දැව ජාවාරම් කරුවන් දැව අදින අලූත් ක‍්‍රමය මෙන්න..

January 12, 2018 at 2:06 am | lanka C news
දැව ජාවාරම් කරුවන් දැව අදින අලූත් ක‍්‍රමය මෙන්න..

මන්නාරම් මඩු රක්ෂිතයෙන් කපා ගන්නා දැව කැලේ තුලම කපා කුට්ටු කොට යතුරුපැදි මාර්ගයෙන් දැව ප්‍රවාහනය කරන මහපරිමාණ ජාවාරමක් (11) අත්අඩංගුවට ගැනීමට මඩු වනසංරක්ෂණ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

මඩුපාර රක්ෂිතයේ රහසිගතව බුරුත ගස් කපා කැලේ තුලම කුඩා කට්ටුවලට ඉරන ජවජරම් කරුවන් විසින් අනතුරුව දැව ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන්නේ යතුරුපැදි මාර්ගයෙනි යතුරුපැදි මගින් දැව ප්‍රවාහනය කිරීමට පෙර ප්‍රවාහනය කරන ලද මාර්ග වලට හා කැලේට ඔත්තුකරුවන් යොදා දැව යතුරුපැදි වලින් රැගෙන ගොස් පෞද්ගලික ඉඩම්වල සගවා අනතුරුව වාහන මගින් ප්‍රවාහනය කිරීම සිදු කොට ඇති බවට මඩු වන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මේ පිළිබඳව මඩු වන නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මඩු වන නිලධාරීන් පිරසක් විසින් සෝදිසි වැටලීමක් සිදු කොට දැව යතුරු පැදි දෙකකින් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර සැකකරුවන් පස් දෙනෙකුද සමග අත්අඩංගුවට ගෙන ඇත.

මඩුපාර රක්ෂිතයේ අඩවිවන නිලධාරී එල්.ඒ.එස් යාපා මහතාගේ උපදෙස් පරිදි මඩුපාර අතිරේක අඩවි වන නිලධාරී කේ.එච්.එස්. කාරියවසම් , මුල්ලිකුලම් බීට්ටුවන නිලධාරී චමින්ද ධර්මසේන , වෙල්ලාන්කුලම් බීට්ටු වන නිලධාරී එම්.කේ.ජී.සංජීව, වන ක්ෂේස්ත්‍ර සහකාර වරුන් වන ආර්.ඩී. වික්‍රමපාල , බී.ඩී.ටී. බාලසූරිය යන අය විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,221 Viewers

Leave a Comment

Main News