දීප ව්‍යාප්ත ජාතික මදුරු මර්දන සතියක්…

September 22, 2016 at 2:05 am | lanka C news | ලංකා සී නිවුස්
දීප ව්‍යාප්ත ජාතික මදුරු මර්දන සතියක්…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ජාතික මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සැප්තැම්බර් මස 27 දා සිට ඔක්තෝබර් මස 03 දින දක්වා දීප ව්‍යාප්තව ජාතික මදුරු මර්දන සතිය ක‍්‍රීයාවට නංවන අතර, ඒ සදහා ජනාධිපති කාර්ය සාධන බලකායේ ද සහයෝගය ද ලැබී ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 346 ක් වැඩි අවදානම්, අවදානම් සහ අඩු අවදානම් කළාප ලෙස බෙදා වැඩපිළිවෙල ක‍්‍රීයාත්මක කෙරේ. මෙහිදී වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26 ක් තෝරාගෙන තිෙබි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුරය, මඩකළපුව, යාපනය යන දිස්ත‍්‍රීක්කවල එම වැඩි අවදානම් කලාප දක්නට ලැබෙයි.

ජාතික මදුරු මර්දන සතියේ දී පාසල් සහ වැඩබිම් දැඩි පරික්ෂාවට ලක් කෙරෙන අතර, ලබන 28 සහ 29 දෙදින එය සිදු කිරීමට නියමිතය. නිරත දිග මෝසම් වර්ෂාව ඔක්තෝබර් මාසයේ සිට උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට ලැබෙන බැවින්, ඊට පෙර මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

මෙහිදී ජනතාව දැනුවත් කිරිම, ශ‍්‍රමදාන කටයුතු, මදුරුවන් බෝවන පරිශ‍්‍ර පවත්වාගෙන යන නිවෙස් හිමියන්ට නීතිමය පියවර ගැනීම සිදු කෙරෙනු ඇත. චිකන්ගුන්යා, සිකා, වැනි රෝග පාලනය කිරිම ද මෙම මදුරු මර්දන සතියේ මූලික අරමුණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කරයි.

මදුරු මර්දන සතියේ සමාරම්භය යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින්  ක‍්‍රීයාත්මක කෙරේ. මෙම වැඩපිළීවෙල සදහා ත‍්‍රීවිධ හමුදා සාමාජිකයින්, සිවිල් ආරක්ෂක නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් 20,000 ක් පමණ එක්වීමට නියමිතය. ඔවුන් කණ්ඩායම් 4200 කට බෙදා මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රීයාත්මක කරේ.

2016 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 40,361 ක් සොයාගෙන ඇත. 2015 වසර හා සසදන විට රෝගීන්ගේ සංඛ්‍යාෙවි 11,000 ක වැඩිවීමක් දක්නට ලැෙබි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 65 කි.

– නිපුන් ඒකනායක

1,674 Viewers
Main News