දිනේෂ්-වාසු-විමල්-උදය මහින්ද සුලගේ නියමුවෝ යලි සටන් අරඹති… ආණ්ඩුව පන්නන මහ පාරේ ප‍්‍රහාරත්මක තීරනාත්මක සටන අරඹති…

August 1, 2018 at 3:23 am | lanka C news
දිනේෂ්-වාසු-විමල්-උදය මහින්ද සුලගේ නියමුවෝ යලි සටන් අරඹති… ආණ්ඩුව පන්නන මහ පාරේ ප‍්‍රහාරත්මක තීරනාත්මක සටන අරඹති…

‘රෙද්දේ අසූචි පහකර ගෙන අනෙකාගේ අධෝ වාතයේ දිග පළල කථා කරන තත්වයට ඇද වැටී ඇති මේ ආණ්ඩුවට ඇත්තේ ‘කල් ඉකුත් වූ ජනවරමක්’ බවත් එවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමට ජනබලය පාරට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් ‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය අගෝස්තු 02 වැනිදා සවස 2:00ට ලිප්ටන් වටරවුමින් අරඹන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“නොරටුන්ගේ අවශ්‍යතාවන් ඉටුකර දීමට කාර්යක්ෂමව කැප වී සිටින, මෙරටුන්ගේ අවශ්‍යතාවන් නොසලකා හරිමින් ඊට රැහැනිව සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාමාර්ග දියත්කොට තිබෙන මේ පරගැති ආණ්ඩුවට එරෙහිව මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පළාත් පාලන මැතිවරණයේදී සිය ඡන්දය ලබා දුන්නා. ඉතිහාසය පුරා බලයේ සිටින කිසිදු ආණ්ඩුවකට ලබා නොදුන් රතු සංඥාවක් ඒ මැතිවරණයේදී මෙරට ජනතාව මේ ආණ්ඩුවට පෙන්වූවා. නමුත් මේ ආණ්ඩුව ඒ සංඥාව නොතකා හරිමින් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සකල ජනතාවගේ ඉරණමට අහිතකර ලෙස බලපාන පරාධීන වැඩපිළිවෙළක් දියත් කරමින් ඉදිරියට යනවා.

‘බෑණාගේ උදාහරණය’

හම්බන්තොට වරාය විකුණා දැමූ මේ පරගැති ආණ්ඩුව හෙට දවසේ මත්තල ගුවන්තොටුපළ, කන්කසන්තුරේ වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ගාලු ක්‍රීඩාංගණය පමණක් නොවෙයි, ගාලු වරායේ ස්ථානගත කොට ඇති නාවික හමුදා කඳවුර ඉවත්කර ගාලු වරායත් නොරටුන්ට දෙන්න යනවා. මේ රටේ උපායමාර්ගිකව වැදගත් ආර්ථික සම්පත්, ජාතියේ අනාගතය පෝෂණය කිරීම සඳහා තිබෙන සම්පත් හිතුමතේ තමන් බලයට ගෙන ඒම සඳහා පිටුපස සිට සහාය දුන්නු රටවලට විකුණාගෙන කන මෙවැනි නරුම පාලකයන් අපි මෑත ඉතිහාසය තුළ දැකලා නැහැ. අපි හිතුවේ එහෙම පාලනයක හොඳම උදාහරණය, ‘ජයවර්ධන පාලනය’ කියලයි. අද ‘බෑණාගේ උදාහරණය’ ඊට වඩා සමීපයි, කියා අපිට පෙනෙනවා.

මේ සියලු තක්කඩිකම් මැද්දේ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දමමින් ඉන්නවා. පළාත් සභා ඡන්ද කල් දමනවා. ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අයිතියට ගරහනවා. රාජපක්ෂ පාලනය සමයේ යම් බදු බරක් තිබුණා නම් ඒ වගේ දෙගුණයක බදු බරකට අද ජනතාව යට කොට තිබෙනවා. ව්‍යවසායකයා අද තමන්ගේ නිෂ්පාදනය වොළඳපොළට දමලා විකුණාගන්න බැරිව ලත වෙනවා. ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර කඩා වැටෙන හැටි බලමින් සුසුම්ලනවා. මේ පරගැති ආණ්ඩුව මහා ඛේදවාචකයකට මේ මව් පොළොව ඇදවට්ටලා ඉවරයි.

ඒ වගේම අද අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග එල්ල වෙමින් තිබෙනවා. බයිස්කෝප් නළුවෝ රාජ්‍ය ඇමතිවරු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන අතරතුර එහි බිත්තිවලට පා පහර දෙන දර්ශන දැකගත හැකි වන අන්දමට මේ රටේ දේශපාලන සංස්කෘතිය පිරිහී තිබෙනවා. පශූ සම්පත් ඇමති සහ නියෝජ්‍ය ඇමති වාහනයකට මරා ගන්නා මේ බයිස්කෝප් බලමින් අපි නින්දට යනවා. රට දවසින් දවස ප්‍රපාතයට වැටෙනවා.

‘අතිරේක ණය බර ප්‍රමාණය බිලියන 821ක්’

මේ ආණ්ඩුව ‘රාජපක්‍ෂ පාලනයේ ණය බර’ ගැන කියමින් තමයි ජනතාවගේ ඇස්වලට වැලි ගහන්නේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න, රුපියල් බිලියන 50ක් වැය වුණා. දකුණු අධිවේගී මාර්ගය හදන්න රුපියල් බිලියන 110ක් වැය වුණා. නොරොච්චෝලේ විදුලි බලාගාරය හදන්න රුපියල් බිලියන 117ක් වැය වුණා. හම්බන්තොට වරාය හදන්න රුපියල් බිලියන 143ක් වැය වුණා. මත්තල ගුවන්තොටුපළ හදන්න රුපියල් බිලියන 131ක් වැය වුණා. මේ සියලු මහා සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය වූ මුළු මුදල රුපියල් බිලියන 460යි. නමුත් මේ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා රුපියල අවප්‍රමාණය වීමෙන් පමණක් අතිරේකව වැඩි වු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 821යි. ඒ නිසා මේ අගමැතිගේ ‘ආර්ථික මොළය’ ගැන දැන් කතා කිරීමට කිසිවක් ඉතිරි වී නැහැ. ජනාධිපතිවරයා පත්තර බලන වේලාවක මේ ටික දැක්කොත් මිසක් ඔහුට මේවා දැන ගැනීමට වෙන විදියක් නැහැ. (මාධ්‍යවේදීන්ගේ සිනා)

හොරකම් ගැන කියමින් ආපු මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තෙම මහා බැංකුව කොල්ලකාලා. මහ බැංකු මහ හොරාගේ අනුගාමික හොරා අද තවදුරටත් සිංගප්පූරුවට වෙලා හොරාකෑමේ නිරතව සිටිනවා. හොරකම අතින් ඉතිහාසගත වන වාර්තාවක් මේ ආණ්ඩුව මේ වසර තුන තුළ තබා අවසන්. අද ඒ නිසා ආණ්ඩුවේ ඇත්තන්ටම ආණ්ඩුව වහකඳුරු වෙමින් තිබෙනවා. අර්ජුන රණතුංග කියනවා ‘ක්‍රිකට් කෑවේ මේ ආණ්ඩුව’ කියලා. බුද්ධික පතිරණ කියනවා ‘මේ ආණ්ඩුවේ රෙද්දක් ඇදන් ඉන්න බැහැ. මේ ආණ්ඩුවට මොකුත් බැහැ’ කියලා. ආණ්ඩුවේ නොහැකියාව ඒක ඇතුළේ සිටින අයටත් අද පසක් වෙමින් තිබෙනවා. රතන ස්වාමීන්වහන්සේටත් එය දැනී තිබෙනවා. උන්වහන්සේ වදාරනවා ‘රටක් පාලනය කරන්න බැරි මොට්ටයෝ ටිකක් බලයට ගෙනල්ලා අපි හිගන්නෝ ටිකක් වගේ බලාගෙන ඉන්නවා’ කියලා. ඒ රටක් පාලනය කරන්න බැරි අමනයෝ ටික බලයට ගෙනෙන්න උන්වහන්සේලා උදව් කරපු බව මතක් කරමින්, නිවැරදි තත්වය වටහා ගැනීමට ඥානය පහළ වී තිබීම පිළිබඳව අපගේ ස්තූතිය පළ කර සිටිනවා.

අධෝ වාතයේ දිග පළල කථා කිරීම

තවමත් ‘හොරා – හොරා’ කියමින් මේ ආණ්ඩුව අනෙක් අයට ඇගිල්ල දිගු කරමින් සිටිනවා. ඒකට ඔවුන්ගේ සහචර කල්ලි උදව් කරමින් සිටිනවා. ‘රෙද්දේ අසූචි පහකර ගෙන ඉන්න තමන් අනෙක් මිනිහාගේ අධෝ වාතයේ දිග පළල කථා කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා ඉවරයි. ඉතිං දැන්වත් අපි මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දිය යුතුයි. මෙවැනි ආණ්ඩු, ඒවායේ අගමැතිවරු ගෙදර යවන්න ලෝකයේ පුරා රටවල ‘ජනබල සේනා’ පාරට බැහැලා දක්වන විරෝධතා ජයග්‍රාහීව අවසන් වන අයුරු අප දැක තිබෙනවා. අපත් ඒ ප්‍රහාරාත්මක ප්‍රවේශයට වහාම පිවිසිය යුතුයි. අනාගත පරපුරට මේ මව් පොළොව උරුම කර දීමට නම් එය වහාම සිදු කළ යුතුයි. එහි මූලික පියවරක් ලෙසයි, කොළඹ දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්‍ෂයේ අපි අනෙකුත් දේශපාලන පක්‍ෂවල නායකවරු, වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන්, ජාතික සංවිධාන, මහා සංඝරත්නය පෙරටු කොට ගෙන ‘ජනබල සේනා’ කියන නාමයෙන් මහා විරෝධතා ව්‍යාපාරයක් අගෝස්තු 02 සවස 2:00ට ලිප්ටන් වටරවුමෙන් ආරම්භ වන්නේ, අගෝස්තු 02 වැනිදායින් මේක නතර වෙන්නේ නැහැ. සැප්තැම්බර් 05 වැනිදාත් මහා ජන සන්නිපාතයක් කොළඹට පැමිණේවි. එවැනි දැවැන්ත ජනතා විරෝධතා ව්‍යාපාර ඔස්සේ ‘කල් ඉකුත් වූ ජනවරමක්’ අතේ තියාගෙන තවදුරටත් බලයේ ඉඳගෙන මේ රට කන්න හදන මේ ආණ්ඩුව අපි ස්ථිර ලෙසට ගෙදර යවනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

16,134 Viewers

17 Comments to “දිනේෂ්-වාසු-විමල්-උදය මහින්ද සුලගේ නියමුවෝ යලි සටන් අරඹති… ආණ්ඩුව පන්නන මහ පාරේ ප‍්‍රහාරත්මක තීරනාත්මක සටන අරඹති…”

  1. Chammu says:

    For many months this site has been manufacturing many fake news or fabricated news stating this government will fall.These four idiots has been trying desperately according to this gossip only site.Hope they succeed soon!

    • chapa says:

      ඔබතුමාලට ජාතික චින්තනයට හානිකරන අය ඉන්නේ ඒකාබද්ධ විපක්ෂය ඇතුලෙ.ඒ වෙන කවුරුවත් නෙවෙයි බැසිල් රාජපක්ෂ.
      මිනිහ කරන්නේ ඉන්දියාවට ඕන දේ.උද්ඝෝෂණ කරන්න ඕනෑ මේ යකා පන්නන්න.

  2. Nim says:

    WEMAL SAHODARAYA,
    PRASNAYAK.
    OBA WARAK KEEWA ,RUPAWAHINEE
    NALIKA JANAPPRIYA WANNE BAHUTHARA
    JANATHAWAGE KAMATHA PRIDE BAWA
    DERANA NALIKAWE
    ” WADA PITIYA ” YANA AWASTHAWE
    MY 3 GE ADD PENNEEMA SADARANADA?
    CHATHURA DAN HASIRENNA WEDIYA
    GANA PRASANNA THIYENAWA MATA.

  3. Nim says:

    POHOTTUWA TA JAYAWEWA
    PODU WEPAKSAYA TA JAYAWEWA,
    SRI LANKA WATA SUBA ANAGATHAYAK
    WEWA.
    THERUWAN SARANI, DEVI PIHITI.

    • Him says:

      දිගටම හුරේ දදා හිටපන්.කොහොමත් උඹවගේ අපතයොත් පක්ෂවලට ඕන. ඔය ස්ටේජ් ගහන්න, පෝස්ටර් ගහන්න, උද්ඝෝෂණ වල ඉස්සරහට දාන්න, ගුටිකවල ඉස්පිරිතාලෙ ලග්ගවන්න එහෙම. උඹ වැඩේට හරියටම හරි.

    • podda says:

      pala KALAKANNI HATTHA….

      • මාල රෝහිත says:

        ඇයි, තොපිට ඕනෙ හැමදාමට මේ කාලකණ්නි යූඑන්පී ආණ්ඩුව බලේ තියාගන්ඩද, කුහක ජෙප්පෝ?

  4. රටවැසියා says:

    දිනේෂ් අගමැති කමට හොද නැද්ද බොලා කියන්නේ. මිනිහා හොඳ සාදාරන බුවෙක් කියලයි මට හිතෙන්නේ.

    • පසන් says:

      හරියන්නෙ නෑ බන්. මිනිහ පොඩි පොඩි දේවලට කෑගැහුව රටක් හැටියට දැක්මක් තියෙන බවක් පේන්නෙ නෑ. මුන් එකෙකුටවත් චරිත සහතිකනම් දෙන්න අමාරුයි, හැබැයි මූගැන වැඩිය හොරා කියල එහෙම නම් ඇහිල නෑ.

  5. ඔය හුළඟ කලිනුත් හැමුවනේ. වෙච්චි දෙයක් නෑ. මේ පාරත් එහෙම තමයි. ඔය මොනව කලත් ආයෙ හොර පවුලෙ එකෙක් බලයට එන්නෙ නෑ.

  6. Hari says:

    Muwa ATHULE DAMANAM THAMA HODA MEY JADAYA RATTA ADERE KARANA EKKE NAMAYAI

  7. LION voice says:

    GREAT EXCELLENT SUPER speech as always our LION voice Wimal Weerawansa ….Majority mahajanathawa always with you to SAVE our motherland August 2 – Sept 5 rallies jayen jayama wewaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!JAYA NIYATHAI!!!!!!!!!!!

  8. lanka says:

    This the only way forward to send this government home.If you wait for the next election then no point in coming to power you will not have anything left in the country to regulate because one part would be america,other indian territory then chinese territory next would be sigapore territory.You will not need to govern the rest it is already “pathala” territory.
    Only thing is to get the power as soon as possible by getting people to the streets as premadasa did against JR to get the power.Arrange a total strike with the help of all the people and professionals to paralise the whole system like happened in Thailand,Korea and everywhere.

  9. DAYA says:

    OBA SEMATA JAYA VEVA. GAMANA SUBHAYI. JAYA NIYATHAYI. LAK MAVATA SUBHA ANAGATHAYAK.

Main News