දිගු අසනීප නිවාඩුවකින් පසුව උතුරු මහඇමති පලාත් සැසි වාරයට….

November 11, 2017 at 2:33 am | lanka C news
දිගු අසනීප නිවාඩුවකින් පසුව උතුරු මහඇමති පලාත් සැසි වාරයට….

අසනීප තත්වයෙන් සිටි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා 109 වැනි සභා සැසි වාරයට සහභාගී වූ අතර ඉවත් වූ පලාත් මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් වෙනුවට නව මන්ත්‍රී වශයෙන් අලිකාන් සරීෆ් මහතා දිවුරුම් දෙනු ලැබීය.

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතා සැප්තැම්බර් 25 වන දින පැවති පලාත් සබා සැසිවාරයෙන් පසුව අසනීප තත්වයන් හේතුවෙන් පසුගිය සැසිවාරයන් වෙතට සහභාගී නොවිය.

මේ අතර සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ උතුරු පලාත් මන්ත්‍රී වරයෙකු මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙක් වූ රිෆ්කාන් බදියුදීන් මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම පුරප්පාඩුව සඳහා එම පක්ෂයේම අලිකාන් ෂරීෆ් මහතා උතුරු පලාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

අලිකාන් ෂරීෆ් මහතා දිවුරුම් දීමෙන් පසුව සභාව අමතමින් කියා සිටියේ දකුනේ පලවන සිංහල පුවත්පත් වල වාර්තාවන අයුරින් උතුරු පලාත් සභාව පත් වී වසර 4 ක කාලය තුලදී කිසිදු නීති රෙගුලාසියක් සම්මත කොට ගෙන නොමැති බවටත් තමන් එහි සත්‍ය අසත්‍යතාවය නොදන්නා බවටත්ය.

එහිදී එයට පිළිතුරු දුන් සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා කියා සිටියේ මේ දක්වා උතුරු පලාත් සභාව තුල නීති රෙගුලාසි 18 ක් හා උපනීති රෙගුලාසි 10 ක් සම්මත කොට ගෙන ඇති බවටයි.

මේ අතර පලාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා සභාව අමතමින් කියා සිටියේ දකුණේ පුවත්පත් ඇතුලු විවධ ප්‍රචාරයන් මෙ දින වල ක්‍රියාත්මක වන්නේ උතුරු පලාත් සභාවට මහභාණ්ඩාගාරයෙන් වෙන් වන මුදල් වලින් නිසි ප්‍රයෝජනයක් නොගෙන නැවත එම මුදල් භාණ්ඩාගාරයටම යන බවටත්ය නමුත් එම පුවත් හා ප්‍රකාශයන් සියල්ලක්ම වැරදී බවටත් උතුරු සභාවට වෙන් වන මුදල් වලින් උපරිම ප්‍රතිලාබ උතුරේ ජනතාවට මේ දක්වා ලබා දී ඇති බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,035 Viewers

One Comment to “දිගු අසනීප නිවාඩුවකින් පසුව උතුරු මහඇමති පලාත් සැසි වාරයට….”

  1. LION says:

    උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන්, බි්‍රතාන්‍යයේ විදේශ අමාත්‍ය හුගෝ ස්වයව මුණගැසී ඇති බව ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් වෙයි.

Leave a Comment

Main News