දැනටත් විවෘත කර ඇති පාලම් තොගයක් අනිද්දා යලි විවෘත කරයි..

May 9, 2018 at 4:40 pm | lanka C news
දැනටත් විවෘත කර ඇති පාලම් තොගයක් අනිද්දා යලි විවෘත කරයි..

දැනට වසරකට පමණ පෙර වැඩ අවසන් කර දැනට වාහන ගමනාගමනයටද විවෘත කර ඇති පාලම් 10ක් අනිද්දා (11) දිනයේ විවෘත කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක කේන්ද‍්‍ර කර ගනිමින් වැඩ අවසන් කර ඇති පාලම් වන්නේ පොල්අතුමෝදර, ගොවියාපාන, කතළුව, පොල්වත්ත, කිනිතිඇල්ල, දෙනිපිටිය, හක්මන ඇතුළු පාලම් 10කි.

පසුගිය රජය විසින් ජපාන ණය ආධාර ක‍්‍රමය යටතේ 2014දී ගිවිසුම්ගත වන ලද මෙම ව්‍යාපෘතීන්හි වටිනාකම බිලියන 07කි.

දැනට වැඩ අවසන් කර ඇති මෙම පාලම් ආසන්නයේ ඒ බව දැක්වෙන පුවරු දැනටමත් ඇතත් අනිද්දා දිනයේ නැවත වතාවක් මෙම පාලම් විවෘත කිරීම සදමා සමරු පලක සූදානම් කරමින් ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත මංගල සමරවීර හා සාගල රත්නායක ඇමතිවරුන්ගේ ඉල්ලීම මත මෙම පාලම් ඉදිකල බවත් ඇමති කබීර් හෂීම් අතින් වින්‍ාත කරන බවත් නව සමරු පලකවල දැක්වෙයි.

17,874 Viewers

4 Comments to “දැනටත් විවෘත කර ඇති පාලම් තොගයක් අනිද්දා යලි විවෘත කරයි..”

  1. Gadol says:

    දුප්පත් මහජනතාවගේ බදු මුදල් වලින් හදලා මේ වසලයන්ගේ නම දාගන්නවා ලැජ්ජයි?

    • AluthKade Saita says:

      බදු ගෙව්වාට ඔබට ස්තූතියි

    • රටරාළ says:

      ඔබ හරියටම හරි. මෙම ව්‍යාපෘති සඳහා අපේරටේ මුදල් නැතිනම්, විදේශ ණය අරගෙන හැදුව වුනාට, පසුව ඊට රටේ ජනතාවගේ බදු මුදල්වලින් ණය ගෙවන්න වෙන්නේ. මේ මිහරකුන්ගේ නම් විවුර්ත කිරීමේ නාමපුවරුවල සටහන් කරන්නේ උන්ගේ අම්ම අප්පගේ සල්ලිවලීන් දුන්න වගේ. වහාම මේ ජරා සංස්කෘතිය වෙනස් කල යුතුය. මේවා මහජන මුදලින් ඉදිවෙන ව්‍යාපෘතියක් බව සඳහන් නොකොළොත්, එවැනි කටයුතු පොදු දේපොළ පනත උල්ලංගනය කිරීම යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර දඬුවම් දිය යුතුය. පාර්ලිරිමෙන්තුවේ විපක්ෂයේ නායකයා නිකන්ම මැටි මොලෙකි.ඉතින් විපක්ෂයක් කුමකටද?

  2. chandi says:

    lajjawa nam meyalata hurui…..eth mahajana mudal nasthiya….

Main News