දෙරණ පිංකම පල දරයි… පෙට් ස්කෑනරය ලංකාවට ගෙනේ..

January 25, 2018 at 8:40 am | lanka C news
දෙරණ පිංකම පල දරයි… පෙට් ස්කෑනරය ලංකාවට ගෙනේ..

මහරගම අපේක්ෂා රෝහල තුල ස්ථාපිත කිරිමට නියමිත පෙට් ස්කැනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 202 ක් වැය කරමින් ජර්මනියේ “සීමන්ස්” වෙළෙද සමාගමෙන් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇත.

මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හදුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය.

යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපෙක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

“කදීජා” පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලදි.

ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ “සීමන්ස්” ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගන්නා ලදි.

– ප‍්‍රසන්න අධිකාරි

7,853 Viewers

7 Comments to “දෙරණ පිංකම පල දරයි… පෙට් ස්කෑනරය ලංකාවට ගෙනේ..”

  1. Pet says:

    දෙරනටත්, මේකට ආධාර කරපු හැමෝටමත් ස්තුතියි. කෙසේ වෙkතත් ඡන්දයක් ආපු නිසා හොඳයි. නැතිනම් රාජිත ඒකටත් අරිනව.

    • Amda says:

      මේ රටේ ආන්ඩුවක් නෑනෙ..මේව ඉතින් අපිම කරගන්න ඕනෙ

  2. shantha says:

    දෙරණ ඔබ ජාතියේම නාලිකාවයි, කඡිදා පදනමටත් පින්.

  3. siraa says:

    දතා fixed deposit එකක් දාල පොලියවත් ගත්තද මෙච්චර පරක්කු කලේ?

  4. thilak W says:

    Thambiyage pet scarner apita epa.

    Camera athi ape gahanunge heluwa balannata

Main News