දයා මාස්ටර්ට කැති පොලූවලින් පහරදෙන්න ආ හේතුව මෙන්න..

January 9, 2018 at 6:48 pm | lanka C news
දයා මාස්ටර්ට කැති පොලූවලින් පහරදෙන්න ආ හේතුව මෙන්න..

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයාමාස්ටර්ට පහරදීමට පැමිණි පුද්ගලයා අධික බිමතින් සිට ඇති බවටත් නිවසේ තිබූ රූපවාහිනි සම්බන්ධතාවය විසන්ධිවීම හේතුවෙන් උරණ වීමක් නිසා මෙම පහරදීම සිදුව ඇතියි යාපනය පොලීසිය සැක පල කර සිටියේය.

යාපනය දිස්ත්‍රීක්කයේ පවතින සන්නිවේදන ගැටලු හේතුවෙන් යාපනයේ බහුතරය රැහන් සහිත (කේබල් රූපවාහිනි) රූපවාහිනි සම්බන්ධතා බාවිතා කරන අතර දයාමාස්ටර් අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් එවැනි රැහන් සහිත රූපවාහිනි නාලිකාවක සේවය කරයි.

එම දෙමළ රූපවාහිනි නාලකාවේ සමබන්ධතාවයද මුදල් නොගෙවීම නිසා විසන්ධිවීම හේතුවෙන් එයට උරණ වූ යාපනය අංක 212න් 02 ප්‍රධාන පාර යාපනයේ පදිංචි 52 හැවිරිදි මේසස් සද්ගුණදාස් නැමත්තා අධික ලෙස මත්පැන් පානය කොට දයාමාස්ටර්ගේ රූපවාහිනි නාලිකාවට පැමිණ පහර දී ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියේය.

සැකකරු වීසින් සිදු කරන පහරදීම් වලින් දයාමාස්ටර්ගේ දකුණු අතේ ඇගිලිවලට සුලු තුවාල සිදුව ඇති අතර රෝහලෙන් ප්‍රතාකාර ගැනීමට තරම් තුවාල සිදුව නැති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

අද උදෑසන වනවිටත් මත් ගතියෙන් සිට ඇති අදාල සැකකරු පහර දීමට පැමිණ ඇති හේතුව නිශ්චිතවම මෙතෙක් හෙලි නොකොට ඇති අතර සැකකරු අද (09) දින යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,045 Viewers

5 Comments to “දයා මාස්ටර්ට කැති පොලූවලින් පහරදෙන්න ආ හේතුව මෙන්න..”

  1. මේසස් සද්ගුණදාස් says:

    සද්ගුණදාස් 🙂

  2. Media Spoksman says:

    Is this a legal channel?

  3. mensesSadGunadass says:

    Watching too much Tamil Movies.

  4. Samantaha says:

    Retributions for crime committed by Daya Master during the LTTE ruthless governances of suppressed Tamil civilian by 30 years.. north!
    Learn lesson form that JVP also has be care of their political anarchism?

  5. kith says:

    Sathgunadas ge weda hariyata yahapalana aanduwe weda wage.

Main News