දිගාමඩුලු නවෝදය 2017 සාර්ථකව අවසන්..

March 21, 2017 at 2:09 am | lanka C news
දිගාමඩුලු නවෝදය 2017 සාර්ථකව අවසන්..

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ‘දිගාමඩුලු නවෝදය 2017’ කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශණය සහ සැණකෙළිය තෙදිනක් පුරා අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

එහි සමාරම්භක අවස්ථාව අමතමින් ඇමති දයා ගමගේ කියා සිටියේ, ජනතාවට දැනුම ලබා දීම සහ වෙළෙඳුන්, අලෙවිකරණ ආයතන හා පාරිභෝගිකයින් එකට එකතු කිරීම ප්‍රදර්ශණයේ අරමුණ බවයි.

ජනතා සුබසිද්ධිය සඳහා රජය විශාල මුදලක් වැය කළද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වී නොමැති බව ඔහු පැවසීය.

රටේ ජනගහනයෙන් අඩකට බත සැපයිය හැකි වී අස්වැන්නක් අම්පාර දිස්ත්‍රික්කයෙන් ලැබෙන බව හෙතෙම අවධාරණය කළේය.

එමෙන්ම, වැඩි ආදායමක් ලැබෙන බෝග රට පුරා අක්කර 60,000ක අළුතින් වගා කිරීමට ගොවීන් උනන්දු කරවන බව ද ඇමතිවරයා පැවසීය.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ ශක්තිය අවශ්‍ය වන බව පැවසූ ඇමතිවරයා, නිෂ්පාදනය ඉහළ නංවා ආදායම් වැඩි කළ යුතු බව කියා සිටියේය.

– ජෝර්ජ් පෙරේරා

926 Viewers
Main News