දෙමල තරුණයන් නොමග යන්නේ හින්දු දහම් පාසැල් නැති නිසා..

August 10, 2018 at 8:40 am | lanka C news
දෙමල තරුණයන් නොමග යන්නේ හින්දු දහම් පාසැල් නැති නිසා..

”මුලූ මහත් රට පුරාම බෞද්ධ දහම් පාසැල්, මුස්ලිම් දහම් පාසැල්, කතෝලික දහම් පාසැල් විවිධ ආගමික සංවිධාන විසින් පවත්වා ගෙන යනවා. නමුත් හින්දු ආගමික දහම් පාසැල් රටේ කොහේවත්ම නැහැ. විශේෂයෙන්ම එවැනි දහම් පාසැල් උතුරේවත් නැහැ. එම නිසා හින්දු ආගමික නායකයන් ඔවුන්ගේ ආගමානුකූලව පවත්වාගෙන යන දහම් පාසැල් ආරම්භ කිරීමට සිතා බැලිය යුතු කාලය පැමිණ ඇතැ”යි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවසීය.

රෙජිනෝල්ඞ් කුරේ මහතා එසේ පැවසුවේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති යාපනය ආරක්‍ෂක කමිටු රැස්වීමේදීය.

මෙම ආරක්‍ෂක කමිටු රැස්වීමට යාපනය දිස්ත‍්‍රික් ලේකම්, දිස්ත‍්‍රික්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරු, උතුරු පළාතේ පොලිස් සහ ත‍්‍රිව්ධ හමුදාවල ඉහල නිලධාරීන් පැමිණ සිටියහ.

වැඩිදුරටත් මෙම රැස්වීම ඇමතූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය.

”දැනට වාර්තා වන කරුණු අනුව උතුරු පළාතේ ගංගා, කලපු හා ඇළ ඉවුරු ආශ‍්‍රිතව අනවසර වැලි කැනීම් බහුල වශයෙන් සිදුවන අතර අනවසර වැලි ප‍්‍රවාහනයද බහුල වශයෙන් ක‍්‍රියාත්මක වන බව මා වෙත තොරතුරු ලැබී තිබෙනවා. එසේම තහනම් මත් ද්‍රව්‍ය උතුරු පළාතේ බහුල වශයෙන් සංසරණය වන බවටද වාර්තා ලැබී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය හා අනවසර වැලි ප‍්‍රවාහනය, ලී ප‍්‍රවාහනය වැනි කටයුතු නතර කිරීමට මහජන සහාය නිතැතින්ම අවශ්‍ය වන බව ඔබ කවුරුත් වටහා ගත යුතුයි. මේ සඳහා දකුණේ ගම් ප‍්‍රදේශ වල පවතින සමාජ සංවිධාන, ආගමික සංවිධාන, පරිසර සංවිධාන, නීතිමය සංවිධාන වැනි සංවිධාන කඩිනමින් ආරම්භ කරන ලෙස ප‍්‍රදේශයේ සිටින සියලූම ආගමික නායකයන්ගෙනුත් වගකිව යුතු අනික් අයගෙනුත් ඉල්ලා සිටිනවා.

පොලිස් දෙපාර්තමේන්තුවට හෝ ත‍්‍රිව්ධ හමුදාවට තොරතුරු ලබා දෙන මහජන කණ්ඩායම් හෝ පිරිස් යම් ප‍්‍රමාණයක් හෝ සිටී නම් මෙවැනි අනර්ථකාරී ක‍්‍රියා නතර කරන්න පහසු වෙනවා.

අද මෙම රැස්වීමේදි මෙන්ම මීට කළින් රැස්වීම් කිහිපයකදීම පොලිස් මුරපලවල් පහත සඳහන් ස්ථාන වලට ඉල්ලා ඇති බවද සිහිපත් කළ යුතුයි. එනම් නාවට්කුලි, අරියාලයි, කයිට්ස්, වෙලනෙයි සහ කරෙයිනගර් යන ස්ථාන සඳහායි.

යාපනයේ සිදුවන අනර්ථකාරී කි‍්‍රයා වලට බෙහෙවින් බලපාන තවත් ප‍්‍රශ්නයක් තමයි පදිංචිකරුවන් නොමැති නිවාස බහුල වශයෙන් තිබීම. එම නිවාස වල විවිධ අපචාර සහ වෙනත් හිංසාකාරී ක‍්‍රියා සිදු වන බව අපහට වාර්තා වී තිබෙනවා. එම ස්ථානවල අනර්ථකාරී කි‍්‍රයා වලට සම්බන්ධ වන පිරිස් නිතර ගැවසෙන බවද අපට වාර්තා වි තිබෙනවා. ඒ නිසා මෙවැනි සමාජ විරෝධි සිදුවීම් වන සියලූම දේවල් පොලිස් ස්ථාන හෝ වෙනත් ආරක්‍ෂක අංශ වෙත නිර්නාමිකව හෝ පැමිණිලි කිරීම හෝ ලිඛිතව දැනුම් දීම හෝ කිරීම මහජනතාවගේ යුතුකම බව මා විශ්වාස කරනවා.”

උතුරේ පොලිස් ස්ථාන හා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල වැඩි ප‍්‍රමාණයක් පවත්වා ගෙන යන්නේ පෞද්ගලික අයිතිකරුවන්ට අයත් නිවාස වල නිසා එම ස්ථාන වෙනුවට වෙනත් ගොඩනැගිලි ඉදි කර යාපනයේ ප‍්‍රදේශවාසීන්ගේ ඉඩම් නිදහස් කිරීමට කටයතු කළ යුතු බවටද මෙහිදී සාකච්ඡුා විය.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

4,817 Viewers

5 Comments to “දෙමල තරුණයන් නොමග යන්නේ හින්දු දහම් පාසැල් නැති නිසා..”

  1. Regime, after very very long time you have revealed something very true, correct and real. Come on Regi.

  2. OLU says:

    උතුරේ සිංහල ගම්වල සිංහල දරුවන්ට සිංහල ඉගනීමට සිංහල පාසැල් ඇතිකරන්න ප්‍රථමයෙන්

  3. JOY says:

    දෙමළ තරුණයන් නොමග යන්නේ උතුරේ දෙමළ දේශපාලකයන්ගේ බෙදුම්වාදය ජාතිවාදය නිසයි

  4. sakalabujan says:

    කිළිනොච්චිය විශ්ව විද්‍යාල භූමියේ ස්ථාපිත කොට ඇති බුදු මැදුර සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් විරෝධයක් මතු වී තිබෙනවා.

    දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චියේ සිටින දේශපාලනඥයින් කියා සිටින්නේ විශ්ව විද්‍යාලය තුළ සිංහල බෞද්ධයින් ඉතා සුළු ප්‍රමාණයක් සිටියදී බුදු මැදුරට ඉහල තැනක් ලබා දී ඇති බවයි.

    පසුගිය වෙසක් සමයේදී වව්නියාව විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමෙන් සරසවිය ඇතුළේ දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව තිබුණා.

    • LION says:

      ඉතා සුළු ප්‍රමාණයක් දෙමල ජාතිකයන් සිටින අපේ රටේ දෙමළ භාෂාවට ඉහල තැනක් ලබාදීම වහාම නතර කරනු .
      මේ රටේ දෙමල භාෂාව වහාම තහනම් කරනු. දෙමල ජාතිකයන් සිංහල ඉගන ගැනීම අනිවාර්ය කරනු.
      සිංහල නොදන්නා පුද්ගලයන්ගේ පුරවැසිභාවය ඉවත්කර පිටමන් කරනු එවිට උතුරේ ජාතිවාදය නතර කිරීමට පුළුවනි .
      දෙමල අවශ්‍ය පුද්ගලයන් දකුණු ඉන්දියාවට යනු ,හින්දු ආගම අවශ්‍ය අයද ඉන්දියාවට යනු

Main News