දර විකිණීමට ගිය උසස්පෙළ සිසුවෙකු යාපනයේදී අතුරුදහන්…

June 2, 2018 at 2:06 am | lanka C news
දර විකිණීමට ගිය උසස්පෙළ සිසුවෙකු යාපනයේදී අතුරුදහන්…

කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙල සිසුවෙකු පසුගිය 29 වනදා සිට අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිළ ලැබී ඇත.

පසුගිය 29 වනදා සවස එම පාසල් සිසුවා යාපනය කච්චේරිය අසල පිහිටි නො.44/12 ඒ-9 පාර සින්නයියා මරකන්දන් නැමති ලිපිනයට පාපැදියකින් දර රැගෙන ගොස් ඇති අතර දර ලබා දීමෙන් පසුව එදින අඳුර වැටී ඇති හෙයින් නිවෙස් හිමියන් විසින් පාසල් සිසුවාට එම නිවසේ නවාතැන් දී ඇති අතර පසු දින (30) අළුයම 5.30ට පමණ පාසල් සිසුවා විසින් එම නිවසෙන් පිටත් වූ බවට නිවෙස්  හිමියන් විසින් යාපනය පොලීසියට පවසා ඇත.

කිලිනොච්චිය පුනරීන්හි 6 කනුව ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් ජෙයරාජ් නැමති සිසුවා ඉගෙනුම ලබන්නේ පුනරීන් විග්නේස්වරා විදුහලේ උසස්පෙලය.

කෙසේ වෙතත් 30 වනදා පිටත් වූ පාසල් සිසුවා දින තුනක් නොමැතිවීම නිසා පුනරීන් පොලීසිය හා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,142 Viewers

One Comment to “දර විකිණීමට ගිය උසස්පෙළ සිසුවෙකු යාපනයේදී අතුරුදහන්…”

  1. කොටියා says:

    එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරකද?

Main News