපවාහිනියේ “මොකද වුණේ” වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදි ඇය විසින් පැවසුවේ දයා සිරි ජයසේකර වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයා අන්ද කයිප්පු කා සිටින බැවින් බොහෝ දේ ඔහුට තේරුම් ගන්න බැරි බවත් රටේ ජනතාව තමාව අමතක නොකරන නිසා ඉදිරියේදී වෙන දෙය බලා ගත හැකි බවකි.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා තමා සංවිධායක ධූරය දරණ පඩුවස්නුවර ආසනයේ පඩුවස්නුවර විවිධ සේවා සමූපකාර සමිතියේ පරිශ්‍රය තුලට කඩා වැදුන අමාත්‍යවරයා ඇතුළු මැර පිරිසක් එහි සමාජිකයින්ට මෙන්ම සමූපකාර සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගය ගෙන ඒමට සුදානම් වූ අධ්‍යක්ෂවරයෙකුටද පහර දී එම සාමකාමී මහා සභා රැස්වීම කඩාකප්පල් කලහ.

26,874 Viewers

9 Comments to “දයාසිරි අන්දකයිප්පු කාලා.. දයාසිරි චන්ඩියාට සුසන්තිකා දෙරණේදී බඩ පුරා නෙලයි..[Video]”

  1. Champa says:

    මොනවා, ඒ දීමනාවත් නවත්තලද මේ දයාසිරි කියවන්නේ? හොඳයි වැඩේ. කොහොමද එහෙම නතර කලේ?

    මංගල, දයාසිරි ඇතුළු මීහරක් මණ්ඩලේ නඩත්තු කරන්න මහජන ධනය කොයි තරම් වියදම් කරනවද? එක මීහරකෙක්ට ලාඩන් ගහලා, තණකොළ පුන්නක්කු දීලා නඩත්තු කරන්න මාසෙකට මිලියන් එකක් වියදම් කරනවා. එතකොට මීහරක් මණ්ඩලේ 95 ට මිලියන් 95යි. ගාලට අළුත් මීහරක් ආවද ලඟදි, මට මතක නැහැ. තප්පුලනවයි එලෝ මෙලෝ නැතුව මඩ නාගන්නවයි ඇරුනහම කරන වෙන දේකුත් නැහැ. ඒ මදිවට යන්න එන්න කෝටි ගණන් දීලා duty free ගොන් කරත්තත් අරන් දෙනවා. තව සමහර මීහරක් තමන්ගේ ගාල තියෙද්දී අනුන්ගේ හිස් ගාල් වලට මහජන ධනය කෝටි ගණන් ගෙවනවා. ඊළඟට අවුරුදු 5න් විශ්‍රාම වැටුපුත් දෙනවා. බොරු හේතු හද හදා නිලධාරීන් යන්න ඕනේ ඒවාට මීහරක් පිටරට සවාරිත් යනවා. හැබැයි ලංකාවට දුර්ලභ කීර්තියක් ගෙනාපු ක්‍රීඩිකාවක් නඩත්තු කරගන්න සුළු ගානක් ගෙවන්න බැහැ.

    සුසන්තිකාට Sports Ambassador තනතුරක් දීලා ඇමති මීහරකෙක්ට සියළු දීමනා සහිතව මාසෙකට ගෙවන මුදලම ගෙවන්න ඕනේ. මීහරකෙක්ට ඔක්කොමත් දීමනා වැටුප් ගොන් කරත්ත වලට ගෑස් මේ ඔක්කොම එක්ක මාසෙකට ලක්ෂ දෙකකට වඩා හම්බ වෙනවනේ. ඒ ගානම සුසන්තිකාටත් ගෙවන්න ඕනේ.

    අනිත් රටවල නම් සුසන්තිකා වගේ අසාමාන්‍ය දක්ෂතා පෙන්වපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ විදියේ තනතුරු දෙනවා. සලකන්නේ ජාතික වස්තු විදියට. මේ රටේ විතරයි ඔලිම්පික් පදක්කමක් දිනලා රටට කීර්තියක් ගෙනාපු ක්‍රීඩිකාවක් බරක් විදියට සලකන්නේ. සුසන්තිකාට මේ දීමනාව දෙන්න වියදම් කරන්නේ මහජන ධනය. ඇමතිවරුන්ට හිතෙන හිතෙන විදියට වැඩ කරන්න බැහැ. දේශපාලකයන්ට අමතක වුනාට මහජනතාවට සුසන්තිකාව අමතක වෙන්න නැහැ. ඒ නිසා සුසන්තිකාට අලුත් තනතුරක් හදලා දීලා ඇමතිවරයෙක්ගේ වැටුපට සමාන වැටුපක් ගෙවන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යංශයට පුළුවන් මාසෙකට සැරයක් එක එක පළාත් වල sports workshop එකක් දාල සුසන්තිකා එක්ක එකතු වෙලා ගම් පළාත් වල ඉන්න මලල ක්‍රීඩා වලට දක්ෂ දරුවන්ව හඳුනා ගෙන ඒ දරුවන්ට විශේෂ පුහුණුවක් දෙන්න. සුසන්තිකාලා ලංකාවටම ඉන්නේ එක්කෙනයි. අපි ලජ්ජා වෙන්න ඕනේ සුසන්තිකාගේ මට්ටමට වෙන කිසිම ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් හරි ගෙන්න බැරි වුනාට.

    සුසන්තිකාට කට තිබ්බ හින්දා තමන්ට වෙච්ච අසාධාරණයට විරුද්ධව කතා කළා. මේ විදියට තව අසරණ කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොයි තරම් ඉන්නව ඇතිද? ඒ කිසි කෙනෙක් ගැන බලන්නේ නැහැ ක්‍රීඩා අමාත්‍යාංශය.

    සුසන්තිකා ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්න. ඊළඟ ක්‍රීඩා ඇමතිවරිය වෙන්න. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය හුඟක් අඩුයි. දයාසිරිගේ ගමෙන්ම ඉල්ලන්න තියෙන්නේ. කඩමු දයාසිරිගේ චන්ද ටික. තව ඒ වගේ හුඟක් ඉන්නවා. කොහොමත් ඊලග පාර්ලිමේන්තුවට අළුත් මන්ත්‍රීවරු හඳුන්වලා දෙන්න ඕනේ. හුඟක් අයගේ දැන් කරමල් සුදුයි.

    • saranga says:

      100% එකඟයි වැඩේ තියෙන්නේ මේ ගමෙන් ආපු පිටිසර සරල ජනපති මේවා ගැන කටක් ඇරලා යමක් කියන්නේ නැති එක එයාට කට අරින්න බයයි තීරණයක් ගන්න බයයි එහෙම නැතිනම් මේවා මෙච්චර දුරදිග යන්න ඕනා දෙවල් ද මහින්ද මේවගේ දේවල් පත්තරෙන් නෙවෙයි දැනගත්තේ ඒවගේම දැනගත්තු ගමන් අදාළ පුද්ගලයාට තමාම කතා කරනවා අතර මැදි ලේකම්ලා ලවා නිවෙයි කෙලින්ම තමාම කතා කරනවා කතා අක්රලා ඒ ප්‍රශ්න එක වචනයකින් විසදනවා ඒ ගැන හොයල බලන් න ඕනා උනොත් ආයේ කෝල් කරලා අහනවා අර පුද්ගලයාගෙන්ම .අන්න ජනපතිවරු .කාගේවත් රුකඩ නෙවෙයි කාටවත් අබය තියෙන අය නෙවෙයි නියම පවුර්ශයක් තිබෙන අභීත නායකයෝ නේද චාම්පා .

    • Amda says:

      මුන්ගෙ කාලෙ ඉවරයි… ඔක්කොම කුලප්පු වෙච්ච මී හරක් වගේ, යන ගී කියනවා !

  2. Aussie says:

    She is a “Wattiamma,Wattiamma,Wattiamma.” She is “Ungrateful.” No proper education. Behaviour is very bad.

    • sasi says:

      ඔයා නොදන්නවාට හොඳට ඉගනගත්ත සමුපේ මුට්ට කර ගහපු මෙර්වින් සිල්වාටත් පින් පැන්සොන් ලැබෙනවා ,
      නිකා ඉන්නවා ඕයි අවුරුදු පහේ කාලකන්නින්ට ගොටු අල්ලන්නේ නෙතුව .

  3. sam says:

    Sports ministryen 60000.00
    Army eken 60000.00

    Gedara wela nikam athal gannawa. Pahugiya davas wela gedara hora minihek idala ahuwela una de mathake!!!!!!
    Meki gon kadak….Bokku katak…………………Api meya gana hodata dannawa…apith warakapola pathe nisa……………….

  4. jude Silva says:

    Athlete Susanthika is national treasure. she and Dunwan white won only two medals for the country in more than 100 years Olympic History. (Specially she did it in 200 meter event which Americans are dominating) Nobody ever can disgrace Athlete Susanthika. We cannot even imagine in another 100 years anyone from our country will win a medal in short distance running event. Its governments duty to protect her until she die.

  5. Upul says:

    We appreciate her winning a gold medal. She has been compensated enough for that achievement. It seem to me as if she is trying to get freebies for ever for that medal. What I think is the Govt. has done more than enough for her. There is no gratitude from her for that, and it shows from the despicable way she burst out in the interview. She should calm down and talk sensibly to get the things solved in a decent fashion. The way she talks will not solve any issues, and definitely will get worse.

Main News