දුප්පත් කම නැති කරන්න රතන හිමියෝ කෝටි පහක සැප වාහනයක් රටින් ගෙන්වති.. ලක්‍ෂ 330ක රේගු බද්දත් නොගෙවති..

November 15, 2016 at 1:02 am | lanka C news
දුප්පත් කම නැති කරන්න රතන හිමියෝ කෝටි පහක සැප වාහනයක් රටින් ගෙන්වති.. ලක්‍ෂ 330ක රේගු බද්දත් නොගෙවති..

රටේ ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක අනවශ්‍ය බවත් ඒ තුලින් රටේ වකුගඩු රෝගය ව්‍යාප්ත වන බව පවසමින් විශාල හඩක් නගන යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙස මහන්සිවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රී අතුරුලියේ රතන හිමිගේ නමට අධි සුඛෝපභෝගි වාහනයක් අනානයනය කර ඇත.

රුපියල් මිලියන 33 රේගු බද්දක් නොගෙවා නිදහස් කරගත් මෙම වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ප‍්‍රාඩෝ රථය සමාන්‍ය වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වෙයි.

රටේ දුප්පත්කම තුරන් කිරිම මෙන්ම පරිසරය ගැන හඩක් නගමින් ජනතාවට සේවයක් කිරීම සඳහා මෙතරම් වටිනාකමින් යුක්ත අධි සුඛෝපභෝගි වාහනයක් අවශ්‍යයිද යන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ දක්වා රැස්වීම 7 කට පමණක් සහභාගි වීම යන කරුණු පදනම් කරගෙන රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

මෙම පැමිනිල්ල ඉදිරිපත් කොට ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකරුවකු වන නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු විසිනි.

kjj

38,668 Viewers

29 Comments to “දුප්පත් කම නැති කරන්න රතන හිමියෝ කෝටි පහක සැප වාහනයක් රටින් ගෙන්වති.. ලක්‍ෂ 330ක රේගු බද්දත් නොගෙවති..”

  1. nimal says:

    HAMUDURUWANE

    MATA MONAWA LIYANADA HITHAGANNA BA

    PAWATA BAYEI……..

    RATA JATHYA AGAMA GANA HITHANNA KO???

    • මත්පෙති වික්ක ඇබිත්ත says:

      යකෝ මේක තමා මධ්‍යම ප්‍රතිපදාවය කියන්නෙ. ලෝකෙ තියෙනව කෝටි 300-400 වටින වාහන වගේම ලක්ෂ 2-3 වටින වාහනත්. ඉතිං කෝටි 5 හේ වාහනේ තියෙන්නෙ ඔය දෙක මැද්දෙ කියල තොපිට තේරෙන්නෙ නැද්ද?

      • Eagle Eye says:

        ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ එක ලංකාවට අධිසුකෝපභෝගී වාහනයක් වෙලා තියෙන්නෙ පවතින අධික බදුබරත්, මාධ්‍යය විසින් සහ සමාජය විසින් (බොහෝවිට ඊර්ශ්‍යාව නිසා) ඒක එහෙමයි කියල උළුප්පන නිසාත්.
        නමුත්, ඇත්තම තත්වයනම් ප්‍රාඩෝ පමනක් නොව ලෑන්ඩ්කෲසර් (V-8) කියන්නෙත් කිසිම අධි සුඛෝපභෝගයක් නැති, හොඳ Off-Road SUV මොඩල්ස් දෙකක්.

        ඔන්න NISSAN PATROL (SE, LE, PLATINUM) නැත්නම් HONDA- PILOT වගේ වාහනනම් සුඛෝපභෝගී කියල කිව්වත් කමක් නෑ. TOYOTA මුල්තැනදෙන්නෙ කල්පැවැත්මට, ඒනිසා මගීන්ට ටිකක් අපහසුයි- ගැස්සෙනව.

        රතන හිමියන්ගෙ දේශපාලනය ගැන (දේශපාලන භාවිතාවට වඩා වර්තමානයේ නියෝජනය කරන පිල ගැන) විවිද පුද්ගලයින්ට විවිද මතවාද තියෙන්න පුළුවන්. නමුත්, වාහනේක මිලෙන් ඒකෙ ප්‍රයෝජනේ මනින්න බෑ. අධිසුකෝපභෝගීව වඩින්න ඕනිනම් Rolls Royce නැත්නම් Bentley කාරෙකක් ගන්න පුළුවන් අතදිග ඇරල සල්ලි විසිකරල.
        නැත්නම් Benz හෝ Land Rover වලට යන්න පුළුවන්අඩු මිලකට.

        • singha01 says:

          කාවද ගොනාට අන්දන්න හදන්නෙ මේ ? කොහෙද බන් HONDA-PILOT සුඛොපභොගී වාහන වෙන්නෙ. දන්න අය ටික දෙනෙක් තමා ඉන්නෙ. නමුත් මෙහෙම් අතේ පැලවෙන බොරු නොකිය හිටපන්. ඕන කෙනෙකුට google කරල බලන්න පුලුවන්. ඔය අති සුඛොපභොගී නෙවේ කියපු වාහන හරිම මිල අධික වාහන. ලංකාවට මෙහෙම් වියදම් කරන්න සල්ලි කොහෙන්ද, මහ බංකුවත් හොරා කාල ඉවර කොට.

          • Eagle Eye says:

            හඳ පෙන්නුවහම ඇඟිල්ල බලන්න එපා මචන්. මම කිව්වෙ පැට්‍රොල්, පයිලට් කියන්නෙ සුඛෝපභෝගී කියල නෙවෙයි. ලෑන්ඩ් කෲසර් වලට සාපේක්ශව, ඒවට සුඛෝපභෝගී කියල කිව්වත් කමක් නෑ කියල. (පයිලට් එකයි කෲසර් එකයි, පැට්‍රොල් එකයි තුනම මම දන්නව ) උඹේ තියරියට අනුව JCB නැත්නම් කැටපිලර් 4WD highspeed ට්‍රැක්ටරයක් ගෙනාවත් ඒක ලක්ශරි. ඇයි මිල අධිකයිනෙ.

            ඇත්තටම සුඛෝපභෝගී කියන්න පුළුවන් රෝල්ස් රොයිස් බෙන්ට්ලී වගේ අධිමිල වාහන තමයි. රේන්ජ් රෝවර් එකත් ඒ වගේ සුවපහසු SUV එකක්, නමුත් මුදල් නාස්තියක්.

            after all, I’m not a lackey of Sirisena/ Wickramasinghe government, or not a lackey of MR.
            Anyway, I also want to see the end of present Government, but not slicking mud for ppl on such petty things.

    • Gona says:

      සාධු අංකල්ට ටටා කියන්න පුතේ….

  2. love nature says:

    පංචකාම වස්තූන්, භවය ආදී කරුණු නිසා දුක හට ගනී. … විශාල වන තරමට එය මකුළුවාට දැලක් බවට ම පත් වේ. … බෞද්ධ අපගේ පරම අපේක්‍ෂාව විය යුත්තේ සසර ගමන කෙලවර කිරීම ය.

  3. love nature says:

    ආසා සූත්‍රය:—“මහණෙනි, අත්හැරීමට දුෂ්කරවූ මේ ආසා දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලාභාසාවද ජීවිතාසාවද (යන දෙදෙනයි) මහණෙනි, මේ ආසා දෙක වනාහි දුරුකිරීමට දුෂ්කර වෙති.”

  4. love nature says:

    තණ්හාව

    තණ්හා ආසා ගත යුතු නැහැ සිතට
    අටසිල් ගත යුතුයි ගොස් සැම පන් සලට
    තණ්හා ආසා පොදි බඳීනා සැමට
    තණ්හාවන් සමඟ සෝකය එයි ලඟට

  5. love nature says:

    එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා
    එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා බිත්තරෙන් එළියට ආපු පුංචි කුරුලු පැටියා නිල් අහසේ පියාසර කරන්න ආසයි. ඇළ ඉවුරේ ඉන්න හැලගෙම්බෝ මහ හයියෙන් වහින වැස්සේ තෙමෙන්න ආසයි. හොඳට ඉදුණු වැල ගෙඩියක රහ බලන්න වවුලෝ ආසයි. පණ ගැහෙන පුංචි කුරුලු පැටව් හොටෙන් ඩැහැගන්න ගිජු ලිහිණියෝ ආසයි.දකින දකින හැමතැනදිම එක කකුලක් උඩට උස්සලා මුත්‍රා කරන්න බලු කුක්කා ආසයි. අළු ගොඩේ සැපට නිදාගන්න හොර පූසෝ ආසයි. මේ හැමෝගෙම ආසාවල් මේ විදියට ලියන්න පුළුවන් වුණත් මිනිස්සුන්ගේ ආසාවල් ලියන්නේ කොහොමද? කාටද පුළුවන් තම තමන්ගේ ආසාවල් වර්ගීකරණය කරන්න…? අද තියෙන ආසාව නෙමෙයි හෙට. දවසින් දවසට ආසාවල් එකතු වෙනවා. වැඩි වෙනවා. යටපත් වෙනවා. අවසානයේදී අපි හැමෝම ආසාවල් එක්කම අතරමං වෙනවා. ඒ කොහොමද?• ආසාව කියන්නේ හිතේ කැමැත්ත.ආසාව කියන වචනය බුදු දහමේ විග්‍රහ කරන්නේ ඡන්දය කියලයි. මිනිස් මනසේ හටගන්නා කැමැත්ත නිසා ආසාව දිනෙන් දිනම මෝදු වෙනවා. මේ විදියට හිතේ ඇතිවන ආසාවන් සම්පූර්ණ කරගන්නේ පංච ඉන්ද්‍රියයන් හරහායි. හිතේ ඇතිවන ආසාව සංසිඳුවා ගන්න තමයි මිනිස්සු කොයි කවුරුත් දවල් රෑ වෙහෙසෙන්නේ. කැමැති කැමැති විදියට පසිඳුරන් පිනවන්න උත්සාහ ගැනීම ගිහියන්ගේ සිරිතයි.• ආසාවෙන් අගතියට යන්න එපා.අගතියට යනවා කියන්නේ අන්තයට යනවා කියන එකයි. හිතේ ඇතිවන ආසාව සම්පූර්ණ කරගන්න උත්සාහ ගැනීම නිසා තමයි මේ විදියට අගතියට යන්න පවා සිදුවන්නේ. හිතන්න අපි අතර ඉන්නවා කියලා මත්පැන් පානයට ආසා කරන පුද්ගලයෙක්. මේ පුද්ගලයා දිනපතාම මධු පානය කිරීමේ ආසාව සම්පූර්ණ කරගන්න උත්සාහ ගන්නවා නම් ඔහු බීමත් කමෙන් අන්තයට ගොස් බේබද්දකු බවටත් පත්වෙනවා. හිතේ ඇතිවුණු ආසාව නිසා දන්නෙම නැතිව ඔහුව අගතියට පත්වුණේ ඒ විදියටයි. ඕනවට වඩා පැණි රස කෑමට ආසා කරන පුද්ගලයන් එම ආසාව අවසානයේ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට පවා ගොදුරු වෙනවා. සතියේ දින හතේම පැය ගණනක් එක දිගට රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍ය බලන්න ආසා කරන පාසල් දරුවන් ටෙලිනාට්‍ය කෙරෙහි ඇති කරගන්නා ඡන්දය නිසා අධ්‍යාපනයට බාධා පමුණුවා ගන්නවා. විශේෂයෙන්ම ගිහි ගෙදරක් සැලකිල්ලට ගත් විට ඒ ඒ සාමාජිකයන්ගේ විවිධ ආසාවන් නිසා මෙලෙස අගතියට පත්වීම ගිහිගෙදර සාමයටත් බාධාවක්. නිතරම රස්තියාදු ගහන්න කැමැති පුතා නිසා අම්ම ඉන්නේ හරිම හිතේ කරදරෙන්. එක දිගට පරිගණකයේ ක්‍රීඩාවලට ගිජුවීම නිසා අක්කයි මල්ලියි නිතරම අමනාපෙන්. බුලත්විට හපන එකේ සීමාවක් නෑ කියලා ආච්චිගෙන් සීයට නිතරම දෝස්මුරේ. අහල පහළ හැම ඕපදූපයක්ම හොයාගෙන තාත්තාගේ කනේ තියන්න මඟ බලන් ඉන්න අම්මට කනක් ඇහිල්ලෙ ඉන්න නෑ කියලා තාත්තාගෙන් දෝෂාරෝපණ. ඡන්දය නිසා ගිහි ගෙදර ප්‍රශ්න ඇති වෙන්නේ මෙන්න මේ විදියට තමයි.• ආසාවෙන් අන්තයට යෑම දියුණුවට බාධාවක්විවිධ කරුණු කාරණා නිසා ආසාවන් ඇතිකර ගැනීමත්, නොසංසිඳෙන ආසාවන් නිසා අන්තයට යෑමත් ගිහි ජීවිත ආපස්සට හරවන්න බලපාන ප්‍රධානම සාධකයක්. මේ තියෙන වැඩ රාජකාරි එක්ක මාසෙ පඩිය හැරෙන්නත් මදි කියන උදවිය අපි අතර කොයිතරම්ද? ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි කියලා පොඩ්ඩකට හිතලා බැලුවොත් පඩියෙන් වැඩි කොටසක්ම වැය වෙන්නේ නොසංසිඳෙන ආසාවන් නිසයි කියලා අවබෝධ කරගන්න ඒ කාටත් පුළුවන් වේවි. ගිහි ජීවිත ඕනවට වඩා සංකීර්ණ වන්නෙත් මේ ආසාවන් නිසාමයි. කැමැත්තට මුල්තැන දීලා අරගත්ත ගොඩක් තීරණ නිසා ගිහි ගෙදර ඉදිරි ගමනට බාධා එල්ලවෙනවා. මේ නිසා නොසංසිඳෙන ආසාවන්ගෙන් අගතියට යන මිනිසුන්ගේ ජීවිත කළුවර පක්‍ෂයේ හඳ වගේ අඳුරෙන් අඳුරටම පත්වන බව කොයි කවුරුත් සිහි තබාගත යුතුයි.• කැමැත්ත ක්‍රියාත්මක කරන්න ඕන සීමාවක ඉඳගෙනයිආසාව කියන්නේ ඉතාම පොදු ආකල්පයක්. ආසාවන් ප්‍රහීණ කරන්න හැකියාව තියෙන්නේ බුදු දහමට අනුව නම් මාර්ගඵල ලබාගත් පුද්ගලයන්ටම පමණයි. ඉතිං ගිහියන්ගේ ජීවිතවලට මේ තරම් ළං වුණ විවිධාකාර ආසාවන්ගෙන් අන්තයට නොයා ඉන්නේ කොහොමද? ඒ සඳහා අනිවාර්යයෙන්ම බුද්ධිය පාවිච්චි කළ යුතු වෙනවා. කැමැත්තට වහල් වෙලා ජීවිතයම අඳුරට පත් කරගන්නේ නැතිව බුද්ධියෙන් හිතලා කටයුතු කරනවා නම් ආසාවන් කියන දේවල් ගිහි ජීවිතවලට එතරම් ගැටලුවක් ඇති කරන්නේ නෑ. එහෙම වුණාම ආසාවන් ඉටු නොවීම නිසා ඇතිවන චිත්ත පීඩාවන් පවා දරාගන්න පහසුයි.තණ්හා ආසා.. ඔලොගු කරේ දා.. මඟතොට නොබලා වගතුග නොසොයා, එළිය දකින්නද මේ යන්නේ.. සැපත සොයන්නද මේ යන්නේ..?ආසාවන් පසුපස ඉබාගාතේ දුවන අපි මොහොතකට නවතිමු. දැන් සිහි බුද්ධියෙන් හිතලා බලමු. එහෙම නැති වුණොත් අපි ආසාවන් හින්දම නොදැනීම අගතියට යනවා ඒකාන්තයි.

  6. ගමේජ් says:

    මුන් වහන්සේලාට ලැජ්ජාවක් නැද්ද ඇත්තටම? ඊළඟ ආණ්ඩුවෙන් මොහු, ගල් අඟුරු හොරා ඇතුළු නඩයම හිරේ දැම්මෙ නැත්නම් ජනතාව කැරලි ගසාවි..

  7. Nandasoma says:

    කොයි හාමුදුරුවොත් නිවන් දකින්න හදන්නෙ වාහන වලින් ගිහිල්ල වගේ!

  8. ABC says:

    රට ජාතිය ආගම ගැන පුදුම කැක්කුමක්නේ තිබුනේ. අර අගමැති තුමා කාටද කිව්වා වගේ මද්‍යම ප්‍රථිපදා මාර්ගයේ යන්න වෙන්නැති මේ වාහනය ගන්න ඇත්තේ.

  9. chamma -sada STF says:

    THANK YOU SADU…. GODAK PIN!

  10. sam says:

    From where does this priest get all this money. It is sickening an immediate investigation into the wealth of the priest is required. Priests are people who have given up all worldly goods so this is hilarious. He should not get even a a single vote next time. This is dishonesty of the first order

  11. Karu Buddadasa says:

    ඇත්තටම සී ලංකාවලට මේ මූසල මූණත්ය්තහඩුව නොදා ඉන්න බැරිද?

  12. Fernando says:

    hikis

  13. Desapremiya says:

    රතනයෝ චීවරේ ගහක් උඩ තියල කලිසමක් දාගනින් හොරෙන් හරි කසාදයක් බැදගනින්. ලැජ්ජයි ඔය කහ පට වස්තරේට අගරු කරන්න එපා. උබල රටේ දුප්පත් කම නැති කරන්න ඇවිත් හොරෙන් ගීත ගායනා කලාට එළිපිට නටන්න වෙලා තියෙන්නේ. අපිට පන්සිල් දෙන්න ඉස්සෙලා උබල පන්සිල් පද පහ රැකගෙන ඉන්න ඕනේ.

  14. රතුඑළියේ සහ සමාගම says:

    මුන්නාන්සේ දැන් හෙළ උරුමෙත් නෑල්ලුනෙ. අර අසෝක කියන හීනමාන කාරයා එක්ක කෘෂිකර්මාන්තෙ වට්ටන්න වැඩ. දැන් අස්වැනුත් අඩුවෙලා මුන්නාන්සේගේ වැඩ නිසා.

  15. Kolitha says:

    Athuraliye Rathana Ven.
    Athuraliye Rathana Ven J.H.U
    Athuraliye Rathana. Mala karumaya
    Athuraliye Rathana. UNP
    Athuraliye Prado Rathana.
    Prado Rathana.

  16. KK says:

    Should go to FCID , from his MP salary he can’t import this vehicle

  17. ss says:

    gotabayata kiyala rajagiriye hada gatha sasanika bangalawata oyaa wage wahanayak nathiwa bahane.

  18. Dan says:

    hamuduruwane narakada viwahayakk karagaththanam pawlakuth rakkanam oya ithiriwena gihi sapa denne katada

  19. DIGA JANTHU says:

    apita pau porawanne nethiwa siura galola yana mugulaka yanawada

  20. Dickie Bird says:

    Rathanayage konde amaruwa saneepa karanna onna Prado ekak ma dunna.
    Deiyo sakki…. passa doren, kakussi doren, issaraha doren aapu siyallatama mahajanaya gaane wahana.

  21. kusalhami says:

    අතුරේ ගිය රතන ප්‍රාඩෝ රතන වූ වගයි..

  22. kusalhami says:

    වස විස නැති රටක්.
    ප්‍රාඩෝ ඇති හෙටක්.
    නිවනට කෙටි මගක්.
    යහපාලන වැඩක්.
    කිව්වේ බොරු ගොඩක්.
    කෙරුවේ කැත වැඩක්.
    සිවුරට කල දෙයක්.
    රතනේ කුණු ගොඩක්….
    හෙළයේ උරුමයක්.
    කෙරුවේ කරුමයක්.
    අලියගෙ වලිගයක්.
    කෑවේ ලණු ගොඩක්,,,
    අතුරේ ගිය එකෙක්.
    පචයගෙ ගෝලයෙක්.
    ආශා පිරි සිතක්.
    නිරයේ යන මගක්.

  23. වස්තු හාමි  says:

    උපාසක අම්මල ඔක්කොම එකතු වෙලා ලොකු සාධුකාරයක් දෙන්ඩ බලන්ඩ අපේ හාමුදුරුවන්ට. 

  24. gayan says:

    RATA ,JATHIYA ,AGAMA WINASAKARANA THAKKADI RATIN PALAWA HARIYA YUTHUYA.

Main News