දෙසැම්බරයේ පමණක් පරිශ්‍ර 112,238 ක් පරික්ෂාවට.. 4242 කට රතු නිවේදන..

December 30, 2016 at 2:04 am | lanka C news
දෙසැම්බරයේ පමණක් පරිශ්‍ර 112,238 ක් පරික්ෂාවට.. 4242 කට රතු නිවේදන..

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ උපදෙස් පරිදි, සෞඛ්‍ය නියෝජ්‍ය ගරු අමාත්‍ය ‘යිසල් කාසිම් මැතිතුමා ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම හා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන නිළධාරින්ගේ සහභාගීත්වයෙන් ඩෙංගු මර්දන ජනාධීපති කාර්ය සාධන බලකායේ අනුකමිටු රැස්වීමක් ‍සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්වින.

මෙහිදී දැනට ශ්‍රි ලංකාව තුළ කාළිනව ඩෙංගු රෝගයේ පැතිරිමත් ඒ සහා තුඩු දෙන සාධක පිළිබදවත් ඒ සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙලත් සමාලෝචනයට භාජනය වුණි. දිවයිනේ බස්නාහිර පළාත ඇතුලුව දිස්ත්‍රික්ක කිහිපයක ( ගාල්ල හා කල්මුණේ) ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සැළකිය යුතු මට්ටමකින් පසු ගිය සති කිහිපය තුළ දී සිදු විය. රේඛිය අමාත්‍යංශයත් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ බල ප්‍රදේශත්, අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශත්, ජනාධිපති කාර්ය සාදක බලකායේ සාමාජිකයන් වන පළාත් පාලන ආයතන, ප්‍රාදේශිය ලේකම් කාර්යාල අධ්‍යාපන කළාප හා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඒකාබද්ධව වැඩි අවධානම් ප්‍රදේශවල විශේෂ මර්දන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව සදහන් කරන ලදි. මෙහිදී පහත සදහන් කටයුතු අවධානයට යොමු විය.

01. දැනට හදුනාගත් වැඩි අවධානම් ප්‍රදේශවල ධුමායන කටයුතු සක්‍රියව සිදු කිරිම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්ට අවශ්‍ය සහය ලබා දීම
02. ජල මුලාශ්‍ර සදහා කීට නාශක යෙදිම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු හා කේෂත්‍ර කාර්ය මණ්ඩල මගින් සිදු කිරිම
03. දෙසැම්බර් මාසය තුළ පමණක් පරිශ්‍ර 112, 238 ක් පරික්ෂා කරන ලද අතර ඉන් පරිශ්‍ර 16% ක ම මදුරුවන් බෝවිය හැකි සේ පවත්වාගෙන ගොස් ඇත. ඉන් 4242 කට රතු නිවේදන නිකුත් කර ඇති අතර 939 දෙනෙකුට නඩු පවර ඇත.
04. දින දෙකක විශේෂ වැඩසටහනක් දෙසැම්බර් මස 27 හා 28 වන දිනවල බස්නාහිර පළාත, කළ්මුණේ හා ගාල්ල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරිම හා මෙමගින් වැඩි අවධනාම් කළාප වල සියලු පාසල් පරික්ෂා කොට මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරිමට කටයුතු කිරිම
05. අධ්‍යාපන අමාත්‍යංශය මගින් දෙසැම්බර් මස 30 හා 31 වන දින දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පාසල් පරික්ෂා කිරිමේ වැඩසටහනක් සංවිධානය කර තිබීම
06. ප්‍රජා සහභාගිත්වය වැඩි දියුණු කර ගැනීම සදහා ක්‍රිඩා සමාජ, යෞවන සමාජ, ස්වෙච්ජා කණ්ඩායම් සමග පොදු ස්ථාන හා වැඩි අවධානම් ස්ථානවල බෝවන ස්ථාන ඉවත් කිරිමේ කටයුතුවල නියලිම
07. මදුරුවන් බෝවිය හැකි ස්ථාන සදහා රතු නිවේදන නිකුත් කිරිමත්, නොසැලිකිළිමත් ලෙස පවත්වාගෙන යන ස්ථාන සදහා නීතිමය පියවර ගැනීමත් සිදු කිරිම ශක්තිමත් කිරිම සදහා මදුරුවන් බෝවිම වැලැක්වීමේ පනත සංශෝධනයට කටයුතු කිරිම.

තව දුරටත් මෙහිදි සාකච්ජා වු විශේෂ කරුණු අතර පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කර ඇති කැළි කසල එකතු කිරිමේ හා බැහැර කිරිමේ ක්‍රමවේදය ශක්තිමත් කළ යුතු බවද ඒ සදහා ප්‍රජා දායකත්වය සක්‍රියව ලබා දීම මගින් ඩෙංගු බෝවන ස්ථාන සැළකිය යුතු ලෙස අඩු කල හැකි බව අවධාරනය කරන ලදි. තවද වෙරළ ආශ්‍රිතව අත්හැර දමන ලද ධිවර බෝට්ටු ඩෙංගු බෝවීම සම්බන්ධව බරපතල ගැටඑක් බවට ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇති කර ඇති බවද සාකච්ජා කරන ලදි. එමෙන්ම පාසල් හා රජයේ ආයතන වල ඩෙංගු බෝවන ස්ථාන නිරික්ෂණය හා ඉවත් කිරිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරිමේ අවශ්‍යතාවය ද අවධාරනය කරන ලදි.

කඩින් කඩ වැසි සහිත කාළගුණය තවදුරටත් පැවතිය හැකි නිසා ප්‍රජාව තම නිවස, රාජකාරි ස්ථානය හා දරුවන්ගේ පාසල් පිළිබදව නිරන්තර සෝදිසියෙන් සක්‍රියව දායක වීම වැදගත් වේ.

තවද උණ තත්වයක් පවතීනම් ළගම ඇති රෝහල වෙත යොමු වී එම තත්වය පරික්ෂා කර ගැනිමෙන් ඩෙංගු රක්තපාතය මෙමගින් හදුනා ගැනීමටත් සංකූලතා වළක්වා ගැනිමටත් හැකිවේ.

– නිපුන් ඒකනායක

729 Viewers
Main News