දෙමල සන්ධානයට පළාත් සභා එපා වෙලා.. අහෝසි කරන්න යෝජනා කරයි..

December 6, 2018 at 8:02 am | lanka C news
දෙමල සන්ධානයට පළාත් සභා එපා වෙලා.. අහෝසි කරන්න යෝජනා කරයි..

ව්‍යවස්ථාදායකය ,විධායකය සහ අධිකරණය යන ආයතන තුන යුක්තිය නැමති දෙවොලේ කණු තුන වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් රැදී තිබෙන්නේ එම කණු තුන මත බවත් ,ඉන් එක් කණුවක් හෝ කඩාවැටීමෙන් යුක්තියේ දේවාලය ද කඩා වැටීම ඓතිහාසික සිද්ධාන්තයක් බවත් අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

අද අප රටේ මතුව තිබෙන අවුල් සහගත තත්වය සමනය කර ගැනීමට වහා ක්‍රියාත්මක නොවුනහොත් රට තව තවත් අවුලට යාම වැළක්විය නොහැකි යැයි ද ඒ මහතා සදහන් කළේය .

හෙට්ටිගේ මහතා එසේ කිවේ රටේ වත්මන් දේශපාලන තත්වය ගැන සාකච්ඡ කිරීම සදහා ඊයේ (5) මාලබේ දී පැවති දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් සහභාගි වූ හමුවක අදහස් දක්වමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

අද රටේ අවුල මොකද්ද කියල බොහෝ දෙනෙක් දන්නවා .අධිකරණය හමුවේ නඩු කීපයක් පවතිනවා .අපි ඒවාට බලපාන ලෙස හැසිරිය යුතු නෑ .සමහරුන් ඒ නඩු වල තීන්දු එන විදිය ද කලින් නිවේදනය කළා .අධිකරණයට ඒ විදියට නිගරු කිරීම ලොකු වරදක් .ව්‍යවස්ථාදායකය ,විධායකය ,සහ අධිකරණය යුක්තිය නම් දෙවොලේ කණු තුන ලෙසයි සැලකෙන්නේ එයින් එක් කණුවක් කඩා වැටුනොත් දෙවොලම කඩා වැටෙනවා .ඒවා ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ බලයයි .ඒ ගැන ජනතාව තුළ සැක මතු විය යුතු නෑ .එක තීන්දුවක් නිසා ආණ්ඩුවම අක්‍රීය වෙලා .

යහ පාලනයෙන් මේ රටට වුනේ බරපතල විනාශයක් .මෙයින් ගොඩ එන්න ඕනෑ .මැතිවරණයක අවශ්‍යතාවය ගැන රටේ ලොකු හඩක් මතු වෙලා .

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේ මැතිවරණ තිබුනේ නියමිත කාලයටත් කලින් . මැතිවරණ වලින් තමයි ප්‍රජාතන්ත්‍රවාදයට ජීවය ලැබෙන්නේ .

පළාත් සභා 6ක් විසිරිලා දැන් කලක් ගත වෙලා .උතුරේ ප්‍රශ්නයට විසදුමක් හැටියට ගෙන ආ පළාත් සභා අද චන්ද නැතිව අක්‍රීයයි .දෙමල සන්ධානය ඒ ගැන කතා නෑ .ඒ අයට පළාත් සභා ඕනෑ නැත්නම් පළාත් සභා අහෝසි කරන්න කියල පොදු ජන මතයක් එන්න පුලුවන් .ගමට බලය දෙන ක්‍රමයක් ඕන කියාවි .දෙමළ සන්ධානයට තමන්ගේ ජනතාවගේ ජිවන තත්වය නගා සිටුවන්න වුවමනා නෑ .ඒ අය එකතු වී සිටින්නේ ප්‍රතිගාමී බලවේග සමගයි .මේවා පරාජය කරන්න නම් ජාති ආගම් භේද ඉවත දා සියලු දේශප්‍රේමින් එක් පෙරමුණකට එක් විය යුතු වෙනවා .

news

16,334 Viewers

3 Comments to “දෙමල සන්ධානයට පළාත් සභා එපා වෙලා.. අහෝසි කරන්න යෝජනා කරයි..”

  1. Gobrial says:

    If the TNA want to abolish PCs that is a very good development. Lets repeal the 13th Amendment now along with the 17th and 19th Amendments.

  2. දෙමල සංවිධානය පෙනී හිටින්නේ දෙමල ජනතාවගේ ගැටලු නිරාකරණය කරන්න නෙවෙයි,තමිල්නාඩුවේ පදේට නටන්න,මෙයාලට ඔීන වෙනම රාජ්‍යක්

  3. යුක්තියට විරුද්දව හැමදාම වැඩකලේ unp පාලකයන් වන අතර මෙවරද ඔවුන් සුපුරුදු පරිදි එයම කළා . මැතිතුමනි

Leave a Comment