දේශපාලන අදෝනා රටම අවුල් ජාලාවක්‌ කරලා.. පැසුණු බුද්ධියකින් තොර දේශපාලකයන් බලය හෙබවීම තරම් භයානක තවත් දෙයක්‌ නෑ..

April 10, 2018 at 5:30 pm | lanka C news
දේශපාලන අදෝනා රටම අවුල් ජාලාවක්‌ කරලා.. පැසුණු බුද්ධියකින් තොර දේශපාලකයන් බලය හෙබවීම තරම් භයානක තවත් දෙයක්‌ නෑ..

පැසුණු බුද්ධියකින් තොර දේශපාලකයන් අතට බලය යැම තරම් භයානක තවත් දෙයක්‌ නැති බවත් එවැනි පරිසරයක දැහැමි සමාජයක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ දැරීම බරපතළ අභියෝගයක්‌ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ මහතා පැවසීය.

ගුණ දහමින් පිරි දරු පරපුරක්‌ බිහිකර ගැනීම අද වනවිට බරපතළ අභියෝගයක්‌ වී ඇති බව කී ඒ මහතා සමාජයේ බොහෝ ප්‍රශ්න දේශපාලන අදෝනාවලින් වැසී ගොස්‌ රටම අවුල් ජාලාවක්‌ වී ඇති බවත් සඳහන් කළේය.

හෙට්‌ටිගේ මහතා එසේ සඳහන් කළේ දෙණියාය සුමන ධර්ම දහම් පාසලේ පැවති වාර්ෂික තෑගි සහ සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද කීය.

“දහම් අධ්‍යාපනයේ වටිනාකම බොහෝ දෙනෙක්‌ කතා කරනවා. දහම් පාසල් පවත්වා ගෙන යැමට සිදුවී තිබෙන්නේ බොහෝ දුෂ්කරතා මැද. අපේ හාමුදුරුවන් වහන්සේලා, ගුරුවරුන් කරන්නේ ලොකු කැප කිරීමක්‌. දරුවන් යහ මඟට ගන්න අද විශාල කැපවීමක්‌ කරන්න සිදුවෙලා. දෙමවුපියන් මේ සඳහා ශක්‌තිය දෙන්න ඕන. දරුවන්ට ගොඩනැඟෙන්න සුදුසු පරිසරයක්‌ තිබිය යුතු සේම. යහපත් අයගේ ඇසුර ද අවශ්‍ය වෙනවා රටේ පරමාදර්ශී චරිත පේන්න තිබෙන්නේ ඉතාම අඩුවෙන්. ජන සමාජයක යහපත් සිතුවිලි මතුවෙන්න ඉහළ තැන්වල හැසිරීම බලපානවා. රටේ දේශපාලන යාන්ත්‍රණය අද විකාරයක්‌. පාලනයක්‌ නැති රටක දේශපාලකයන්ගේ අවිචාරවත් හැසිරීම දරුවන්ටත් බලපානවා. බලය අරන් දේශපාලකයන් පිස්‌සු නටනවා නම් එහි වගකීම ඔවුන්ට ඡන්දය දුන් අය ද භාර ගන්න වෙනවා.

රටේ හැම පැත්තක්‌ම කඩාගෙන වැටීලා. අපේ උතුම් රට අරමුණක්‌ දැක්‌මක්‌ නැති දේශපාලකයන් විසින් දවසින් දවස කෙළසනවා. අනාගත පරපුර මේ ගෙන යන්නේ කොතනටද? දරුවන්ගේ අනාගතයට වඩා තමන්ගේ පැවැත්මට දේශපාලකයන් වැඩ කරන බව පේනවා. බෞද්ධ සංස්‌කෘතිය සැලසුම් සහගතව විනාශ කරන්න පටන් අරන්. භික්‌ෂුන් වහන්සේලා හිරගත කළා. කොටින්ගෙන් රට බේරා ගෙන හැම දෙනාටම නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු රණවිරුවන්ට හිංසා පීඩා කළා… රටට තිබුණ වීරත්වයට අභිමානයට හානි කළා. අපි දැන් ලෝකය හමුවේ දීන ජාතියක්‌ බවට පත්වෙලා. ආගම දහමින් ඈත් වන සමාජයක සිතුවිලි දරුණු වෙනවා. දයාව, කරුණාව බොහෝ දෙනාගෙන් වියෑකී යැමට පටන් අරන්. හොඳ මිනිස්‌සු හඳුනාගන්න නොහැකි වීමෙන් අපට ලොකු හානි ඇති වෙන්න පුළුවන්.

අද බොහෝ දරුවන් ස්‌වභාවික පරිසරයෙන් ඈත් වෙලා. ඒ වෙනුවට ඉලෙක්‌ට්‍රොනික්‌ පරිසරය ආදේශ කරගෙන. මෙය දරුවන්ගේ මනසට බරපතළ ලෙස බලපාන බව වෛද්‍ය මතයයි. මේවා ගැන පාලකයන්ට කිසිම හැඟීමක්‌ නෑ. මෙවැනි වට පිටාවක්‌ මැද දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය අගය කරන්න ඕනෑ. මනස පාවෙන අයිස්‌ කුට්‌ටියකට සමාන බව සිග්මන් ප්‍රොයිඩ් පෙන්වා දුන්නා. මතු පිටට පේන්නේ 25%.. මේ සංකීර්ණ මනස තේරුම් ගෙන ගුරුවරයා ළමයා සමඟ හැසිරෙන්න ඕනෑ. ආදරය, කරුණාව මිනිස්‌ සිත් සතන් තුළ ජනිත වෙන්න ඕනෑ. ආත්මාර්ථකාමී හැඟීම් නිසා සිදු වන්නේ අයහපතක්‌. බුදු දහමේ පදනම පරාර්ථයයි. මිනිස්‌ වර්ගයාගේ උන්නතිය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. එවිට චරිතය බැබළෙනවා. චරිතයක්‌ බැබළෙන්නේ ප්‍රඥාවෙන්, දැනුමෙන්, කුසලතාවෙන්. සමහරුන්ට ඇත්තේ උපත සහ විපත පමණි. පැසුණු බුද්ධියක්‌ නැති අයට බලය යැම තරම් භයානක තවත් දෙයක්‌ නෑ. එවැනි පරිසරයක්‌ තුළ දැහැමි සමාජයක්‌ ගොඩනඟා ගන්න යැමත් අරුත් සුන් වෙනවා .එසේ වුවත් තවදුරටත් මේ විදියට රට ගෙන යන්න ඉඩ දිය යුතු නෑ. රටට ආදරේ සියලු දෙනා අප්‍රමාදව පෙළ ගැසිය යුතු වෙනවා.

කොටපොල ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ සභාපති බුත්ගමුවේ සිරි සුමන, කොටපොල ශාසනාරක්‌ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී තලංගල්ලේ පුන්ඥසාර, කීරිපිටියේ සේනානන්ද, ඇරා පෝරුවේ ධම්මසිරි හිමි යන ස්‌වාමින්වහන්සේලා ද ප්‍රධානාචාර්ය සී. එච්. විෙ-රත්න මහතා ද මෙහිදී කතා කළහ.

දකුණු පළාත් ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වර්නන් පෙරේරා, කොටපොල විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපති බන්දු රණවක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදාර යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. දරු දැරියන්ට ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග සහ සහතික පත් පිරිනැමිණි.

– Divaina

20,349 Viewers

6 Comments to “දේශපාලන අදෝනා රටම අවුල් ජාලාවක්‌ කරලා.. පැසුණු බුද්ධියකින් තොර දේශපාලකයන් බලය හෙබවීම තරම් භයානක තවත් දෙයක්‌ නෑ..”

  1. Aurora says:

    සමහරුන්ට තමුන්ගේ උපතත් විපතත් අතරදී මුළු රටක්ම විපතට හෙලා එය නොපෙනෙනා සේ බරසාර කතා දෙසමින් සිටිය හැකිය. ඔවුන් දරනුලබන සම්භාව්‍ය තනතුරු වල පිහිටෙන් පඬි කථා කියුවද බලය අහිමිවූ කලට මැන්චෝසන්ගේ කථා සේ වනු ඇත.

  2. CHAMINDA -SADA says:

    YOU ARE 100% CORRECT. THANK YOU FOR YOUR THOUGHTS,

    • Rupa says:

      ස්තුති කරන්න ඔන නෑ. මෙයාට මේක තේරෙන්න අවුරුදු තුනක් ගියා. ලක්ශ 58කට, 2015 මේ මේ අමන රජය එන්න කලිම්ම මේ විනාශය තේරුනා. ලක්ශ 62ක ට එක්වුනු හොරු, තක්කඩි සහ ගොන් නු , ඒවගේම යහපාලනේ කියන වචනෙට රැවටුනු අහින්සකයෝ මේකට කැමති උනා.

  3. Nandasoma Suriyaarachchi says:

    අද වනවිට, බොරුව මගින් රටම ග්‍රහණය කොට ගෙන ඇත….
    ඇත්තක් කියන කෙනෙකුන් වුවද, කිසිවකු විශ්වාස නොකරන තරමටම බොරුව රජවී ඇත….

    භයානකම කරුණ නම්, පාර්ලිමේන්තුව මෙන්මඅධිකරණය හෙවත් නීතියේ ආධිපත්‍යයද බොරුවෙන් යටපත් වීමයි….

    දේශපාලඥයන් පාර්ලිමේන්තුව තුළදීද නිර්ලජ්ජිතව බොරු කීමට කිසිදු පැකිලීමක් නොදක්වයි…..

    කිසියම් චෝදනාවකට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ප්‍රතිවිරුද්ධ අදහස් දරණ පුද්ගලයන් වැරදිවලට සම්බන්ධ යැයි ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට බලපෑම් කිරීම, බොරු වාර්තා ඉදිරිපත් කොට පුද්ගලයන් අනවශ්‍ය පරිදි රිමාන්ඩ් කර තිබිම, පොලීසියෙන් පමණක් නොව, නීතිපති දෙපාර්තමේන්තුවද මෙම බොරුව නීතිගත කිරීමේ ක්‍රියාවට සම්බන්ධව ඇත…

    සමස්ත රටම, සමාජයම බොරුවෙන් ව්‍යාකූල තත්වයකට ඇද වැටී ඇත….. මෙය දැඩි සමාජ ව්‍යසනයක පෙර නිමිති බවට පත්ව ඇත….. දේශය පාලනය කරණ ඇත්තන් මෙම තත්වයට සෘජුවම වග කිව යුතුය…..
    ඉක්මනින්ම මෙම තත්වය වෙනස් නොවුවහොත් සමස්ත සමාජයම ගොඩගත නොහැකි අඝාධයකට ඇද වැටීම වැලැක්විය නොහැක….

  4. නිදහස් says:

    අතිතයෙදි රට බේරගන්න මුල්තැන ගත්තෙ බෞද්ධ නායකයො. දැන් මොද වෙලා තියෙන්නෙ. චිවරය පොරවගෙන දේශපාලඥයින්ගෙ පස්සෙන් වැද වැටි තමන්ගෙ සුඛවිහරණයට හම්බකරනව. අපේ සමහර නායක හාමුදුරුවරු මේව නොදැක්කවගේ බලාගෙන ඉන්නව. ඇයි මේව නවත්වන්න, රට රැකගන්න පෙරට එන්නබැරි.

  5. adrian says:

    I saw with my own eyes, about 8 Buddhist monks in the business class lounge at Katunayake airport. How does travelling by business class go with majjima pathipadaa?
    if an economy class ticket costs around $600, a business class ticket costs around $ 3500.
    How rich are these monks ?
    This is the example set by Malwatte Mahanayake and atamasthanadhipathy

Leave a Comment

Main News