දැවැන්ත තල්මසෙක් වෙරලට ගොඩගසයි…

November 26, 2018 at 5:30 pm | lanka C news
දැවැන්ත තල්මසෙක් වෙරලට ගොඩගසයි…

යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

අඩි 25 ක පමණ දිගකින් යුක්ත මෙම දැවන්ත තල්මසා මීට දින කිහිපයකට පෙර උතුරු ගැඹුරු මුහුදේදී මිය ගොස් ඇති බවටත් අනතුරුව කීරිමලෙයි මුහුදු තීරයට ඊයේ (25) දින ගොඩ ගසා ඇති බවට වෙරලාක්ෂක නිලධාරීන් පැවසූහ.

මෙම දැවන්ත තල්මසා මුහුදු වෙරලට ගොඩගැසීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් හමන අතර තල්මසා ඉවත් කිරීමට නාවික හමුදාවේද සහය ලබාගන්නා බවට වෙරලාරක්ෂක නිලධාරීන් පැවසූහ.

තල්මසා මිය යාමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති අතර ධීවර ක්‍රියාකාරකමක් හෝ නැවක ගැටීමෙන් මිය යා හැකි බවට සැකකරන්නේ යැයි වෙරලාරක්ෂණ නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,935 Viewers