දුටුගැමුණු රජු සේනාවට තුවාලට ප්‍රතිකාර කලේ පරණ කැවුම් තලපවලින්.. ඊජිප්තු වැසියන් ප්‍රතිකාර කලේ පස්වලින්..- සෞඛ්‍ය ඇමති

May 11, 2017 at 12:00 pm | lanka C news
දුටුගැමුණු රජු සේනාවට තුවාලට ප්‍රතිකාර කලේ පරණ කැවුම් තලපවලින්.. ඊජිප්තු වැසියන් ප්‍රතිකාර කලේ පස්වලින්..- සෞඛ්‍ය ඇමති

ප්‍රතිජීවක සදහා ඇති වී ඇති ප්‍රතිරෝධය පිළිබද ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමෙි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙි දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “ශ්‍රී ලංකාව ඇතුලු දියුණු වෙමින් පවතින රටවල් රැසකම ප්‍රතිජීවක භාවිත කිරීම පිළිබද අවධානම කෙරෙහි අවධානය යොමු කර තිඛෙනවා. නව විද්‍යාත්මක සොයාගැනීම් ද සමග එයට හිමිව ඇත්තේ වැදගත් ස්ථානයක්. ප්‍රතිජීවක යනු අලුත් දෙයක් නොවෙයි. වසර දහස් ගණනක සිට ආසාදන සදහා ප්‍රතිකාර කිරීමෙි දී ප්‍රතිජීවක භාවිත කළා. පැරණි ජනතාව විවිධ පස් සහ ශාක නිශ්සාරනයන් ආසාදන සදහා ප්‍රතිකාර කිරීමෙි දී යොදා ගෙන තිඛෙනවා. උදාහරණයක් ලෙස ඊජිප්තු ප්‍රජාව අතීතයේ දී තුවාල සදහා ප්‍රතිකාර කිරිමට පස් යොදාගෙන තිඛෙනවා. දුටුගැමුණු රජතුමන් සිය බලඇණි වලට තුවාලයක් සිදුවුවහොත් ප්‍රතිකාර කිරීම සදහා දිර්ඝ කාලයක් දුමෙි තබන ලද කැවුම් වල තලපයක් යොදා ගත්තා.

මෙි වනවිට ප්‍රතිකාර සදහා සැළකිය යුතු ඉදිරි පියවර රැසක් ගෙන තිඛෙනවා. බැක්ටිීරියා මගින් ආසාදනය වන නිවිමෝනියාව සහ අතීසාරය වැනි රෝග දෙවන ශත වර්ෂයේ දී මරණ රැසකට හේතු වුනා. ලොව ප්‍රථම ප්‍රතිජීවකය වන පෙනෙසිලීන්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් සොයා ගැනු ලැබුවෙි අහම්ඛෙන්. මෙි වනවිට විවිධ වර්ගයේ ප්‍රතිජීවක ඖෂධවල ප්‍රමාණාත්මක ඉහළයාම සහ ඒවායේ පුළුල් ව්‍යාප්තිය සමග නිසි අවබෝධයකින් තොරව ඖෂධ භාවිත කිරීමෙි තත්ත්වයක් මතුව තිඛෙනවා. ප්‍රතිජීවක වලට ඇති ප්‍රතිරෝධය වර්ධනය වීම හේතුවෙන් සංකීර්ණ තත්ත්වයක් ද මතුව තිඛෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය තහවුරු කර ඇති බව මම කියන්න කැමැතියි. ක්ෂය රෝගය, එචි.අයි.වී සහ මැලේරියා වැනි රෝග වලට එරෙහි ප්‍රතිකාර ලබාදීමෙි දී එය ගැටළුවක්.

ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. බෝවන රෝග පාලනය කිරීමෙි දී එය ගැටළු සහගතයි. රෝහල් තුල මෙන්ම සමාජය තුළ දී ද ප්‍රතිකාර විකල්ප නොමැතිවීම ඉහළයාම ඊට හේතුවයි. මරණවල ඉහළයාමට, සෞඛ්‍ය වියදම් වැඩිවීමට ද එය හේතු වී තිඛෙනවා. වර්තමානයේ සෞඛ්‍ය සදහා වැය කරන මුදලින් සියයට 13 කට ආසන්න මුදලක් වැය කරන්නේ ප්‍රතිජීවක ඖෂධ වෙනුවෙන්. එය අනර්ථකාරී වැය කිරීමක්. ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය ගෝලීය ගැටළුවක්. මෙය පිළිබද අවධානය යොමු කරමින් සාමාජික රටවල ප්‍රතිපත්ති වර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිඛෙනවා. ප්‍රතිජීවක ඖෂධ හැසිරවීම පිළිබද ජායිපූර් ප්‍රකාශනයට අත්සන් තැබීමට ශ්‍රී ලංකාව පියවර ගත්තේ ද ඒ අනුවයි. ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය වැළැක්වීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති පැනවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 – 2020 ක්‍රීයාකාරී සැළෑස්මෙි දී වැඩි වටිනාකමක් ලබා දී තිඛෙනවා. මෙම නිර්දේශයන් අනුව කටයුතු කිරීමට බහු අංශවල සහයෝගීතාව ලබාගනිමින් අවශ්‍ය කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන අවසන්. ආසාධන වැළැක්වීම, පාලනය වැනි කටයුතු වල දී සෞඛ්‍ය වෘත්තීකයින් මහජනතාව මෙන්ම අදාල සියළු පාර්ශ්ව වලට ප්‍රතිජීවක පිළිබද ප්‍රතිරෝධය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. විධිමත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දිවයින පුරා ඔසුසැල් ලියාපදිංචි කිරීමෙි දී සහ පාලනය කිරීමෙි දී ද සුදුසුකම් ලත් ඖෂධවෙිදීන් යොමු කිරිම ඉතා වැදගත්.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

7,031 Viewers

8 Comments to “දුටුගැමුණු රජු සේනාවට තුවාලට ප්‍රතිකාර කලේ පරණ කැවුම් තලපවලින්.. ඊජිප්තු වැසියන් ප්‍රතිකාර කලේ පස්වලින්..- සෞඛ්‍ය ඇමති”

  1. Chinthaka says:

    True.. but our stupid people used to go to Mount Elisabeth even for a normal chest pain.

    • Johnbaas says:

      මවුන්ට් එලිසබෙත් එකේ දැං පපුවෙ අමාරැවට කැවුමක් කවල තලපයක් පපුවෙ අලවනව ලු

      • CAT says:

        අපරාදේ මවුන්ට් එලිසබෙත් රෝහලට ගෙව්ව මුදල් පරණ කැවුම් තලප ට්කක් පපුවේ අලවා ගන්න තිබුනනේ ….එත් මොහුට එවැනි දෙයක් තියෙනවද කියන එකයි ප්‍රශ්නය ? මේ කොටි හොල්මනට තියෙන්නේ මිනිස් හදවතක් නොවන නිසා …

    • wije says:

      Muge puta kiyana dewal ma ne mekat kiyanne. muge age kahambiliya halapa tawaranna ona.

  2. Niru says:

    Yako why did you go to Singapore for treatment. Singapore was not even on the map then. It is because of smelly mouth politicians like this kalakanni we are in this plight.
    Moo danna dekut ne nodanna pari etekuth ne

  3. john the baptice says:

    මේ යකා දොස්තර උනේ කොහොමද?

  4. Saradiel says:

    දැන් පස් ටිකටත් වැඩක් දෙන්න යන්නේ

  5. සිංගප්පූරුවෙදි කුරක්කන් තලපයක් මුගේ පස්ස පැත්තේ තියලාලු හදවත් රෝගයට බෙහෙත් කොරේ???????????????

Main News