දුම්කොළ සමාගමට එරෙහිව රජයේ වෛර සිතක් නෑ..

July 30, 2017 at 8:40 am | lanka C news
දුම්කොළ සමාගමට එරෙහිව රජයේ වෛර සිතක් නෑ..

නෙව්ල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ ද, එම පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකචිඡා පවත්වන අවස්ථාවේ දී සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුයේ ද මෙම පුද්ගලයා ව්සිනි. ඒ බව එම සාකචිඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා හොදින්ම දන්නා කරුණකි. එවැනි සහයෝගයක් ලබාදුන් පුද්ගලයෙකුට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කිරීම විලිලැඡ්ඡාවට බදුන්වන කරුණකි. තම කර්තව්‍යය අවසන් වූ පසු සහයෝගය දැක් වූ පුද්ගලයාට විවේචන එල්ල කිරීම වෘත්තීය සමිතියක ලක්ෂණයක් නොවෙයි. එය දේශපාලන වෘත්තීය සමිතියක ලක්ෂණයකි. දුම්කොල සමාගමට එරෙහිව රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇත. ඒ දුම්කොළ භාව්තයෙන් ජනතාව බෙිරා ගැනීමටය. නමුත් දුම්කොළ සමාගමට එරෙහිව රජය තීන්දු, ප්‍රතිපත්ති, ක්‍රියාත්මක කරන්නේ වෛර සිතකින් නොවෙයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ වෛරී සහගතව බව පෙනී යයි.

දුම්කොළ බදු සියයට 90 කින් ඉහළ දැමූ අවස්ථාවේ දී මාධ්‍යය ද මෙම ප්‍රවෘත්තිය ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පළ නොකරන ලදි. නමුත් ඇතැම් පුවත්පත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශය ප්‍රධාන පුවත බවට පත් කරගෙන ඇත. මාධ්‍ය සදාචාරය මෙය ද, ලෝක සෞඛ්‍ය සංව්ධානය පවා දුම්කොළ බදු පැනවීමෙි වැඩපිළිවෙල අගය කරන අවස්ථාවක මාධ්‍ය මගින් අගය නොකිරීම පුදුමයට කරුණකි.

– ප‍්‍රසන්න අධිකාරී

3,980 Viewers

3 Comments to “දුම්කොළ සමාගමට එරෙහිව රජයේ වෛර සිතක් නෑ..”

  1. maha leda says:

    It is interesting to note that the EX- Officio member of the Sri Lanka Medical Council, Dr Jayasundara Bandara (Director General of Health Services) is also in the Board of Governors of NFTH.

  2. hitan gedara appuhami says:

    ඒ කියන්නේ දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂක අගමැතිගේ උපදේශක.
    වැඩේපැහැදිලියි.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකට තමා.අනිත් කාරණය තමයි අම්ම තාත්තා වුනත් දරුවෙක් වුනත් හරිදේ හරියි වැරදි දේ වැරදියි කියන්න ඕන. ඒකටත් හොද කොන්දක් තියෙන්න ඕන.මේ කුණු දතා වගේ දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන කිසිම ලැජ්ජාවක් හිරිකිතක් නැතිව හිනහ වේවි බොරු කියන මුදලට තමුන්ගේ වාසියට රට ජාතිය පාවලා දෙන එකෙක් මම නම් දැකල නැහැ. මේකෙන් පැහැදිලි වෙන අනිත් කාරණය නම් මේවා සියල්ලම අගමැති කියන පුද්ගලයාගේ අනුදැනුම මත සිදුවෙන දේවල් බවයි.දොස්තර මහත්වරුනි මොකටද ඉතින් රනිල් එක්ක කතා කරලා. ඔහු තමුන්ගේ ඉලක්කය කරා යන, අවශ්‍ය දේ කරන අමුම අමු කපටියෙක්.ඔහොම ගියොත් අපිට හිතන්න වෙන්නේ දොස්තරලත් – අපි විරුද්ධ වෙන්නම්, ඔය ගොල්ලෝ කරගෙන යන්න – න්‍යායේ කියලයි.

  3. ගම්මුලිදෑනි says:

    ඇමති තුමෝ ඔබ දන්නවද දුම්කොළ බද්ද වැඩිකළාට පස්සේ දුම් පානය වෙනුවට ගම් දනව් පුරා ප්රසිද්ධියේ ගංජා බිස්නස් එක ගජරාමෙට ව්‍යාප්ත වී ඇත් බව?