දුර්දාන්ත රාජපක්ෂ පළවා හැර යහපාලන අපි රටට පුදුම සේවයක් කලේ…

January 30, 2018 at 12:40 pm | lanka C news
දුර්දාන්ත රාජපක්ෂ පළවා හැර යහපාලන අපි රටට පුදුම සේවයක් කලේ…

වසර 10ක තම පාලන කාලයේදී ගමට සිදු වූ සේවය කුමක් දැයි, දැන් ගම හැදීමට තමන්ට බලය දෙන්නැයි ඉල්ලා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතාවට පැවසිය යුතු බව ඇමති දයා ගමගේ පවසයි.

අම්පාර, මහඔය ප‍්‍රදේශයේ පැවති එජාප ප‍්‍රචාරක රැලි අමතමින් ඇමතිවරයා එම අභියෝගය ඉදිරිපත් කළේය.

හම්බන්තොට වැනි ග‍්‍රාමීය ප‍්‍රදේශවල ගුවන් තොටුපල, වරාය, සම්මන්ත‍්‍රණ ශාලා වැනි සුදු අලි ව්‍යාපෘති අරඹා, ජනතා සේවය නොව තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන පමණක් සිතූ හිටපු ජනාධිපතිවරයාට ගම හැදීමට හැකියාවක් නොමැති බව හෙතෙම අවධාරණය කර සිටියේය.

රට ආර්ථිකව වැටී තිබියදී බලය තහවුරු කර ගැනීමට ගොස් බලය අහිමි වූ ඔහු සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කළ හලාවත ධීවරයින්ට, රතුපස්වල ජනතාවට මර්දනයෙන් ප‍්‍රතිචාර දැක්වූ අයුරු ද ගමගේ මහතා සිහිපත් කළේය.

දුර්දාන්ත රාජපක්ෂ පාලනය පළවා හැර ජනතාව පත් කර ගත් එජාපය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩු්ව මේ වන විට පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල බලය නොමැතිව පවා ගමට සිදු කර ඇති සේවය ඔහු මෙහිදී විස්තර කර සිටියේය.

එම කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන ගොස් ගම ද නගරයට නොදෙවෙනි සංවර්ධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් එජාපයට ඉදිරි ඡන්ද විමසීමේදී බලය ලබා දෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීය.

– ජෝර්ජ් ද සිල්වා

6,834 Viewers

10 Comments to “දුර්දාන්ත රාජපක්ෂ පළවා හැර යහපාලන අපි රටට පුදුම සේවයක් කලේ…”

  1. NARAYANA says:

    It is less amount than importing and exporting paper cheating tax by this guy. One of biggest tax robber

    • kamalasirikuruwita says:

      අම්මප කියපන් ! හීනෙන් නෙවෙයිනේද මේ කියවන්නේ. !

  2. Aurora says:

    තමුන් කොල්ලකාගෙන එතනෝල් පෙර පෙරා හිටපු සෙවනගල උක් කර්මාන්තශාලාව මහින්ද අපහු ජනතාවට පැවරීමද පාහරයෝ දුර්දාන්තකම? දේශ ද්‍රෝහී හොරු, කොල්ලකාරයෝ.

  3. Sepala says:

    This man’s priority to get back the Higurana Sugar factory and produce “Ikshupaka”[Arrack] and make profit. He and the rest never think about the betterment of the society. Bloody UNP Buggers.

  4. Nim says:

    HORA…HORA…HORA

  5. sinha le says:

    “දකුණේ සිංහලුන් උතුරට ඇවිත්….. මේක දෙමළ ජනතාවට විශාල අනතුරක්..” T N A

  6. Saradiel says:

    සිරිසේනට ඡන්දය දුන්නේ යහපාලනය ඇති කිරීමට මිස රට බෙදීමට නොවෙයි. ඔබ ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනතාව සතුටුවුවත් අද ඔබ යන ගමන් මග පිළිබදව ඇත්තේ බරපතල සැකයක්. අනුරපුර, පොළාන්නරු, සීතාවක, මහනුවර යුගවලදී මහා සංඝරත්නය රජු හා එක්ව පෙරමුණ ගත්තේ ද්‍රෝහීන්ගෙන් රට ආරක්ෂා කිරීම සදහායි. නමුත් රටේ පාලකයා ද්‍රෝහීන් සමග කුළුපග වී රට හා දේශප්‍රේමීන් පාවා දුන් ඛේදනීය අතීතයන් පවා තිබුණා. නමුත් මහා සංඝරත්නය එදා සිට අද දක්වාම රට ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තා පමණක් නොව, ජාතික සංහිදියාට ඇති කිරීමට ද කටයුතු කළා.

    යහපාලනය හා සංහිදියාව තහවුරු කරන බව පැවසූ ශ්‍රී ලංකාවේ සමස්ථ සංහිදියාවට අද බරපතල තර්ජනයක් එල්ලවී තිබෙනවා. උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධයන් පළවා හරින තත්ත්වයක් උදවී තිබෙනවා. රටේ සංහිදියාව ආරක්ෂාවිය යුතුය යන මායාවෙන් මෙම හානිය කිසිවෙකුත් නොදකින නමුත් බෞද්ධයන්ට අත්වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි.

  7. Kings says:

    අනේ ඔවු දෙයියනේ. කරපු සේවය මොකක්ද කියල අපිට ‍තෝර බේර ගන්න බැරුව ඉන්නෙ. ඡන්දෙදි ‍තෝරල දෙන්න බලාගෙන ඉන්නෙ.

  8. David Milli-Banda says:

    “යහපාලන අපි රටට පුදුම සේවයක් කලේ…”
    Oh Yes……………………

    As yahapalanaya came to power, “Keliya Maha Bankuwata”.
    පුදුම සේවයක්
    mahajanayage salli walata.

Main News