දුමින්ද-අමරවීර ලේකම් ධුරවලින් පන්නන්න සූදානම්.. යෝජනාව මධ්‍යම කාරක සභාවට..

April 13, 2018 at 10:40 am | lanka C news
දුමින්ද-අමරවීර ලේකම් ධුරවලින් පන්නන්න සූදානම්.. යෝජනාව මධ්‍යම කාරක සභාවට..

ඇමති දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප මහලේකම් තනතුරින් හා ඇමති මහින්ද අමරවීර මහතා ශ‍්‍රීලනිප උප ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි යෝජනාවක් මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ගෙන ඒමට එම පක්‍ෂ මැති ඇමති පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම මහින්ද අමරවීර මහතා දරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධුරයෙන්ද ඉවත් කල යුතු බවට ඔවුන් යෝජනා කිරීමට අදහස් කර ඇත.

මෙම යෝජනාවන් ගෙන ඒමට හේතු වී ඇත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගට පක්‍ෂ වීමට ශ‍්‍රීලනිපය තීරණය කර තිබියදී හේතුවක් නොදක්වා ඡන්දය දීමෙන් වැලකී සිටි නිසා මෙම යෝජනාව ගෙන ඒයම නියමිතය.

12,965 Viewers

4 Comments to “දුමින්ද-අමරවීර ලේකම් ධුරවලින් පන්නන්න සූදානම්.. යෝජනාව මධ්‍යම කාරක සභාවට..”

  1. Samuvel says:

    ස්‍රි ලන්කා පක්ශයට කුමක් වූවත් අපට රුදාවක් නැත. එය වැටෙන්න වැටෙන්න සක්තිමත් වෙන්නේ අපේ රටේම වීරයා වන මහින්ද මැති තුමාය.ඒ නිස මුන් තවත් කාලයක් මේ පක්ශයේම සිට එය නැති කරලම දානවා නම් මරේ මරු.එහෙත් එතෙක් වත් මේ වගේ අපතයින් රටේ මුදල් අවබාවිත කරමින් රටට කිසිම පලදායි වැඩක් නොකර රටේ මුදලින් මහ පුටුවල ඉන්න අයුරු බලන්න හිරිකිතයි.

  2. Silva CC says:

    හා…. හා…. හිටං ජනපති මෙලොවට බිහිකළ අපේ අනාගත රාජ්‍යනායක දෙපලට අත තියන්න ලැහැස්ති වෙන්න එපා…!

  3. Ravi says:

    Good work by the team 16.Keep it up guys

Main News