දෙමල සන්ධානයත් බෙදේ.. EPRLF තනිව එයි..

November 5, 2017 at 12:40 pm | lanka C news
දෙමල සන්ධානයත් බෙදේ.. EPRLF තනිව එයි..

එලඹෙන පලාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය පක්ෂයෙන් ඉවත්ව තනිවම තරග කරන බවට දැනුම් දී ඇතයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ එලඹෙන පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් හා ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 04 වනදා සවස යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී පැවති අවස්ථාවට සහභාගි වීමෙන් පසුව මාධ්‍යට අදහස් පලකල අවස්ථාවේදීය.

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් පසුගිය මැතිවරණයේදී මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට අපොහොසත් වු අතර ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය සමග පසුගිය කාලයේ ඇති වූ ගැටීම් හේතුවෙන් එම පක්ෂය සමග එකට එක්ව දෙමළ ජාතික සන්ධානයෙන් පලාත් පලාන මැතිවරණයට තරග කිරීමට නොහැකි බවට ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය විසින් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී ඇත.

එහිදී සුමන්තිරන් මන්ත්‍රී වරයා මාධ්‍යෙව්දීන් අමතා වැඩිදුරටත් කියා සිටියේ,

‘අද අපේ පක්ෂය කැඳව්වේ ප්‍රධාන වශයෙන්ම ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ අවසන් තීරණය දැනගැනීමටයි නමුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සමග එක්ව පලාත් පාලන මැතිවරණයට තරග කරනවානම් තවමත් කාලය තියනවා යම් හෙයකින් ඔවුන් තනිව තරග කරනවානම් ඒ සඳහාත් ඔවුන්ට පූර්ණ අයිතිය තියනවා.

අදාල සකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වූ ටෙලේ, ප්ලොට් , ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ නියොජිතයින් පැමිණි අතර ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,045 Viewers
Main News