දරු මුණුපුරන් 120ක මිත්තනිය දෝලාවෙන් අවසන් ගමන් යයි..

October 21, 2018 at 6:46 pm | lanka C news
දරු මුණුපුරන් 120ක මිත්තනිය දෝලාවෙන් අවසන් ගමන් යයි..

කතාව දෝලාවෙන් ගමන පයින් ගිය බවට ජනප්‍රවාදයේ සදහන් වේ. ඒ යමක් කරනවා වෙනුවට කතා කරකර සිටීම සමච්චලයට ලක් කිරීමටය.

පැරණි රජ දරුවන් මෙන්ම රජ බිසෝ වරුන් ගමන් ගියේ දෝලාවෙනි. බොහෝ වංශවත් පවුල් වල අය දෝලා වලින් ගමන් බිමන් ගියේය. රජ පරම්පරාවල අය දෝලා වලින් යන විට දෝලාව රැගෙන යෑම, ඒ සදහාම වෙන් වු වෙනමම ජන කොටස්  ඊට සිටියේය. දෝලාවෙන් ගියේ ඔවුන්ගේ වංශවත් බව පෙන්වීමටය. එය රජ පරම්පරා වලට ගෞරවයක් විය.

නමුත් කාන්තාවක් අවසන් ගමන් දෝලාවෙන් ගිය අහඹු සිදුවීමක් අහුන්ගල්ලේදී දැක ගන්නට ලැබිණි. එය සිය මියගිය මවට දරුවන් විසින් ගෞරවය දැක්වීම සදහා කල බව කියයි.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇම්. ඩබ්ලිව්. සෙනරත් මහතාගේ මෑණියන් වන එස්. ඩබ්ලිව්. ජීලට් මහත්මියගේ දේහය මෙසේ පතිරාජගම උදා ගම්මානයේ පිහිටි සිය නිවෙසේ සිට ගල්වෙහෙර, වලේකෝවිල පොදු සුසාන භූමිය දක්වා මෙසේ රැගෙන එනු ලැබුවේ දෝලාවෙනි. දරුවන් දසදෙනෙකුගේ (10) මවක් එස් ඩබ්ලිව් ජීලට් මහත්මියට දරු මුණුබුරුවන් එකසිය විසි (120) දෙනෙකු පමණ සිටින බව අවමංග්‍යය සභාවේදී ප්‍රකාශයට පත් විය.

අහුන්ගල්ල පතිරාජගම උදා ගම්මානයේ සිට ගල්වෙහෙර, වලේ කෝවිල පොදු සුසාන භූමිය දක්වා කිලෝ මීටර් දෙකකට ආසන්න දුර ප්‍රමාණයක් මෙසේ දේහය දෝලාවේ තබාගෙන කරමතින් ගෙන එනු ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

– ජයකාන්ත ලියනගේ

21,753 Viewers

11 Comments to “දරු මුණුපුරන් 120ක මිත්තනිය දෝලාවෙන් අවසන් ගමන් යයි..”

  1. buwa says:

    Balapanko asela manthrithumage hinawa..

  2. යම රජා says:

    හිනා මනා . ජොලි තමයි .

  3. පිස්සා says:

    කව්ද යකෝ හිනා වෙවී අවමඟුල් පෙරහරේ යන ගොන්නු දෙන්න

    • Samuvel says:

      මේ වීර මාතාවට ගරු කිරීම සඳහා නොව, උන් උන්ගේ සහබාගි වීමේ ප්‍රදර්ශනයෙන් කිසියම් ජනප්‍රිය වීමේ අශුද්ද උතසාහයක් කරනවා විය හැක.

    • HINA KATA says:

      Attatama Funaral Ekakadiwath Hasirenna Danne nati Ballo wagayak

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  5. LION says:

    වීර හෙළ මාතාවට නිවන් සැප ලැබේවා

  6. gihan says:

    AADARNIYA AMME OBATA NIWAN SUWA..
    OBE DARU MUNUBURAN 120. RATA JAATHIYA AAGAMA WIKUNAN KANA WIKKAMA SINGHAYO
    NOWEE..RATA JAATHIYA AAGAMA SURAKINA KESARA SINGHAYO WEWAA KIYALA MAMA
    PRAARTHANAA KARANAWA. EYA ESEMA WEWAA…

  7. sunimal says:

    අපේ සැම හෙළමාතාවක්ම අඩුම වසයෙන් දරුවන් 6 දෙනකු ලක්බිමට ලබාදිය යුතුය සැම හෙළයෙක්ම ඒ අයට තමන්ට පුලුවන් අන්දමින් ආදාර උපකාර කල යුතුය

  8. Saradiel says:

    එස්. ඩබ්ලිව්. ජීලට් මහත්මියට නිවන් සැප ලැබේවා

  9. සිංහල බන්ඩා says:

    වීර මාතාවට නිවන් සැප ලැබ‌ෙිවා.

Main News