දරුවාට අතහිත දුන් ඇමැතිට පියා බුලත් අතක් දී තුති පුදයි..

March 19, 2018 at 8:02 am | lanka C news
දරුවාට අතහිත දුන් ඇමැතිට පියා බුලත් අතක් දී තුති පුදයි..

හලාවත පදිංචි සරත් ලක්ජීව මහතාගේ දරුවා වන ජී.ඒ ඉරුෂ් කිසියම් රෝගයකින් පෙළෙන අතර, එම දරුවා හලාවත රෝහලට ඇතුලත් කර තිබුනේ ප්‍රතිකාර ලබාගැනීම සදහායි.

එම රෝහලෙන් නිර්දේශ කළ ඖෂධයක් රෝහලේ හෝ ෆාමසියක නොතිබුන අතර දරුවාගේ පියා මේ බව සෞඛ්‍ය, අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දෙන ලදි.

එහිදී ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අමාත්‍යවරයා දරුවාට අවශ්‍ය සියලුම ඖෂධ හලාවත මහ රෝහලට ලබාදී දරුවා රෝගයෙන් බේරා ගැනීමට සහයෝගය ලබාදෙන ලදි.

මේ පිළිබදව කෘතගුණ සැළකීමක් ලෙස දරුවාගේ පියා සෞඛ්‍ය අමාත්‍යවරයා හලාවත රෝහලට පැමිණි බුලත් අතක් දී සෞඛ්‍ය අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කරන ලදි.

තව ද මෙහිදී අදහස් දැක් වූ දරුවාගේ පියා වන සරත් ලක්ජීව මහතා පැවැසුවේ කිසියම් අමාත්‍යවරයෙකු තමන් ඇමතූ ප්‍රථම අවස්ථාව මෙය බවත්, දරුවාගේ ජිවිතය ආරක්ෂා වුයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපකාරය හේතුවෙන් බවත් ප්‍රකාශ කළේය.

– ප‍්‍රසන්න අධිකාරී

14,174 Viewers

9 Comments to “දරුවාට අතහිත දුන් ඇමැතිට පියා බුලත් අතක් දී තුති පුදයි..”

  1. mawella says:

    Dr Senaratne, You do many things, where others can not do. Its fair to say despite you have a un censored vocabulary, you made an irrevocable contribution to Health sector of Sri Lanka, That’s the truth. we are proud of. I Wish you all the best

    • rambanda says:

      දැන් මෙතන පොඩි අවුලක් තියෙනවා නේ ප්‍රසන්න අධිකාරී මහත්තයො. ඔය කියන කතාවේ ඉන්න ලමයාගේ හෝ පියාගේ වාසගමක්වත් ලිපිනයක් හෝ පදිංචි ගම වත් බෙහෙතේ නමක් වත් අසනීපයේ නමක් වත් තමුන්ගෙ ලිපියෙ නෑ නොවැ. අනික රාජිතට පච කෙලල පුරුද්දක් එහෙමත් නෑනෙ. කොහෙද තියෙනව කිව්ව ඩොලර් බිලියන් 18 රාජපක්ශ මහත්තයගෙ. චන්දෙන් පස්සෙ මෙයාව අලෙවි කරන එක අමාරුයි නේද අධිකාරී මහත්තයෙ.තව ටික දවසක් තමුන්ගෙ ජොබ් එක කරන්නත් එපායැ.

    • rathnapala says:

      කී දෙනෙක් මුගෙ මේ ලනුව කාලද දැන් කියල පේනව මේ කොමෙන්ටු වලින්

  2. නුවන් says:

    ඇමැතිතුමාට ලියුම් යවනකන් රෝහලට බෙහෙත් ලැබෙන්නේ නැත්තේ ඇය් කියල දැන් තේරෙනවා. නිසි කලට රෝහලට බෙහෙත් ලබා දීල තිබුනනම් ඇමැතිතුමාට පොර වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. බුලත් දෙන්න ඕන බදු ගෙවන ජනතාවට නොවෙද?

    • wijebahu says:

      Miniho, kenek hondak keruwama paksha, pata, wargaya balanne nathuwa hondai kiyapan. nikanma nikan bai talk danne nathuwa.

  3. mp says:

    කොච්චර කට හැකර උනත් මේ මිනිහට හරියන්නේ එකනේ…!!!

  4. Notthischange says:

    Honda deta hoda kiya yuthuya. Namuth ada Saukya sewaya piriheema sidu une kaagenda kiyala ahuwoth ekko Sira, Siripala nathnam mu. Wena ekak inna widihak nane.

  5. simion says:

    වැඩ හොඳයි…ඒත් කට ගඳයි…

  6. Sooraseana says:

    Kotaram kata gandawunath kerapu wadea niyamaie ! Jayaweawaa amethithumaata hangaakh dawasata passea Honda seawayak.

Main News