දෙමල සන්ධානය කොටි මහවිරු සමරුවට සැරසේ… කිලිනොච්චියේ කොටි සොහොන් සුද්ද කරයි..

November 6, 2018 at 5:30 pm | lanka C news
දෙමල සන්ධානය කොටි මහවිරු සමරුවට සැරසේ… කිලිනොච්චියේ කොටි සොහොන් සුද්ද කරයි..

නොවැම්බර් මස  27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා කිලිනොච්චිය හා මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ මහවිරු සුසාන භූමී සුද්ද කිරීමේ මේ දිනයන්හි ආරම්භ කොට ඇත.

මෙවරද මහවිරු දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහය ඇතිව කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ සහ මුලතිව් මුල්ලිවයික්කාල් මහවිරු සුසාන භූමිවල සූදානම් කරමින් පවති.

මේ අනුව මහවිරු දිනයට සමගාමීව නොවැම්බර් 21 වනදා සිට උතුරු පලාතේ මහවිරු සතිය වශයෙන් සතියක කාලයක් මිය ගිය මහවිරුවන් වෙනුවෙන් පහන් දල්වන ලෙසට දෙමළ ජාතික සන්ධානය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

නොවැම්බර් මස 26 වෙනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී ඇති අතර මහවිරු දිනය සැමරෙන්නේ නොවැම්බර් මස 27 වෙනිදාය.

මියගිය පිරිසක් සැමරීමට සියළු දෙනාටම මිනිසුන් වශයෙන් අයිතියක් ඇති නිසා මහවිරු සොහොන් බිම් සුද්ධ පවිත්‍ර කොට ලබන 27 දා මහවිරුවන් සිහිකොට පහන් දල්වන මෙන් දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා කිලිනොච්චියේ ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

මහවිරු සැමරුමේ පුධාන සැමරුම කිළිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී මීට පෙර පැවති අතර මෙවරද කනකපුරම් සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීම එක් එක් පිරිස් විසින් වරින් වර සිදු කෙරෙන අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේද සහය ලැබී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,824 Viewers

14 Comments to “දෙමල සන්ධානය කොටි මහවිරු සමරුවට සැරසේ… කිලිනොච්චියේ කොටි සොහොන් සුද්ද කරයි..”

  1. Tongaa says:

    iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    ත්‍රස්තවාදයෙන් අනාතවී සිට
    දිවි බෙරාගත් උතුරේ ජනතාව
    මර උගුලකට තල්ලු කිරීමේ
    නින්දිත උත්සාහය තරයේ හෙළා දකිමු!
    iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  2. Wijebahu says:

    ane vruksa sunakayeni, thopita mahindage patthata enawanam koti wunath bohoma hondaya.

    • SUNIL says:

      අනිවා විජේබාහු, කරුනයි පිල්ලෙයානුයි මරාගෙ පැත්තට ඇවිත් දේශප්‍රේමීයො වුන එකේ ප්‍රභාකරනුත් ජීවතුන් අතර ඉඳලා මරාට සපොර්ට් කරානම් ඌත් අද දේශප්‍රේමියෙක්.

      • කිංකිණි says:

        ‍යමෙක් ඊලාම් අත හැර ඒකීය රාජ්‍යය පිලිගන්නවානම් තව දුරටත් ඒකා කොටියෙක් වෙන්නෙ නෑ බංගෝස්

    • SUNIL says:

      අනිවා විජේබාහු, කරුනයි පිල්ලෙයානුයි මරාගෙ පැත්තට ඇවිත් දේශප්‍රේමීයො වුන එකේ ප්‍රභාකරනුත් ජීවතුන් අතර ඉඳලා මරාට සපොර්ට් කරානම් ඌත් අද දේශප්‍රේමියෙක්..

  3. CAT says:

    Terrorism has no nationality or religion.
    STOP LTTE TAMIL TERRORISM IN NORTH

  4. JUDE says:

    North tamil political leaders STOP supporting LTTE tamil terrorism
    I want to say, with great humility, that terrorism is bad! It is bad in its origins and it is bad in its results. It is bad because it is born of hate, and it is bad in its results because it does not construct, it destroys! May all people understand that the path of terrorism does not help. The way of terrorism is fundamentally criminal. I pray for all these victims and for all victims of terrorism in the world. Please, no more terrorism! It is a dead-end street.” Pope Francis:

  5. දැන් අගමැති දේශප්‍රේමී බයියනෙ. අනික TNA මන්ත්‍රී කෙනෙකුත් දැන් බයියට සපෝර්ට් නෙ. දැන් මේව ජාතිවාදී නෑ.

    • KK says:

      දන් මෙව්ව ගැන බය්යොත් සද්ද නැ, මරාට කඩේ යන හොර ගනගෙඩියොත් සද්ද නැ, මරාගෙ කුණු හෝදන ජඩ මාධ්‍ය කාරයොත් සද්ද නැ

  6. OLU says:

    Everybody’s worried about stopping terrorism. Well, there’s a really easy way: stop participating in it

  7. SALMAL says:

    Terrorism is terrorism. TNA Stop Feeding LTTE Terrorism
    No tears for devil Prabhakaran & his blood thirsty terrorist organisation members … Please give Sri Lanka the credit it deserves. For the first time, in a democracy, LTTE terrorist organisation has been defeated.
    The tamil diaspora who have sent millions to fund the bloody coffers of the LTTE, have not offered a single cent in assistance for their kith and kin who fled the brutal LTTE.It has been the Sri Lanka government and ordinary Sri Lankans from all walks of life who have gathered dry rations, clothing, emergency medical aid, and other necessities to be sent to the north and east for these poor brutalized tamil people.
    The people of Sri Lanka celebrated, quite humanly so, the end of terrorism that has terrorised their very existance for over a quarter of a century. It is not a celebration to gloat over “sinhala vs tamil” win. Anyone living in Sri Lanka would know the tremendous sense of relief when hearing that the war is finally over. No one can deny them that relief and joy.
    NOW The North tamil political leaders with help of pro LTTE tamil diaspora who are trying to create communal disturbances through false propaganda..Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.

  8. LION says:

    කොටි මහවිරු සමරු සැමරීමට නව රජය ඉඩ දිය නොදිය යුතුය මෙය අපේ රණවිරුවන්ට කරන අපහාසයක් වනු ඇත

  9. cuta says:

    Still so call Koti Statues are available there ???

    No one was there to demilosh those????

  10. LION says:

    කොටි මහා වීර සැමරුමට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පවත්නා නීතිය ප්‍රමාණවත් නොවන්නේ නම් නීති සම්පාදනය කරන ලෙසත් රජයට බලකර සිටින බව ජාතික හෙළ උරුමය නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කරති.

    එසේ නොවුණහොත් කොටි ත්‍රස්‌තයන් නැවත වරක්‌ හුඹස්‌ තුළින් එළියට පැමිණෙනු ඇති බවත් ඊට ප්‍රථම රජය එය නියපොත්තෙන් කඩා ඉවත් කළ යුතුව ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

Leave a Comment

Main News