දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු..- උතුර පුරා විරෝධතා

October 9, 2017 at 5:30 pm | lanka C news
දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු..- උතුර පුරා විරෝධතා

දැනට අත්අඩංගුවේ පසුවන චෝදනා ලැබ හා නොලැබ සිටින සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව රජයට බල කරමින් අද (09) උතුරේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ සංවිධානය කොට තිබුනේය.

දේශපාලන සිරකරුවන් මුදවාගැනීමේ ජාතික වයාපාරය විසින් මෙම උද්ඝෝසණ සංවිධානය කොට තිබූ අතර යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටත් වව්නියාව බස්නැවතුම්පල අසලත් සංවිධාානය කොට තිබුනු අතර මේ සඳහා සිරගතව සිටින සිරකරුවන්ගේ ඥාතීන් රැසක්ද සහභාගී වී සිටියහ.

මෙහිදී දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා කියා සිටියේ,මේ වන විට නඩු පැවරූ හා කිසිම නඩුවක් නොමැතිව 160 දෙනෙකු පමණ සිරගතව සිටිනවා මේ අය අවුරුදු ගාණක් සිරගතව දුක් විඳිනවා

ඒ වගේම තමයි මේ සිරගතව සිටින වැඩි දෙනා මුල් කාලයේ සිටියේ වව්නියාව බන්ධනාගාරයේ නමුත් දැන් විවිධ බන්ධනාගාර වල මේ අයට නඩු පැටවීමේදී වුවද විවිධ භාෂා ප්‍රශ්න මතුවනවා මේ නිසා මේ අය ඉතා ඉක්මනින් නැවත වව්නියාව බන්ධනාගාරයටම රැගෙන ආ යුතුයි ඒ අතරම මේ පිරිස් වල පොදු සමාව දිය යුතු කාලය ඕනවටත් වඩා ප්‍රමාද වෙලා ජනතා විමුක්ති පෙරමුණට අවස්ථා කිහිපයකදී පොදු සමාවක් දුන්නනම් ඇයි මේ අයට පොදු සමාවක් දෙන්න රජය පියවර ගන්නේ නැත්තේ.

මේ වෙන කොට සිරකරුවන් කිහිප දෙනෙකු උපවාසයන් ආරම්භ කරලා නමුත් කිසිම කෙනෙක් මේ අය වෙනුවෙන් වගකීමක් ගන්නැහැ මේ අය කොන්දේසී විරහිතව නිදහස් කිරීමට රජය ඉක්මන් පියව නොගන්නේ නම් උතුරෙන් දැඩි බලපෑමක් සිදු කරන්න පසුබට වෙන්නේත් නැහැ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,031 Viewers

9 Comments to “දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු..- උතුර පුරා විරෝධතා”

  1. SALMAL says:

    There are no political prisoners in the country’s prisons … LTTE terrorists are not political prisoners they were terrorists

  2. Mahasona says:

    උද්ඝෝෂණ කරන දෙමළ කොටි ත්‍රස්තවාදී සංවිධාන අයත් පුද්ගලයින් ගේ ප්‍රජා අයිතිය අහෝසිකර වහාම අපේ රටින් පිටුවහල් කරණු (තැමිල් නාඩුවට)
    මිනීමරු ත්‍රස්තවාදීන්ට නිදහස් දීම අපේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමකි ..මේ LTTE ත්‍රස්තවාදීන් නිදහස් නොකරනු

  3. love nature says:

    කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු දේශපාලන සිරකරුවන් අපේ රටේ සිරගෙවල් වල නැත ..ඉන්නේ දරුණු කොටි අපරාධකාරයන් පමණි
    දෙමළ මිනීමරු මෙලෙච්චේද දරුණු කොටි ත්‍රස්තවාදීන්ට නිදහස නොදෙනු …ලෝකයේ කුමන රටේද මිනීමරු ත්‍රස්තවාදීන්ට නිදහස දී තිබෙන්නේ ?
    මේ උද්ගෝෂණ කරන දෙමල ජාතිවාදී වහාම අත්අඩංගුවට ගත යුතුයි

  4. JOY says:

    The prisoners are ones who are held for aiding and abetting the activities of LTTE terrorists.
    They are not political prisoners
    Go to hell racist Tamil Tiger supporters ….

  5. CAT says:

    Why not arrest these racist Tamil tigers ….Why waiting ? President Sirisena are you sleeping ?Open your eyes
    Tell Thirupathi God to take back all Tamils to South India …We need to live in peace …..

  6. Saradiel says:

    The Catholic Church why to asking bloodthirsty terrorist to release .. what a shame ?
    . Rev. Fr. Shakthivel shame on you …Supporting to Tamil LTTE terrorism

  7. Vasana says:

    එම්.ශක්තිවේල් කොටි පියතුමා වහාම අත්අඩංගුවට ගත යුතුයි …මිනීමරු අපරාධකාරයන් නිදහස් කිරීමට බල කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද ?

  8. Dickie Bird says:

    Is there nobody prepared to fast onto death in the north?

    Why don’t you all find sick persons like Thileepan try a fast onto death or get Wiggie to do one.

    • john the baptice says:

      වසර 30 මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදයෙන් රට ජාතිය බේරාගත් අපේ රණවිරුවන්ට බොරු චෝදනා කරමින් සිරගෙට පෝරකේට යවමින් දරුණු කොටි නිදහස් කල වත් මන් ආණ්ඩුවට තවත් බලකරන්නේ සිරගෙවල සිටින දරුණුම මිනීමරු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීමටද ?
      උතුරේ දෙමළ කතෝලික සභාවට ලජ්ජා නැද්ද මෙවැනි ඉල්ලීම් කරමින් දෙමළ ජනතාව නොමග යැවීමට ….සාතන් එමානුවෙල් කොටි පියතුමා ලංකාවට පැමිණි පසු තමයි නැවත කොටි ත්‍රස්තවාදීන් උද්ගෝෂණ කරන්නේ ..මෙහි යටි අරමුණ ඊළම ට පාර කැපීමයි
      අපේ රටේ දේශපාලන දෙමල සිරකරුවන් නැත.. සිරකර සිටින්නේ දහස් ගණන් මිනීමරු LTTE ත්‍රස්තවාදීන් පමණි ….
      LTTE මිනීමරුවන් නිදහස් කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතුයි …..අපේ සිංහල කතෝලික සභාව මේ සම්බන්දව මුනිවත රකින්නේ මන්ද ?

Leave a Comment

Main News