දුම්රිය රියදුරු වර්ජනය නිසා උතුරේ ඉඩම් අර්බුද සාකච්ඡාවත් කල් දාන්න වෙලා…

December 18, 2017 at 2:09 am | lanka C news
දුම්රිය රියදුරු වර්ජනය නිසා උතුරේ ඉඩම් අර්බුද සාකච්ඡාවත් කල් දාන්න වෙලා…

උතුරේ ඉඩම් අර්බුද හා ආරවුල් පිළිබදව සාකච්ඡා කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් 16 වනදා කැදවා තිබූ විශේෂ සාකච්ඡාවට උතුරු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු හා වනජීවී නිලධාරීන් විශාල ප්‍රමාණයක් සභභාගි නොවීම නිසා එම සාකච්ඡාව අසාර්ථක වී ඇත.

යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාගේ කාර්යාලයේදී මේ සකච්ඡාව කැඳවා තිබුණි.

සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයා විසින් රාජ්‍ය නිලධාරීන්ගේ නොපැමිණිම පිළිබඳවැ දැඩි අප්‍රසාදය පල කොට ඇති අතර අදාල සාකච්ඡාවට සහභාගී නොවීමට හේතුවද විමසා ඇති අතර උතුරු පළාතේ ඉඩම් සම්බන්ධයෙන් ආරවුල් රැසක්ම පවතින හෙයින් නැවත දිනයක මේ සාකච්ඡාව යළි කැදවන බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.

නමුත් උතුරේ බොහෝ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු අනෙකුත් නිලධාරීන් පවසා ඇත්තේ මෙවැනි සාකච්ඡාවක් ඇති බව තමන් නොදන්නා බවටයි.

එසේ නොදැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ලිපි යවා ඇතත්  පසුගියදා ඇති වූ තැපැල් දුම්රිය ධාවනය නොවීම නිසා නිලධාරීන් විශාල පිරිසකට ලිපි ලැබී නොමැති වීම හේතුවෙනි.

සාකච්ඡාව පැවැත්වීමට නියමිත 16 වෙනිදා තවත් නිලධාඅරීන් කීප දෙනෙකුට ලිපි ලැබී ඇතත් ලිපිය ලැබෙන විට එම නිලධාරීන්ගෙන් පිරිසක් නිවාඩුවට ගම්වලට ගොස් සිටි බවත් තවත් පිරිසක් වෙනත් වැඩ සටහන් යොදා ගෙන තිබූ බවත් එම නිලධාරීන් වැඩි දුරටත් කියා සිටයහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

691 Viewers
Main News