දෙසැම්බරයට කලින් රාජපක්‍ෂලා හිරේ..? නැතොත් රනිල් නීතිය හමුවට..??..

July 15, 2017 at 12:16 am | lanka C news
දෙසැම්බරයට කලින් රාජපක්‍ෂලා හිරේ..? නැතොත් රනිල් නීතිය හමුවට..??..

පසුගිය දා ශ්‍රිලනිප පාර්ලිමේන්තුවේ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කලහ. එහිදි වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධව නොයෙකුත් කරුණු ඉදිරිපත් වූ අතර ප්‍රධාන මාතෘකාව වූයේ සම්මුති ආණ්ඩුවට වසර දෙක ලබන සැප්තැම්බර් මස 2වෙනිදා අවසන් වීම සමඟ ඉන් ඉවත්වීමට තීරණය කල පිරිස සන්සුන් කොට එම කාලය තවත් මාස 3 ක් දීර්ඝ කර ගැනීමයි.

ඒ අනුව සියලු කරුණු ඉතා සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා තම කණ්ඩායමන් ඉල්ලා සිටියේ මේ සිටිය ආකාරයෙන් එන දෙසැම්බර් මාසය දක්වා සිටින ලෙසයි. ඉන් අදහස් වූයේ දෙසැම්බර් මාසය වනවිට ජනාධිපතිවරයා වර්තමාන ආණ්ඩුව සම්බන්ධව වැදගත් තීරණයක් ගැනීමට බව ඒත්තු ගැන්වීමට උත්සහ ගත්තත් ප්‍රායෝගිකව එය කිරීම ඉතා අපහසු බව එයට සහභාගි වූ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු තම හිතවතුන් සමඟ පවසා ඇත.

ඔහුගේ අදහස වී ඇත්තේ දේශපාලන නායකත්වය මෙයින් බලාපොරොත්තු විය හැකි යයි සිතන ප්‍රධාන කාරණා දෙකම ජනතාව ප්‍රකෝප වන මෙන්ම රට තව දුරටත් දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමක් විය හැකිය යන්න ය.

මහා බැංකුවේ බැදුම්කර මගඩිය වෙනුවෙන් අගමැතිවරයා නීතිය හමුවට ගෙන ඒම හෝ අනවශ්‍ය ලෙස රාජපක්ෂවරු නැවත හිර ගත කිරීම ප්‍රධාන පක්ෂ දෙකේම ජනතාව මෙන්ම රටේ මධ්‍යස්ථ මතධාරීන් ආණ්ඩුව කෙරෙහි තව දුරටත් කල කිරීමක් පමණක් සිදු විය හැකි බවයි.

– FB

20,364 Viewers

10 Comments to “දෙසැම්බරයට කලින් රාජපක්‍ෂලා හිරේ..? නැතොත් රනිල් නීතිය හමුවට..??..”

  1. Sirisena Yatawara says:

    Ours national problems is that who is in jail of 70 years of political crimes done to our people?
    Two major parties out of that UNP has main accountability of political economic and social crimes in Island.
    The UNP old leader crime must be bring in court of law . But what about New UNP leader is MS?

  2. Nandasoma says:

    අගමැතිව නීතිය හමුවට ගෙනාවාම කවුරුත් කලබල වෙන්නෙ මොකටද? එයා මහ බැංකුව තමන්ගෙ හිතවතුන්ට ගසා කන්න දීල දැවැන්ත හානියක් රටටම කළ බව ඔප්පු වෙනවනෙ……

    හැබැයි මහින්ද මොනව කලාටද එයාව අත් අඩංගුවට ගන්නෙ? එහෙම උනොත් නම් ජනතාව පාරට බහී……

    • desta says:

      janatawa hemadama pare inne bus Wheel 3wheel wala carwala bahinna deyak neha lokka api parema tamai horu inna nisa Saha horunta kade yana gonna Nisa

    • Nayana says:

      hegin giwisuma saha thawath ewa aethi, eth bayawenna epa, ranil innathuru mahindawa gannewath mahinda inna thuru ranil gannewath naetha.

    • Boo says:

      බැංකුව හොරකම් කල අගමැට්ටව රිමාන්ඩ් කලොත් මිනිස්සු අනිවාර්යයෙන්ම පාරට බහිනවා, කිරිබත් කකා රතිඥ්ඥා පත්තු කරමින් සහ සතුටින් නටමින්.

  3. සිංහල බන්ඩා says:

    අැය් මේ මිනිස්සු බය්ල වලට රැවටෙන්නෙ? පඹයෙකුට කරන්න පුලුවන් බම්බුවක් නැහැ.

  4. රණහඩ says:

    රාජපක්ෂ යනු දෙවනි දුටු ගැමුණු, දුටු ගැමුණු අතීත කථාව නොදන්නවානම් එම වංශකථාව සොය ගෙන බලනු, එසේම ලෝකයේ මෙතෙක් මහජනයාට අජිරණය වුන එකම ආණ්ඩුව මේ දැනට පාලන බලයේ සිටින යක්පාලන ආණ්ඩුවයි. හොඳයි මහින්ද රාජපක්ෂ නැමැති සිංහලයේ මහා ගැලවුම් කරු පුලුවන්නම් අත්අඩංගුවට ගනු. රට ජාතිය ආගම බේරා පත් නූතන මහරජ මහින්ද රාජපක්ෂ මැතුඳුන් පමණි. මහින්ද මැතිඳුන් නුඔට දීර්ඝායුෂ…………………………………………….

  5. Alapaluwa says:

    මෙම කරුණුදෙක සංසෝධනය වියයුතුයි.
    1 රාජපක්ෂලාට නිකරුණේ හිරිහැර කිරීමෙන් වැළකීම
    2 නුපන් දරුවා පටන් දන්නා අමු දවාලේ රටේ මහා දනස්කන්ධය හොරා කැ එවුන් ඇතුළු රනිල්ව නීතියේ හමුවට ගෙන එම.මෙම කරුණු දෙක අන්වර්යේන්ම සිදුවිය යුතුයි යන මතයේ අපි සිටින්නේ.

  6. Sirisena Yatawara says:

    Ours politician and their unique class are above law of land .
    But other countries charge by political corruptions and frauds even past and present.
    Sri Lankan democracy for Members of Parliament and all ruling parties to safeguard their political interest.
    Ours democracy is confined for UNP, SLFP and JVP and TNA but not for the majority voice of people suppress by Courts of Justice?

  7. NAK says:

    What nonsense when did pacha sira take decision. He always postpone taking decision and quietly forget about. Now that poly won’t work anymore.
    Sirisena can not do anything to the CB robbers because he too is a partner in that crime.

Main News