දළ පූට්ටුවා නිසා වනජීවී අමාත්‍යාංශ ලේකම් හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්‌ට…

December 7, 2017 at 12:00 pm | lanka C news
දළ පූට්ටුවා නිසා වනජීවී අමාත්‍යාංශ ලේකම් හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්‌ට…

ගල්ගමුවේ දළපූට්‌ටුවාගේ ඝාතනය සම්බන්ධව නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම සහ පිටරටින් නීති විරෝධීව ගෙනෙන ලද කුරුල්ලන් රැසක්‌ නිසි ක්‍රමවේදයකින් තොරව සිය ඥතියකුට ලබාදීම යන චෝදනා මත තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් නෙරපීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

විදෙස්‌ රටකින් නීති විරෝධීව ගෙන්වන ලද කුරුල්ලන් නිසි අවසරයකින් තොරව හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කොට ඇති බව මේ වන විට විමර්ශනයකින් හෙළිවී තිබේ.

උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඥතියකු බවද අනාවරණය වී ඇත.

මෙම කුරුල්ලන් සෆාරි උද්‍යානයට භාරදීම සම්බන්ධව වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවා නොදැන සිට ඇත. ඇමැතිවරයා මේ සම්බන්ධව දැනගැනීමෙන් පසු විශේෂ විමර්ශනයක්‌ පවත්වා ඇති අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා නිසි අවසරයකින් තොරව කටයුතු කොට ඇතැයි හෙළිවී තිබේ.

ඊට අමතරව ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ ඝාතනය සම්බන්ධව ජනමාධ්‍යයෙන් කරුණු හෙළිකරනතුරු වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද දැනුවත්ව නොසිටි බව අනාවරණය වී ඇත.

වත්මන් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියකු පත්කිරීමටත් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ද තනතුරෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා
– Divaina

13,234 Viewers

10 Comments to “දළ පූට්ටුවා නිසා වනජීවී අමාත්‍යාංශ ලේකම් හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්‌ට…”

  1. Kings says:

    Good decision Minister.

  2. sathiyaseelan thillainayagam says:

    amathi kohomada

    • love nature says:

      වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරෙන් ඉවත් කරලා මදි රාජකාරිය නිසිලෙස ඉටුනොකිරීමට දඩුවම් දිය යුතුයි
      අපේ ලක් මවට ජාතික සම්පතක් අහිමිවිය …මියගිය ගල්ගමුවේ දළපූට්‌ටුවා ඇත්රාජයාට නිවන් සුව ලැබේවා ….

      • Pradeep says:

        මේ වනජීවී අමාත්‍යාංශ ලේකම් දූෂණ සම්බන්දව තනතුරෙන් පහ කර ඇත. ඔහුගේ බිරිද වන සුරාබදු කොමසාරිස් කේ.ච්.ඒ.මීගස්මුල්ල මීටවඩා දූෂණ කර ඇත.මැයද එලියට දමා පරීක්‍ෂන පටන්ගන්ඩ කාලය දැන් ?????

  3. K.shantha says:

    The minister does not know what is happening in his ministry either.

  4. daham says:

    hari nam wana jeewi amathith ivath kala yuthuyi ara sajithge gola baala safari jeep walata yaala aakramanaya karanna ida deela yale saththunta karana amaanushika hirihara nisaa.

  5. love nature says:

    දලපුට්ටුවට කල වේදනා මරනය මේ අයටත් දිය යුතුය

  6. Notthischange says:

    Habai maha bankuwa hora kanna deela balan hitapu gamathita me neethiya namenne na oi.
    Me nataka natanne minissu gonata andanna misak aththata neme. mewata wihiluwatawath hodai kiyanna epa eken wasi ganne ranna ponil…

  7. Insider says:

    love nature – Hariyata ma hari !! Mun okkoma aliyeku lawaa Wahaama Paagala Maranna ona !!!!!!!

Leave a Comment

Main News