දේශද්‍රෝහී එජාප නැට්ටේ එල්ලුන ශ‍්‍රීලනිපයත් දේශදෙ‍්‍රා්හී වෙන්න ඉතා ආසන්නයි..

July 16, 2017 at 3:00 pm | lanka C news
දේශද්‍රෝහී එජාප නැට්ටේ එල්ලුන ශ‍්‍රීලනිපයත් දේශදෙ‍්‍රා්හී වෙන්න ඉතා ආසන්නයි..

රටත් පක්ෂයත් ආරක්ෂා කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ නායකයා කළ යුත්තේ ආණ්ඩුවෙන් එළියට බසින්නට සූදානම් මැති ඇමැතිවරුන් ශක්තිමත් කෙට ආශිර්වාද කිරීම මිස ඔවුන් අධෛර්යමත් කිරීම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා කළේය.

මෙ උදා වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මර උගුලෙන් රට බේරා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව බව පැවසූ මන්ත්‍රීවරයා සදාකල් එ. ජා. පයේ ඉඳුල් කකා පිළිකන්නේ ලගිනවාද එසේත් නැත්නම් රටත් ජාතියත් වෙනුවෙන් ආණ්ඩුවෙන් එළියට බැස නව ආණ්ඩුවකට පෙළගැසෙනවා ද යන්න නිදහස් පකෂයේ ඇමැතිවරන් තීරණය කළ යුතු බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවකට උඩුගම්පොළ දී එක්වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත්මෙසේ ද ප්‍රකාශ කළේය.

ලොකු ලොකු කතා කියාගෙන බලයට ආපු ආණ්ඩුව දැන් රටටම එපාවෙලා ඉවරයි. අද රට පුරාම ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා රටට ආදරය කරන අලුත් ආණ්ඩුවක් අද හෙටම බිහිවෙයි කියලා. හැමකෙනාගෙම හිතේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ අමන ආණ්ඩුව ගෙදර යවලා ආයෙත් මේ රටේ පාලනය භාර ගනියි කියලා.

එදා ජනවාරි මාසේ අටවැනි දා මහින්ද මහත්තයාට විරුද්ධව ඡන්දය දීපු ලක්ෂ 62ක ජනතාව දැන් කම්පා වෙනවා අපොයි කරගත්ත විනාශයක් කියලා. එදා ප්‍රභාකරන් කියන මිනීමරු ත්‍රස්තවාදියාට එරෙහිව රටක් විදියට එඩිතරව පපුව ඉස්සරහට දාගෙන ගිය අපිට දැන් ඩෙංගු මදුරුවාටත් බයේ හැංගෙන්න වෙලා තියෙනවා නේද කියලා මිනිස්සු කල්පනා කරනවා.

බොරු පොරොන්දුවලින් බලය ඩැහැගත්ත මේ පරගැති ආණ්ඩුවේ ඇමැතිවරුන් දැක්කාම ජනතාව ගහන්න එලවන එක පුදුමයක් නෙමෙයි. මේ ආණ්ඩුවෙ ඉන්න තරමක ඉන්නේ වැඩ බැරි ටාසන්ලා. මාධ්‍ය ඉස්සරහට ඇවිත් බොර කයිවාරු ගහන ඇමැතියලාට ආමත්‍යාංශයක වැඩ කරගෙන යන්න තේරෙන්නේ නැහැ. ජනතාවගේ දුක නොතේරෙන මේ වගෙ ආණ්ඩුවකින් රටකට ඇති වැඩක් නැහැ.

රට පුරාම ඇති වීගෙන යන ආණ්ඩු විරෝධී කැරැල්ල අද ආණ්ඩුව ඇතුළටත් කාන්දු වෙලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් දැන් ආණ්ඩුවෙන් එළියට බහින්න ලැහැස්ති වෙලා ඉන්නවා. මේ කැරැල්ලට බය වෙච්ච ආණ්ඩුව ඒක මර්දනය කරන්න නොයෙකුත් සැලසුම් හදනවා. ආණ්ඩුවට ඕනේ කොහොම හරි බලයේ ඉන්නයි.

ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා අඩුගාණේ දෙසැම්බර් වෙනකම්වත් ආණ්ඩුවේ ඉන්න කියලා. ජනාධිපතිවරයාට නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වුවමනාවක් නැහැ. එහෙම වුවමනාවක් තියෙනවා නම් ජනාධිපතිවරයා කරන්න ඕනේ නිදහස් පකෂයේ මන්ත්‍රීවරුන්ට නිදහසේ තීන්දුවක් ගන්න ඉඩ දෙන එකයි. පක්ෂයේ නම නිදහස් පක්ෂය වුණාට මන්ත්‍රීවරුන්ට නිදහසේ තීන්දුවක් ගන්න ඉඩක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවදාවත් රට, ජාතිය, ආගම ගැන හිතපු පක්ෂයක් නෙමෙයි. දේශද්‍රෝහී වැඩ කරන එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලපු නිදහස් පක්ෂයටත් අද ඒ හංවඩුව වැදීගෙන එනවා. මේ ආණ්ඩුවෙ ඉන්න ඇමැතිවරුන් කණ්ඩායමක් ආණ්ඩුවෙන එළියට බහින්න ලැහැස්ති වෙන්නේ අන්න ඒකට විරෝධය පාලයි. හදවතට එකඟව ඒ අයට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.

ආණ්ඩුවෙ හිටියට නිදහස් පක්ෂයේ හැම මන්ත්‍රීවරයෙක්ම දන්නවා තමන් එ. ජා. ප පිළිකන්නෙ ලගින එකට ජනතාව විරුද්ධයි කියලා. හැබැයි ජනාධිපතිවරයා කියන්නෙ ජාතික ආණ්ඩු ගිවිසුම තවත් දිගු කරගෙන මේ පිළිකන්නෙ ලගිමු කියලයි. පක්ෂයට සැබෑ ආදරයක තියෙන නායකයෙක් නම් කරන්න ඕනෙ මේ කැරැල්ලට සූදානම් වෙන මන්ත්‍රීවරුන්ට සුබපතන එකයි.

එක්සත් ජාතික පක්ෂයේ මර උගුලෙන රට නිදහස් කරලා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක හදන්න ශක්තිය දෙන එක තමයි නිදහස් පක්ෂයේ නායකයාගේ යුතුකම වෙන්න ඕනේ. හැබැයි මේ නායකයා කැමැති එ. ජා. පයේ ඉඳුල් කකා ඉන්න පක්ෂයකට මිසක් රටේ පාලන බලය අතට ගන්න පක්ෂයකට නෙමෙයි කියන එක තමයි මේ දවස්වල කියන කතා ඇහුවාම අපට තේරුම් යන්නේ.

ජනාධිපතිවරයා දෙසැම්බර් වෙනකම් ආණ්ඩුවෙන් යන්න එපා කියලා මේ ඇමැතිවරුන්ට කියන්නේ එයා හිතනවා ඇති දෙසැම්බර් වෙද්දි මහින්ද මහත්තයාට රටේ තියෙන කැමැත්ත නැති වෙයි කියලා. සමහරවිට බොරු චෝදනා එල්ල කරලා මහින්ද මහත්තයා ඇතුළු අපි කණ්ඩායම දුර්වල කරලා තවදුරටත් ආණ්ඩුව කරගෙන යන්න මේ අය සැලසුම් කරනවා ඇති.

එහෙම දෙයක් නැත්නම් ජනාධිපතිවරයා දැන්වත් නිදහස් පක්ෂයට මේ රට භාර දියයුතුයි. රටේ ජනතාව ගැන හිතන්නෙ නැති මේ අගමැතිවරයා එලවලා දාලා මහින්ද රාජපකෂ මහතාගෙ නායකත්වයෙන යුත් ආණ්ඩුවක මේ රටේ ගොඩනැගිය යුතුයි. එහෙම නොවුණොත් නිදහස් පක්ෂය දියවෙලා යන එක නතර කරන්න බැහැ. නිදහස් පකෂයේ විනාශය තවත් ඉක්මන් වේවි.

අපට දැන ගන්න ලැබිලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂය මේ ගහ හොලවලා තියෙන කොට තවත් සමහර කණ්ඩායම් ගෙඩි අහුල ගන්න ලැහැස්ති වෙනවා කියලා. ඒවට අපි ඉඩ තියන්නෙ නැහැ. මේ ආණඩුව එලවලා හදන ආණ්ඩුව අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ කියන ජනතා නායකයාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුවක් විය යුතුයි. වෙනත් කෙනෙක්ගෙන් අපට වැඩක නැහැ.

නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා තමන ගත්තු තීන්දුව මොනම ආකාරයකටත් වෙනස් කරන්න එපයි කියලා. මොකද එහෙම වුණොත් රටත් පක්ෂයත් බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාවත් නැතිවෙයි. මේ උදාවෙලා තියෙන්නනේ තීරණාත්මක අවස්ථාවක්. ඒ අවස්තාව නැති කරගෙන රට පාවාදෙන්න ලැහැස්ති වෙන්න එපා.

6,035 Viewers

3 Comments to “දේශද්‍රෝහී එජාප නැට්ටේ එල්ලුන ශ‍්‍රීලනිපයත් දේශදෙ‍්‍රා්හී වෙන්න ඉතා ආසන්නයි..”

  1. Wijebahu says:

    Ane me mole nathi pus oora kiyana eva kawda ganan ganne.

  2. uma says:

    hora nayata kahinawa topi hirageta yana kale enawamai

Leave a Comment

Main News