දිනේෂ් ගුණවර්ධන ජාතියෙන් සමාව ගත යුතුයි..- කිරිඇල්ල

June 8, 2017 at 5:30 pm | lanka C news
දිනේෂ් ගුණවර්ධන ජාතියෙන් සමාව ගත යුතුයි..- කිරිඇල්ල

පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන ඇමතිවරයාගෙන් පිලිතුරු බලාපොරොත්තුවෙන් එ්කාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සයිටම් ආයතනය සහ විශ්ව විද්‍යාල සිසුන් පිලිබඳ ගැටළු කිහිපයක් ඉදිරිපත් කරන ලදි.

එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සයිටම් ආයතනය පිහිටුවීමේ ඉතිහාසය පිළිබඳ කරුණු සහිතව පැහැදිලි කළේය.

එ් අනුව රු.මිලියන 600ක ණයක් ලබා දෙමින්, ශිෂ්‍යත්ව ලබා දෙමින් සයිටම් පිහිටවූයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ බවත්, උපාධි ප‍්‍රධානය කිරීමේ ආයතනයක් ලෙස සයිටම් ආයතනය පිලිගැනීම සඳහා පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා 2013/09/26 දින අංක 1829/36 දරන අති විශේෂ ගැසට් නිවේදනය එවකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේද දිනේෂ් ගුණවර්ධන මහතා බවත් ඔහු පැවසීය.

එලෙස තමන් විසින් ඉදිරිපත් කල ගැසට් පත‍්‍රයට අදාල කරුනු වලට අද විරුද්ධ වන්නේ අවස්ථාවාදී දේශපාලනය හේතුවෙන් පමණක් බවත්, දේශපාලන හේතු වෙනුවෙන් මෙලෙස අවස්ථාවාදීව පරස්පර විරෝධී මත පල කිරීම පිලිබඳ දිනේෂ් ගුණවර්ධන මහතා ජාතියෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවත් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මාධ්‍ය ඒකකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය

6,886 Viewers

8 Comments to “දිනේෂ් ගුණවර්ධන ජාතියෙන් සමාව ගත යුතුයි..- කිරිඇල්ල”

  1. බන්ඩය්යා says:

    මම දන්න තරමින් ඔිනා ගොනාට වැරදිලා. මහින්ද එදත් (2013 දිත්) අදත් (2017 දිත්) පුද්ගලික විශ්වවිද්‍යාල වල අවශ්‍යතාවය පිළිගන්නවා. මහින්දලා එදත් අදත් කියන්නේ සය්ටමය SLMC අනුමැතිය ගත යුතු බවය්. පිටරට විශ්ව විිද්‍යාලයක ඉගන ගෙන කලක් ඉගැන්නු මමත් ඉන්නෙ එම මතයෙය්.

    • Kamal says:

      මහින්ද මම දන්නෙ නෑ දිනේශ් දැන් කියන්නෙ අහෝසි කරන්න කියලා.

  2. shantha kuru says:

    topila harinam ay metaram minisum topilata des tiyanne

    • Kamal says:

      ටොපිල හරිනම් අය් මෙටරම් මිනිසුම් ටොපිලට ඩෙස් ටියන්නෙ 😀

  3. Parliament Jokes says:

    Meyath vipakshaya sitina kale SAITM ekata viruddhwa adahas prakasha kala bawa janathawata mathaka athi. Facebook or you tube eke video clip ekakuth thibuna. Deshapalana hethu wenuwen awasthawaheewa paraspara adahas prakasha kereema wenuwen mohuth janathawagen samawa gatha uthui.

  4. bend to bend says:

    ඕන ගොනෙකුට ඔහොම කියන්න පුළුවන්.
    උසස් අධ්‍යාපනෙයි,මහා මාර්ගෙයි එකතු කරල ඕන ගොන් කමක් කරන්නත් පුළුවන්.
    ජෝන්ගෙන් ව්‍යාඝ්‍රා වේලක් ඉල්ල ගත්ත නම් ඔහේටත් නැගල යන්න පුළුවන්.
    නහින දෙහින කාලෙ මල පැන්නොත් ඉක්මනින් යන්නත් පුළුවන්,,,,,

  5. wanniye වන්නියේ සුමන දාස says:

    මොන ජාතීයෙන්ද සමාව ගන්ට ඕනෙ ආයුබෝවන්ඩ. සංහිදියාවෙන් ගනිමුද?

  6. Fyhg says:

    Weraddak vuna nam samaava genime waradak nehe…weradda nivaradi kireemay avashya…

    Ara pudgalika vishva vidyala avashya bava kavuda kenek liyala thibba…

    Vaidya sishayange prashnedi… wedi lakunu ethi duppath ayata vaidya upaadiya ne… hebey salli thiyena adu lakunu ethi aya dostharala? Methana vishaala samaaja asaadaaranayak nedda???

Main News