දුම්රියේ වැදී තරුණයෙකු මිය යයි..

July 25, 2018 at 12:40 pm | lanka C news
දුම්රියේ වැදී තරුණයෙකු මිය යයි..

තලෙයි මන්නාරම හා කොලඹ දුම්රිය මාර්ගයේ මුරුන්ගන් පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී දුම්රයට වැදී මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (24) සවස හමු වූ බවට මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.

මුරුන්ගන් උයිරත්තරාසන්කුලම් ප්‍රදේශයේ තිබී අදාල මළ සිරුර ප්‍රදේශවාසියෙකු දැක ඒ බව මුරුන්ගන් පොලීසියට දැනුම් ධීමෙන් පසුව මුරුන්ගන් පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ මිය ගොස් සිටි තරුණයා හඳුනාගෙන ඇති අතර ඔහු අසල ගම්මානයේ පදිංචි තරුණයෙකු බවට ප්‍රදේශවාසීන් විසින් හඳුනාගෙන ඇත.

මළ සිරුර තිබූ ස්ථානයට මන්නාරම වැඩබලන මහේස්ත්‍රාත් වරයා පැමිණ මරණ පරික්ෂණ කටයුතු සිදු කල අතර තරුණයා සියදිවි හානිකර ගත්තේදැයි සැක සහිත බවට පරික්ෂණ සිදු කළ මුරුන්ගන් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,220 Viewers

3 Comments to “දුම්රියේ වැදී තරුණයෙකු මිය යයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා .

  2. sakalabujan says:

    Meruna eka hodai netnam widawala merenne Pitagesma nisa

Main News